Dec
3

තඹලගමුවේ මාරක අනතුරේ පළාගිය සැකකරු ජීප් රථයත් සමග මාසයකට පසු මාට්ටු

 
1790 Views
   
 

ලෑන්ඩ් රෝවර් ජීප් රථයකින් රිය අනතුරක් සිදුකොට යුද හමුදා සෙබළෙකු මහමඟ දී මරාදමා පළාගිය පුද්ගලයෙකු මාසයකට පසුව ජීප් රථයත් සමගම අත් අඩංගුවට ගැනීමට තඹලගමුව පොලීසිය සමත්විය.

මීරිගම පරදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයකු හා ඔහුට අයත් ජීප්රථය මෙසේ අත් අඩංගුවට ගෙන ඇත. ඉකුත් මස 01දා නිවාඩු ලබා නිවසට පැමිණ අවශ්යතාවකට වෙළෙඳ සැලකට යෑම සඳහා පරධාන මාර්ගයේ යමින් සිටියදී රාතරී 7.00 ට පමණ තඹලගමුව පරදේශයේ දී මෙම අනතුර සිදුව තිබිණි.

කන්තලේ ගන්තගාව පරදේශයේ ඉඳිකැටිවැව හේවගේ සකිල මල්ෂාන් (22) යන අය මෙලෙස මිය ගොස් තිබිණි. අනතුර සිදුකර පළා ගිය රථය පිළිබඳව තඹලගමුව පොලිසිය සී.සී.ටී.වී දර්ශන ඔස්සේ දීර්ඝ විමර්ශනයකින් පසුව සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

කන්තලේ, තඹලගමුව සහකාර පොලිස් අධිකාරි අතුල කරුණාරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ තඹලගමුව පොලිස් ස්ථානාධිපති පරධාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාර මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්තානාධිපති පරධාන පොලිස් පරීක්ෂක සමරසිංහ, පොලිස් සැරයන්වරුන් වන ආනන්ද (57502), සුගත් (57454), පොලිස් කොස්තාපල් උදයංග (77666) යන නිලධාරීහු මෙම මෙහෙයුම කරියාත්මක කර තිබිණී.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්