Aug
27

කලින් පෙමට සමුදීලා දෙරණෙ කලිදුගෙ මනමාලි වෙන්න හදන සුරූපිණිය මනීෂා චංචලා දැන් ගෙවන ජීවිතේ

 
19171 Views
   
 

සිදූ ටෙලිනාට්‍ය කියන්නේ දෙරණ රූපවාහිනියේ විකාශනය වන ජනප්‍රිය ටෙලිනාට්‍යයක්. වයස් බේදයකින් තොරව බොහෝදෙන මෙම නාට්‍ය නරඹනවා. එහි එන ප්‍රධාන චරිතයක් ලෙස තෙරුණිට බොහෝ ප්‍රේක්ෂක ආදරය වගේම අවධානයත් යොමු වෙනවා. ඉතින් ඒ අපි හැමෝම වගේ දන්නා මනීෂා චංචලා. ඇයගේ ගම මහනුවර නුගවෙල, උපන්දිනය ඔක්තෝබර් 8, පවුලේ අම්මා, තාත්තා ඇතුළු වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක් සිටින බවත්, ඔවුන් විවාහක බවත් ඇය පැවසුවා. ඇය 2008 දී මහනුවර, කඳුරට FM එකත් එක්ක ළමා නිවේදිකාවක් විදිහට එකතු වුණා. ඊට පස්සේ ඇය දෙරණ Little Star තරගෙට එකතු වුණා. එහිදී 12න් පහළ ගායන තරගාවලියේ 4 වන ස්ථානය ඇයට හිමි වුණා.

මේ දිනවල මනීෂා පෞද්ගලික ජීවිතයේ කටයුතු නිසා තරමක් කාර්ය බහුලයි. ඉදිරි‌යේදී මනීෂා කිසියම් වෘත්තියක් පටන්ගන්න හිතාගෙන ඉන්නවා. මේ දවස්වල ඊට අදාළ යම් යම් දේ ඉගෙන ගන්න තමයි වැඩි කාලයක් යොදවන්නේ. මේ හැම විස්තරයක්ම ඉක්මනින්ම ඇය ඔයාලට කියන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මනීෂා රංඟනය තෝරා ගන්නේ අමතර දෙයක් ලෙස. ඇය වෘත්තිය ජීවිතය වෙන ආකාරයකට ගොඩනගාගන්න අදහස් කරනවා. මේ පුංචි වයසේදී ඒ වගේ සිතුවිල්ලකින් ක්‍රියා කිරීම අගය කරන්න ඕනේ. ගොඩක් අය හිතාගෙන ඉන්නේ මනීෂා කියන්නෙත් තෙරුණි වගේ තැන්පත් සහ බොළඳ චරිතයක් කියලා. හැබැයි මනීෂා නම් කියන්නේ එයා තැන්පත් කෙනෙක් නෙමෙයි කියලා. ගොඩක් දඟලන්නේ නැති වුණාට මනීෂා තැන්පත් බොළඳ චරිතයක් නො වන බව ඇය කියනවා.

අනෙක් අතට මනීෂා තෙරුණි වගේ බොළඳ කෙනෙකුත් නො වන බව ඇය කියනවා. මනීෂා කියන්නේ දක්ෂ ගායිකාවක්. රංඟනය නිසා ඒ හැකියාව වඩාත් ඉස්මතු නො වුණත් ඇය මේ වන විටත් චිත්‍රපට තුනකට පසුබිම් ගායනයෙන් එක් වී තිබෙනවා. නුදුරු දිනක ඇය රඟපාන චිත්‍රපටයක රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිත බවත් ඇය කියනවා. ඒ වගේම මනීෂා දැන් ආදරණිය පෙම්වතියක් කියල නම් මේ වන විට නො දන්නා කෙනෙක් නැති තරම් ඉතින් ඇයගේ ඒ ආදරණිය පෙම්වතා වන්නේ දෙරණ ප්‍රවෘත්ති නිවේදක කළිඳුයි. ඉතින් මනීෂා කියන්නේ තව ටිකක කලකින් ඔවුන් විවහා දිවියට එළඹෙන බවයි. ඉතින් අපි ඔවුන්ගේ ඉදිරි ගමනට සුභ පතන ගමන් අයගේ සුන්දර ඡායාරුප පෙළකුත් අද අපි ඔබට ගෙන ආවා.

 

17

 

16

 

15

 

14

 

13

 

12

 

11

 

10

 

9

 

8

 

7

 

6

 

5

 

4

 

3

 

2

 

1

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්