Mar
8

මේ ලෝකයෙන් මම යන්න යනවා. මට කවුරුත්ම නෑ. මම තනිවෙලා

 
1551 Views
   
 

මීට වසර දෙකකට පමණ ඉහතදී පැවදි වු සාමණේර හිමිනමක් තම මව සමඟ ඇතිකර ගත් ආරවුලක් හේතුවෙන් සිත් පීඩාවට පත්වී ගෙල සිරකරගෙන සියදිවි නසාගෙන තිබෙනවා. මෙම සිදුවීම සිදුව ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේයි. හිමිනම පිරිවෙන් අධ්‍යාපනය ලබාගැනීමට අනුරාධපුර පොලිස් වසමේ පහළගම, මහබුලංකුලම ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකට වැඩම කර තිබේ.

අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂක ජේ.එම්. ජයතිලක මහතා නිගමනය කලේ 15 හැවිරිදි සාමණේර හිමිනමක් දිවි තොරකරගෙන තිබෙන අතර පිරිවෙන් අධ්‍යාපනය ලැබීමට නොහැකි බවත් උපවැදිවීමට අවශ්‍ය බවත් කියමින් මව සමඟ නිරන්තරයෙන් ඇති වී තිබූ ආරවුලක් නිසා දිවිතොර කරගැනීම සිදුකරගෙන තිබෙන බවයි. අවස්ථා කිහිපයකදීම විහාරස්ථානයේ ආවතේවකරුගේ ජංගම දුරකථනය ඉල්ලාගෙන හසලක පදිංචි මවට ඇමතුම් ලබාදෙමින් පැමිණ තමන්ව නිවෙසට රැගෙන යන ලෙසත් මහනදම් පිරිය නොහැකි බවත් සාමණේර හිමියන් පවසා තිබේ.

දුප්පත් කම නිසා මව විසින් සාමණේර හිමිනමගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අධ්‍යාපනය ලබනා ලෙස ඉල්ලා තිබේ. පසුගියදා (4දා) රාත්‍රියේ විහාරස්ථාන භූමියේ පිහිටි මයිල ගසක නයිලෝන් ලණුවක ආධාරයෙන් එල්ලී උන්වහන්සේ සියදිවි නසාගෙන තිබෙන බව පැවැති පරීක්ෂණවලින් අනාවරණය විය. සාමණේර හිමියන් එල්ලී සිටින අයුරු දැක විහාරස්ථානයේ සෙසු ස්වාමීන්වහන්සේලා විසින් ලණුව  කපා උන්වහන්සේව ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට රැගෙන ගොස් ඇතත් දිවි බේරාගැනීමට නොහැකිවී තිබේ.

“මේ ලෝකයෙන් මම යන්න යනවා. මට කවුරුත්ම නෑ. මම තනිවෙලා ගෙදර යන එක මට සැබෑකර ගන්න බැරිවුණා. අම්මා ගෙදර එන්න එපා කියනවා. මට හිතුණ දේ මම කරගත්තා” යැයි කියමින් හිමිනම දිවිතොරකර ගෙන තිබිණි.

ස්ථානීය පරීක්ෂණයක් සිදුකළ අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂක ජේ.එම්. ජයතිලක මහතා උන්වහන්සේ භාවිත කළ පොත්පත් නිරීක්ෂණය කර ලිපිය උන්වහන්සේම ලියූ එකක් බව තහවුරු කරගෙන මරණය සියදිවි නසාගැනීමක් බවට නිගමනය කළා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්