Aug
16

කුසල් ජනිත් පොලිසියට

 
1189 Views
   
 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට සූදානම් වන බව වාර්තා වනවා.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියට නිලධාරියෙකු ලෙසත් එක් වීමටයි.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ කුසල් ජනිත් පෙරේරා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට අනුයුක්ත කර ගැනීමටත් තීරණය කර ඇති බවයි.

කුසල් පෙරේරා සිය පළමු පෙළ තරග නියෝජනය සිදු කළේ කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායම සමගයි.

වසර 2009 දී කෝල්ට්ස් ක්‍රීඩා සමාජය හා එක්වූ කුසල් ජනිත් එතැන් පටන් වසර 13ක් එම ක්‍රීඩා සමාජය නියෝජනය කළා.

කුසල් ජනිත්ගේ මෙම තීරණය හා එක්ව තවත් ජාතික මට්ටමේ ක්‍රීඩකයින් කිහිප පළක් ම ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කිරීමට සූදානම් වනවා.

ඔවුන් අතර චාමර සිල්වා, තිලකරත්න සම්පත්, සහ කිත්රුවන් විතානගේ ද සිටින බවයි වාර්තා වන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්