Oct
9

කො විඩි වලින් දැන් අපි නිදහස්ද?

 
619 Views
   
 

1) කොවිඩි වලින් දැන් අපි නිදහස්ද? නැ ත… ලංකාවෙි පවතින ඩෙල්ටා ප්‍රභේදය නිසා තවමත් දිනකට ම රණ 40 කට වැඩියෙන් වාර්තා වෙනවා.. රට ඇරලා තියෙනකොට කරන වැරදි වල ප්‍රතිඵල තව සති දෙකකින් දැනගන්නට පුළුවන්. සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකලොත් රට යලිත් වහන්න වෙිවී. වෛද්‍ය හේමන්ත හේරත්.

2) රෝගීන් අඩුවෙලාද? නිවෙස්වල ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් ගනන ඔක් 06 දක්වා ලියාපදිංචිවී තිබුනේ 91745 වශයෙනි.. එය දැන් 5628 ක් දක්වාම අඩුවෙලා 84344 ක් පමන නිවෙස්වලදීම සුවවෙලා, ලොකු ජයග්‍රහණයක්.
ඔවුන්ගෙන් රෝහල්ගත කරලා තියෙන්නේ 1330 පමනයි. වෛද්‍ය මල්කාන්තී ගල්හේන. මෙම නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය ලෝක සෞඛ්‍ය  සංවිධානය පැසසුමට ලක්කලේ එහි ඉමහත් සාර්ථක බව නිසයි.

3) එන්නත්කරනය සාර්ථකද? ඔවි,  අතිශයින්ම ලෝකයේ බලවත් රාජ්‍යයන් මටිටමටම සාර්ථකයි. මෙිවනවිට මිලියන 12 ඉක්මවා එන්නත් දෙකම ලබාදීලා තියෙනවා ප්‍රතිශතය 56% යි. එක් එන්නතක් පමනක් ගත් අය 14,639,679 වාර්තාවුනා. තවද 15/19 කාන්ඩයට ෆයිසර් එන්නත නිර්දේශ කර තිබෙනවා. එය ඉදිරි සතිවලදී ලබාදෙනවා. වෛද්‍ය හරිත සරත්චන්ද්‍ර.

4) කොවිඩි එන්නත සුරක්ෂිතද? ඔවි,  බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවෙි මෑතකදී කල පරීක්ෂණ ඒ බව යලිත් තහවුරැ කර තිබෙන බව ජර්නල් වොචි වෛද්‍ය සඟරාව පෙන්වනවා.  කොවිඩි වැලදුන කෙනෙකුට නැවත වැලදීමෙි සමිභාවිතාව 1% යි. එය වෙනත් අයට පැතිරවීමත් ඉතා අඩුයි ආචාර්ය චන්දිම ජීවන්දර. එන්නත් ගැන කොතරමි මිථ්‍යා මත පැතිරැනත් සත්‍යනමි මෙි වසංගතයට දැනට ඇති එකම විසදුම කුමන හෝ එන්නතක් ලබා ගැනීමයි. රජය විසින් තෙවන එන්නතක් වශයෙන් ( බූස්ටර් ) ෆයිසර් එන්නත ලබාදෙන බැවින් සෑම කෙනෙක්ම සුරක්ෂිත වන බව සෞඛ්‍ය ඇමති පවසයි. මූළු ජනගහනයෙන් 70% දක්වා එන්නත් දෙකම ලබාගතහොත් රට සාමාන්‍ය තත්වයට පැමිනෙනු ඇත…
ඔබට සාමාන්‍යකරනයක් වගේ පෙනුනත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකලහොත් යලිත් ඛෙිදවාචකයක්ම දැකිය හැකිවෙිවී…මහජන සෞඛ්‍ය පිළිබද විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා…(පරාක්‍රම බස්නායක)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්