වත්මන් ලංකා සීනි සමාගමේ සභාපතිතුමන් සභාපතිධුරය භාර ගන්නා විට එහි තත්ත්වය පැවතියේ පාඩු ලබන ආයතනයක් ලෙසය. ලංකා සීනි සමාගමේ සභාපති ධුරය වත්මන් සභාපතිතුමන් භාර ගනු ලැබුවේ, 2020 ජනවාරි මාසෙයේ සිටය. එය රුපියල් මිලියන 1,300ක ශුද්ධ අලාභයක් තිබුණු ආයතනයක් ලෙස ඔහුට භාරගැනීමට විය. සීනි සමාගම යටතේ සෙවණගල සහ පැල්වත්ත ඒකක දෙකක් ඇත. මේ ආයතන දෙක භාර ගන්නා විට ගොවීන්ට පොහොර, වතුර පවා නොතිබුණි. ඔවුන් වගාවෙන් ඈත් වෙමින් සිටියහ.
ගොවි අස්වැන්නට මිලක් තිබුණේ ද නැත. සේවක ස්ථිර කිරීම්, පඩි වැඩිවීම් සිදුවී තිබුනේද නැත. 2015 – 2019 කාලයේදී සභාපතිවරු කිහිපදෙනෙක් මෙම ආයතනය භාරගෙන තිබුණි. අමාත්යංශ ගණනාවක් යටතේ ද මෙම ආයතනය පවතී තිබුණි. පරිපාලනමය ගැටලු, මානව සම්පත් කළමනාකරණ ගැටලු, වෘත්තීය සංගම් වල ගැටලු, ගොවි ප්රශ්න යනාදී වශයෙන් ගැටලු ගණනාවක් ඒ වන විට මතු වී තිබුණි. ඒ කාලයේදී මේ ආයතනය බින්දුවටම වැටිලා තිබුණේ. මේ කම්හල්වල උපරිම ධාරිතාවයෙන් භාගයක් පමණයි එවන විට නිෂ්පාදන වෙමින් පැවතියේ. මෙට්රික් ටොන් ලක්ෂ 6 උක්ගස් අඹරන්න පුළුවන් කම්හලේ මෙට්රික් ටොන් ලක්ෂ 2ක් 2 හමාරක් වගේ අඹරලා තිබුණේ.
මේ ගැටලු වලට අමතරව දේශපාලන බලපෑම් ආදි විශාල ගැටළු ප්රමාණයකට ආයතනය මුහුණ දී සිටියහ. ලංකා සීනි සමාගම කියන්නේ වසර 35ක ඉතිහාසයක් ඇති දියුණු කළ හැකි ආයතනයක්. ගොවියන් 15,000ක් සේවකයන් 6,000ක් පමණ ආයතනය සමඟ සම්බන්ධ වෙලා සිටිනවා. පැල්වත්ත සහ සෙවණගල ඒකක දෙකෙහිම භූමිය අක්කර 35,000ක් පමණ වේ. වත්මන් සභාපතිවරයා ආයතනය භාර ගත් පසුව මුහුණ දීමට සිදු වූ පළමු වැනි අභියෝගය වුණේ සේවකයන්ට පඩිය ගෙවා ගැනීමය. ඒ සඳහා මුදල් හෝ විකිණීමට සීනි හෝ ආයතනයට නොතිබුණි.
පැල්වත්ත සඳහා රුපියල් මිලියන 500ක ණයකුත් මිලියන 200 ණයක් සෙවණගල ඒකකයේ වියදම් සඳහා ණය ලබා ගැනීමට සිදු විය. රුපියල් මිලියන 900ක බැංකු අයිරා දෙකක් විය. අවුරුදු එක හමාරකට පසුව බැංකු අයිරා අවසන් කර ලබාගත් ණය පොලියත් එක්ක ගෙවා අවසන් කිරීමට හැකි විය. ඒ වගේම රු. බිලියන 1.5ක ශුද්ධ ලාභයක් හිමි කර ගැනීමටත් හැකි වී තිබෙනවා. මේ වසර වන විට රු.මි. 14000ක ආදායමක් තිබෙන සමාගමක් ලෙස ලංකා සීනි සමාගම තිබීම පෙරලියක් විය. ඵලදාව වැඩි උක් ප්රභේද වසර 35කට පසුව හඳුනාගෙන තිබෙනවා. ඒවා මඟින් අස්වැන්න වැඩි කර ගැනීමේ හැකියාව ඇත. උක් වගාවට රක්ෂණාවරණයක් හඳුන්වා දී ඇත.
ගොවියන්ට මෙම වසරේ සිට විශ්රාම වැටුපක් ලබා දීමට කටයුතු සුදානම් කොට ඇත. ජනාධිපතිතුමාගේ කාබනික පෙහොර සංකල්පයට දායක වෙමින් උක් නිෂ්පාදනයෙන් පිටවන සියලුම අපද්රව්ය යොදාගෙන පොහොරක් නිපදවන්න කර්මාන්ත ශාලා දෙකක් පිහිටු වීමද රජයේ බලාපොරොත්තුව වේ. මෙම ආයතනය නැවත වැටෙන්න කිසිම හේතුවක් නෑ. සියලුම වැඩ කටයුතු පස් අවුරුදු සැලැස්මකට අනුව සිදුවී ඇත. උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්රිත කර්මාන්ත හා අපනයන ප්රවර්ධන රාජ්ය අමාත්යාංශයෙන් මෙම ජයග්රහණය සදහා විශාල සහායක් ලබාදී ඇත