Mar
6

” මම පාසල් යන කාලේ බොහොම ලැජ්ජාශීලී චරිතයක්, දැන් එහෙම නෑ” ජනප්‍රිය නළු කුසල් මධුරංග

 
1064 Views
   
 

මේ දිනවල ලංකාවේ විකාශය කෙරෙන අතිශය ජනප්‍රියත්වයට පත් ටෙලි නිර්මාණයක් තමයි ” පාර දිගේ ” කියල කියන්නේ. ඇත්තෙන්ම මෙම ටෙලි නිර්මාණය ඔස්සේ අපට නවක වගේම ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියක් රැසක් දැකගන්නට ලැබෙනවා. ඉතින් ” පාර දිගේ” ටෙලි නිර්මාණය ඔස්සේ ජනප්‍රියත්වයට පත් චරිත අතුරින් විශාල ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන තිබෙන චරිතයක් තමයි බණ්ඩා කියන චරිතය

කෙසේවෙතත් මේ චරිතය වෙනස්ම ආකාරයේ චරිතයක් වන අතර ඊට සිය රංගන දායකත්වය ලබා දෙන්නේ යොවුන් රංගන ශිල්පියෙකු වන කුසල් මධුරංග විසින්. ඇත්තෙන්ම යොවුන් රංගන ශිල්පියෙකු වන මොහුගේ අසමසම රංගන හැකියාව නිසාවෙන්ම ඔහුට ඉතාමත් කෙටිකාලයක් තුළ ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට හැකිවෙනවා. ඒ කොහොම උනත් මේ ජනප්‍රිය රංගන ශිල්පියා පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙලා අදහස් දැක්වීමක් කර තිබුණා

එහිදී බණ්ඩා කියන චරිතය ගේම්කාරයෙක් කියල කියන ඔහු කියන්නේ ඔහු සතුව නරක ලක්ෂණ වගේම හොඳ ගතිගුණත් තියෙනවා කියලයි. ඒ වගේම ඔහු කියන්නේ බණ්ඩා ගේම්කාරයෙක් වුණාට මනුසත්කමින් පිරි චරිතයක් බවයි. ඒ වගේම මම වේදිකාවේ හිටපු කෙනෙක් කියල කියන ඔහු කියන්නේ මම ටෙලිවිෂනයට ගොඩවන්නේ අහම්බෙන් කියලයි. සමහර විට ඔබටත් මතක ඇති ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණා මෙහෙමත් ලෝකයක් කියලා වැඩසටහනක් කියන ඔහු කියන්නේ මම එකේ නිවේදකයෙක් විදියට වැඩකටයුතු කළා කියලයි

ඒ විතරක් නොවෙයි එහෙම තමයි මගේ රූපවාහිනිය ආගමනය සිදුවුණේ කියන ඔහු කියන්නේ අමුතු චරිත තමයි මටත් ලැබුණේ කියලයි. ඒ වගේම ඔහු කියන්නේ මට ලැබුණු චරිත ඔක්කෝම ප්‍රධාන චරිත නෙමෙයි, අතුරු චරිත කියලයි. ඉතින් මේපාර තමයි මට ප්‍රධාන චරිතක් ලැබුණේ කියන ඔහු කියන්නේ ඒ පාර දිගේ ටෙලි නාට්‍යයේ කියලයි. කෙසේවෙතත් සිය ජීවිත කතාව ගැන අදහස් දක්වමින් ඔහු කියල තිබුනේ මෙහෙම කතාවක්

” මගේ ගම නුවරඑළිය. වර්තමානයේ හොරණ පදිංචි වෙලා ඉන්නෙ. ගෝනපල පලන්නෝරුව මහා විද්‍යාලයෙන් තමයි මම මුලින්ම අධ්‍යාපනය ලැබුවේ. ඊට පස්සේ හොරණ විද්‍යාරත්නයට ඇතුළත් වුණා. විද්‍යාරත්නය කියලා කියන්නේ කලාවට බොහොම ළැදි පාසලක්. පාසලෙන් ඉදිරියට පැමිණි කලාකරුවන් ගොඩක් ඉන්නවානේ

ජනක් ප්‍රේමලාල් මහත්තයත් එහෙම ඉගැන්නුවේ ඉස්කෝලනේ. මම පාසල් යන කාලේ බොහොම ලැජ්ජාශීලී චරිතයක්. දැන් එහෙම නෑ. ඉදිරියේදී හොඳ චරිත නිරූපණය කරමින් ප්‍රේක්ෂකයා හමුවන්නට තමයි මම උත්සාහ කරන්නේ, ඩ්‍රාමා කියන වෘත්තීය කරන්න ගිහින් තමයි ඇත්තටම මගේ පෙම්වතියත් මට අහිමි වෙන්නේ. එතැන තිබුණ තේරුම් ගැනීමේ ප්‍රශ්නයක්” කියලයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්