Mar
5

” ඔයාගේ දවසේ මට ඔයාව ලැබුණා, මගෙ මැණිකගෙ හිනාව විතරයි මට ඕන හැමදාමත්” ජනප්‍රිය නිළි සිනෙති අකිලාගේ සැමියා එක්කළ ආදරණීය සටහන

 
773 Views
   
 

ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ වු ගමනක් යන මෙරට බොහෝදෙනෙකුගේ ආදරය හිමිකර ගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි සිනෙති අකිලා කියල කියන්නේ. මෙරට අතිශය ජනප්‍රියත්වයට පත් කලා නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබාදුන් ඇයව අපට “සිරිපැරකුම්” චිත්‍රපටයේ කලු එත්නාගේ චරිතය හරහා දැකගන්නට ලැබුණා. ඇත්තෙන්ම මෙම චරිතයට මෙරට ජනයාගෙන් හිමිවුයේ ඉතාමත් ඉහළ ආකර්ෂණයක්. එලෙස කලු එතනා කියන චරිතයට ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිවෙන්නේ සිනෙති සතු රංගන හැකියාව නිසාවෙන්මයි

මේ අතර ඇය සිය රංගන දායකත්වය ලබාදුන්නු චිත්‍රපට අතුරින් ‘සරිගම’ කියන චිත්‍රපටයත් මෙරට බොහෝ ලෙසින් ජනප්‍රියත්වයට පත්වුණා. කොහොම නමුත් අකිලාගේ විවාහය ගැනත් බොහෝ වෙලාවට මෙරට ජනයා ආදරයෙන් කතාබහ කරනවා. ඒ ඇය මෑතකදී මනලියක ලෙසින් අලුත් ජීවිතයක් ආරම්භ කිරීමත් සමගයි. කොහොම නමුත් එලෙස පහුගිය දවසක යුගදිවියට පිවිසි ඇය මේවෙද්දී ඉතාමත් ආදරණීය ලෙස සුන්දර විවාහ ජීවිතයක් ගත කරන බව නොරහසක්

කෙසේ නමුත් මේ ජනප්‍රිය රංගන ශිල්පිනියගේ උපන්දිනය පහුගිය දිනක යෙදිල තිබුණා. ඊට ඇගේ රසික ජනයාගෙන් සුභපැතුම් විශාල ප්‍රමාණයක් හිමිව තිබුණු අතර ඇගේ සැමියාද ඇයට සුභපැතුම් එක්කර තිබුණා. ඒ අපූරු සටහනක් එක් කරමිනුයි. ඉතින් එලෙස සටහනක් එක් කරමින් ඇගේ ආදරණීය සැමියා කියල තිබුනේ මෙහෙම කතාවක්

” සුභ උපන්දිනයක් මගේ මැණිකේ.. ඔයාගේ දවසේ මට ඔයාව ලැබුණා.. මගේ ජීවිතේ හැම දෙයක්ම ඔයා.. මගෙ මැණිකගෙ හිනාව විතරයි මට ඕන හැමදාමත්.. වෙනදා වගේම මේ විදිහට අත් අල්ලන් යමු අපි ජීවිතේ පුරාවට… ආදරෙයි මැණික..”

කොහොම නමුත් එදිනට යෙදී තිබුනේ සිනෙතිගේ උපන්දිනය විතරක්ම නොවෙයි. එදිනටම ඔවුන්ගේ විවාහ සංවත්සරයත් යෙදී තිබුණා කියලයි අපට දැනගන්නට ලැබුණේ. ඉතින් මේ විදිහට බොහෝදෙනෙකුගේ සුභපැතුම් මැද සිය උපන්දිනය සමරන ඇයට සුභම සුබ උපන්දිනයක් වේවා කියල අපිත් ප්‍රාර්ථනා කරන්නෙමු. ඒ විතරක් නොවෙයි ඔවුන් දෙදෙනාට සුභ විවාහ සංවත්සරයක් වෙන්නට කියලත් ප්‍රාර්ථනා කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්