Jun
6

“පාර දිගට සත්තු බඩගින්නේ උන්ට කන්න දෙයක් නෑ” – මිහිපිට දෙවියෙකු බඳු ලොරි රියදුරු – (ඡායාරූප)

 
1578 Views
   
 

අද මිනිසුන් ළඟ හොයාගන්නම නැති දෙයක් තමයි මනුස්සකම කියන දේ. මිනිසත්කම උතුරා ගිය ලොරිරථ රියදුරෙකුගේ පුවතක්මේ දිනවල සමාජ මාධ්‍ය පුරා සැරිසරනවා අපිට දකින්න පුළුවන්. සංචරණ සීමා නිසා පාරේ ඉන්න සුරතලුන්ට මේ දවස්වල කන්න බොන්න නෑ. ඒ අයට තමන්ට පුළුවන් විදියට කන්න දෙන්න මේ රියදුරු මහත්තයා බිස්කට් පැකට් අරගෙන යනවා. බලන්නකෝ ඒ ගැන පහලින් තියෙන සටහනයි පින්තූර ටිකයි.

“අහම්බෙන් හමුවුන මිහිපිට දෙවි කෙනෙක් – අද මගේ වාහනේ අතරමග කැඩිලා යන්න විදියක් නැතිව ඉදිද්දි, වාහන 100කට වඩා අත දැම්මා කවුරැත් නතර කරේ නෑ. ගම්පහ පැත්තෙ ඉඳලා මහියංගනේ වැලි ගෙන්න යන අයියා කෙනෙක් නතර කරලා විස්තරේ අහලා මාව දාගත්තා ලොරියට. නැගලා බලද්දි ඇතුලේ බිස්කට් පැකට් ගොඩාක් තිබුනා. මම හිතුවා කඩ වහලා නිසා කෑමට වෙන්න ඇති කියලා එත් එයා කිවා මල්ලි පාර දිගට සත්තු බඩගින්නේ උන්ට කන්න දෙයක් නෑ. කාටවත් කැම දාන්න බෑනේ. මම පුලුවන් විදියට බ්ස්කට් අරන් යනවා කීවා. ඉතුරු පැකට් ටිකත් පිලිවලට තැන තැන දාන්නේ නැතිව වෙනම එකතු කරනවා. උපාධියක් නැතත් මනුස්සකමේ නම් අචාර්යය උපාධියටත් වඩා තියෙනවා උබ ගාව මම ගාව නැති මනුස්සකමට එහා ගියපු දෙයක් ඒ මනුස්සයා ගාව තියනවා” යනුවෙන් සටහන් කර තිබුණා. රියදුරු මහතාණෙනි ඔබට තුරුණුවන්ගේ ආශිර්වාදය බලය ලැබේවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්