May
17

“නීතීඥ සංගමෙන් ඇවිල්ලා බේරගනියි”

 
1733 Views
   
 

අරගලය පටන් ගත්ත මුල්ම දවසෙ ඉදන් ශ්‍රීලංකා නීතීඥ සංගමය ඒ තරුණයන් පිටිපස්සෙ ඉදගෙන ආරක්ෂාව දීපු හැටි අපි හොදටම දැක්ක. ඒ ආරක්ෂාව දුන්නෙ නොමිලේම කියන එකත් අපි දැක්ක. සමහර විට ඔවුන් ඒවෙලාවෙ අරගලය කලේ නිර්පාක්ෂිකව හින්ද ශ්‍රීලංකා නීතීඥ සංගමයට එහෙම හිතන්නත් ඇති. ශ්‍රීලංකා නීතීඥ සංගමයෙ ගරු සභාපති සාලිය පීරිස් මහත්මයත් දිවාරෑ නොබල මේ වෙනුවෙන් කැපවෙන හැටි අපි හොදටම දැක්ක.

ඒ ගැන කාටවත් ප්‍රශ්ණ කරන්න බෑකියල තමා අපේ අදහස. සමහරු කිව්ව මේකෙන් නරක පූර්වාදර්ශයක් එයිකියන කාරණේ. අපිට හොදට මතකයි ශ්‍රීලංකා නීතීඥ සංගමය කිව්ව නොමිලේ නීති ආධාර දෙන්නෙ සාධාරණ දේවල්වලට මිසක් ප්‍රකෝපකාරීව හැසිරෙන දේට නොවන වග. සමහර විට ඒගොල්ලන්ගෙ හිතේ තිබ්බෙ අරගලය විතරක්ම හින්ද ඒ වචන ඇහෙන්නත් නැතුව ඇති.

එදා ගෝල්ෆේස් වල සිද්ද වුණේ සිදුනොවිය යුතුම දෙයක් කියල අපි විශ්වාස කරනව. එදා ගෝල්ෆේස් සිද්දියෙන් පස්සෙ විවිධ කණ්ඩායම් වගේම අපි දේවත්වයෙන් අදහපු සමහර කලාකරුවන් වගේම කලාකාරිනියන් සමාජ මාධ්‍ය ඔස්සේ ගින්නට පිදුරුදමන විදියත් ලෝකෙම දැක්ක. මොනව වුණත් මේව අනුමත කරන්න බෑ. ගෝල්ෆේස් එකට ගහපු එකත් අපි කවදාවත් අනුමත කරන්නෙ නෑ.

වඩාත්ම ඛේදවාචකය ඒක නෙමේ. සමහර කලාකරුවන් කියාගන්නා කට්ටිය පස්සෙ දවසෙ ඒගොල්ලන්ගෙ මතයට විරුද්දව හිටපු අහිංසක කලාකරුවන් මහින්ද රාජපක්ෂ එක්ක පහුගිය කාලයෙ පෙනී හිටපු ෆොටෝ උඩට අරගෙන ෂෙයාර් කරන්න ගත්ත. නොකිය කිව්වෙ උන්ටත් ගහපන් කියල.

අපි අරගලය කරන අයට අරගල කරන්න තියෙන අයිතියට හිසනමා ගරුකරනව. අපි කිව්වෙ ඕනම දෙයක් වෙන්න ඕනෙ ව්‍ය්වස්ථානුකූලව කියන කාරණාව. අරගලය කරන්නෙ රනිල්ට, සජිත්ට නැත්නම් අනුර කුමාරට විරුද්ධව නම් ඒත් අපි ඉන්නෙ මේ මතයෙම තමා.ඒක කවදාවත්ම වෙනස්වෙන්නෙ නෑ.

ඉතිං නීතීඥ සංගමය සහාය දැක්වූයේ සාමකාමී අරගලකරුවන්ට මිස ප්‍රචණ්ඩකාරී අවස්ථාවාදීන්ට නොවන බව වටහා නොගැනීමේ ප්‍රතිඵලය හින්ද දැන් අත්අඩංගුවට පත්වෙන ගෙවල් ගිනිතියපු , බස් පුච්චපු වගේම මහ මග මිනිස්සුන්ට ගහපු කට්ටියට නොමිලේ නීතීඥ සහය දෙන්නෙ නෑ කියල තමා සාලිය පීරිස් මහත්මය කියන්නෙ.

දැන් ඉතිං ඒගොල්ලන්‍ට නීතීඥයන්ට ගෙවන්න සල්ලිත් හොයාගන්න වෙයි. අරය ඉන්නෙ අර පාරෙ, තවම අරයගෙ ගෙදර ගියෙ නැත්තෙ ඇයි? කියල පෝස්ට් දාපු වගේම ගින්න පැතිරෙන්න උඩගෙඩි දීපු ඒකට්ටියත් මේකට්ටියගෙ සහයට එන්නෙ නෑ කියල විශ්වාසයි.

සහයට ඒම කොහොම වෙතත් ඒගොල්ලො දාපු පෝස්‍ට් පවාඩිලීට්කරගෙන.අපි මොන මතයක් දැරුවත් විරුද්ධ මතධාරීන්ට හිංසා නොකරන්න මීට පස්සෙවත් හිතාගත්තොත් හොදයි කියල තමා අපිනම් හිතන්නෙ.

මේ පත්තරේ කියල තියෙන විදියට සාලිය පීරිස් මහත්මයටත් විරුද්ධව ටිකදෙනෙක් හරි විරෝධතාවයක් කරත් අපි පුදුම වෙන්නෙත් නෑ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්