Aug
13

සංචරණ සීමා දැඩිවෙයි, සීමා පනින්න ගිය 364ක් ආපසු හරවා යවලා, 54100ක් අ ත් අඩංගුවට අරගෙන

 
1338 Views
   
 

බස්නාහිර පළාතට ඇතුළුවීමට හෝ බස්නාහිර පළාතෙන් පිට වීමට උත්සාහ දැරූ පුද්ගලයින් 364 දෙනෙකු  ඊයේ (12) දින ආපසු හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මේ සමඟම බස්නාහිර පළාතට ඇතුළු වන හෝ පිටවන ස්ථාන වල ස්ථාපිත කර ඇතිමාර්ග බා ධ ක වලදී ආපසු හරවා යැවුණු වාහන සංඛ්‍යාව 161ක්.

මීට අමතරව පළාත් සංචරණ සීමා නී ති උ ල් ලං ඝ නය කිරීම හේතුවෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු සහ ඔවුන් පැමිණි වාහන හතරක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අද දින අ ධි කරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර ඊයේ දිනය වනවිට නිරෝධායන නී ති උ ල් ලං ඝ නය කිරීම හේතුවෙන් අ ත් අඩංගුවට ගත් සංඛ්‍යාව 54,100ක් දක්වා ඉහළ ගියා.

මේ අතරට ඊයේ දිනයේ අ ත් අඩංගුවට ගත් පුද්ගලයින් 64 දෙනකුද අයත්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්