Apr
9

IMF සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට දොර විවර වෙයි

 
934 Views
   
 

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කිරීම සඳහා මේවනවිට අවශ්‍ය අඩිතාලම දමා ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඔහු කියා සිටියේ පළමු සාකච්ඡාව අනිද්දා දිනයේ ලබාගැනීමට මේවනවිට ඉල්ලීමක් කර ඇති බවයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඊයේ පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා.

ජූලි මාසයේදී ගෙවීමට ඇති අමෙරිකානු ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කර ණය පමණක් නොව සෙසු සියලු විදේශ ණය ප්‍රතිව්‍යුවගත කිරීමේ කටයුතු මේවනවිටත් ආරම්භ කර ඇති බවද මහ බැංකු අධිපතිවරයා පැවසුවා.

ප්‍රමාණය ඉක්මවා මුදල් අච්චු ගසා ඇති බවත්, වසර දෙකක් පුරා සිදුවූ එම ක්‍රියාවලිය ක්ෂණිකව ආපසු හැරවීමට නොහැකි නමුත් මුදල් අච්චු ගැසීම අවම කිරීම සඳහා දැනටමත් පියවර ගෙන ඇති බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

විවිධ ආයතනවල සහ විවිධ ප්‍රදේශවල මහා පරිමාණ ලෙස මුදල් අච්චු ගැසීම් සිදුවන බවට විවිධ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තාවන්ට ද මහ බැංකු අධිපතිවරයා ප්‍රතිචාර දැක්වුවා.

එහිදී ඔහු කියා සිටියේ පිළිගත් ජාත්‍යන්තර ආයතනයක් හරහා පමණක් මුදල් අච්චු ගැසීම සිදුවන බවයි. එසේ නොමැතිව වෙනත් කිසිඳු ආයතනයකින් මුදල් අච්චු ගැසීමක් සිදුනොවන බවද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළා.

රටේ ආර්ථිකය යළි ගොඩනැගීම සදහා නිවැරදි මූල්‍ය ප්‍රතිපත්තියක් මෙන්ම දේශපාලනික සහ ආර්ථික ස්ථාවරත්වය මත තීරණය වන බවයි මහ බැංකු අධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විද්‍යුත් විකාශකයින්ගේ සංසඳය මඟින්  සංවිධානය කළ විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ සියලු රූපවාහිනී සහ ගුවන්විදුලි නාළිකාව ඔස්සේ ප්‍රචාරය කෙරුණා. මේ, එහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යංශයේ නව ලේකම් මහින්ද සිරිවර්ධන.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්