දිනවල අතිශය ප්‍රේක්ෂක ආදරය ලබන ‘ළංවී’ ටෙලි නිර්මාණයෙනුත් ඇයව අපිට හමුවෙනවා. පුංචි තිරයට ‘දඟකාර’ කෙල්ලක් වුණත්, සංජානා කියන්නෙ දුක් කම්කටෝලු බොහෝමයක් මැද අමාරුවෙන් ජීවිතේ පැදගෙන ආපු කෙනෙක්. මේ කතාව අපිට හමුවුණේ මුහුණු පොතෙන්. ඇය මේ කතාව කියලා තිබුණේ යූටියුබ් නාලිකාවට. ඔබත් මොහොතකට ඒ සංවේදී කතාව කියවලා යන්න.
සංජානා අලුත් කෙනෙක් ! කැපිලි කෙටිලි එහෙමත් ඇති ෆීල්ඩ් එකේ ?
මම අලුත් කෙනෙක්. කලාවට සම්බන්ධ කවුරුත් පවුලෙත් නෑ. ඉතින් බලපෑම් තියනවා. සම වයසින් ෆීල්ඩ් එකට ආපු කට්ටිය හරියට කැපිලි කෙටිලි තිබුණා. ඒත් මට පුළුවන් විදිහට මම මගෙ ගමන යනවා.
මුල් දවස්වල කට කතා ඕපදූප හැදෙනකොට?
මට වචන කිව්වට කමක් නෑ. ඒත් මම කැමති නෑ මගේ පවුලෙ අයට මුකුත් කියනවට. ගොසිප් හැදෙනකොට මම මාර ශොක් උනා. මට හිතාගන්න බැරි වුණා මොනාද කරන්න ඕනෙ කියලා. අම්මා නැතිවෙලා ඒ වෙද්දි අවුරුද්දක්වත් නෑ. ඒකත් එක්ක මේකත් ආවම හිතාගන්න බැරි වුණා. මම ඩවුන් වුණා.. තාත්තා නංගි මගේ ළඟ හිටියා. මට පස්සෙ ඒක පුරුදු වුණා. දැන් මට හිනා යනවා ඒ වගේ දේවල් දකිද්දි.. මම වැටුණා තමයි, හැබැයි. මම නැඟිට්ටා.
අම්මා ගැන සංජානාගේ කඳුළු මතකය
අම්මා තමයි මගේ ජීවිතේ.. අදටත් මම හොයන්නෙ අම්මව. ඒත් අම්මා නෑ. අම්මා නැතිවෙද්දි මම හිටියේ කොළඹ. අම්මා හිටියෙ මාතර. අම්මට පිළිකා රෝගයක් තිබුණා.. මාස අටක් තිබ්බා.. අම්මට ඉන්ජක්ශන් ගැහුවා. එයා මාර දුකක් වින්ඳා.අම්මයි තාත්තයි දෙන්නම ගුවන් හමුදාවේ වැඩ කළේ. ඉන්ජක්ශන් ගැහුවම හරි අමාරුයි. ඒක දන්නවා පිළිකා රෝගීන් ඉන්න අය, කොච්චර අමාරුද කියලා ඒ ඉන්ජක්ශන් එක.. මම ඒ හැමදේම ඇස් දෙකින් දැක්කා. අම්මට අමාරු වෙලා කොළඹ ගේනකන් මම ලෑස්ති වෙලා හිටියේ අම්මව බලන්න යන්න. එකපාරටම පුංචි මට කෝල් කරලා කියනවා, (මට ගෙදරට කියන්නෙ සුදු මැණික කියලා.) සුදු මැණික, අම්මට චුට්ටක් අමාරුයි ඔයා කලබල වෙන්න එපා.. ඔයා පුළුවන් ඉක්මනින් මාතර එන්න කියලා. මට එවෙලෙ ශොක්.. මම යාලුවන්ට කිව්වා හොයන්න කියලා. මම මාතරට *** එකක් දාගෙන වාහනයක් අරන් ගියා. මම ඩ්‍රැයිවරටත් කිය කියා ගියේ පිරිත් දාන්න කියලා. මම කිය කිය ගියේ අම්මා මම එනවා, ඔයා ඉන්න කියලා. ඒත්…. මම යද්දිත් අම්මා නැතිවෙලා. එවෙලේ මම හිතුවා මම මෙච්චර දේවල් කළා. මම බණ අහ අහා ආව. පිරිත් අහ අහා ආවා. මම මෙච්චර ඉල්ලලත් … මට විශ්වාසයක් තිබ්බා, මම අම්මා ළඟට කෝමහරි ගියා නම් අම්මට පණ එයි කියලා…
අමතක නොවන ඒ මොහොත
අම්මගෙයි මගෙයි බොන්ඩ් එක මට කියන්න තේරෙන් නෑ. යද්දි අම්මා නැතිවෙලා. තාත්තා දන්නවා මට දරාගන්න බෑ කියලා. තාත්තා කිව්වා මට යන්න දෙන්න එපා කියලා. ඒත් කට්ටිය මට යන්න දුන්නා. මම යනකොට නිකන් ට්‍රොලියක් වගේ එකක වහලා. මට ඒත් හිතුණා අම්ම මැරිලා නැතුව ඇති.. ජීවතුන් අතර කියලා. මම පැත්තකට වෙලා හිටියා කවුරු කොහොම කිව්වත් මම විශ්වාස කළේ නෑ අම්ම මැරිලා කියලා. ට්‍රොලිය දාගෙන වෑන් එකක් ආවා.. මම හිතන්නේ මල් ශාලාවට ගෙනියන්න වෙන්නැති… මම අම්මව එක සැරයක් පෙන්නන්න කිව්වා.. නංගි වැටුණා එකපාරම. සුදු රෙද්ද අරිනකොට අම්මා ඇස් දෙක පියන් හිටියේ. අම්මගේ අත එකපාරම ට්‍රොලියෙන් බිමට වැටුණා. මම කෑ ගැහුවා අම්මාගේ අත අල්ලගන්න අම්මා වැටෙයි කියලා. ඒ ෆීලින්ග් එක තේරෙනවා අම්මා නැති උනාම කොච්චර අසරණ වෙනවද කියලා. ඒ දුක අදටත් දරාගන්න අමාරුයි. මගේ අම්මා තමයි හොඳම අම්මා. එයා තමයි මාව ෆීල්ඩ් එකට ගෙනාවේ. හැමදේටම ශක්තිය වුණේ අම්මා. මාව ආරක්ෂා කරන වගකීම ගන්නවා නම් අන්න කියලා තාත්තා පමීශන් දුන්නා. මම මගේ නංගිටත් අම්මා. බබා මම නැති වුණොතින් නංගිව බලගන්න කියලා අම්මා අසනීපෙන් ඉන්න කාලේදි කිව්වා. පුංචිටත් ඇඟිලි දෙකක් දික් කරලා තියෙනවා. මම හිතන්නෙ ඒ කියලා තියෙන්නෙ නංගිවයි මාවයි බලාගන්න කියලා.