Feb
14

” මං ආදරය නිසා බැටකාපු කෙනෙක්, ඒ හින්දා මං කණාමැදිරි එළියටත් බයයි” ජනප්‍රිය නිළි පියුමි බොතේජු කියන කතාව

 
4369 Views
   
 

අපේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න කාගෙත් අවධානය හිමිකර ගත් නිහතමානී වගේම දක්ෂ රංගන ශිල්පිනියක් තමයි පියුමි බොතේජු කියල කියන්නේ. ඇත්තෙන්ම පබා කතා මාලාවේන් අතිශය ජනප්‍රියත්වයට පත් ඇයව අපට පසුගිය කාලයේ විවිධාකාර නිර්මාණ තුළින් දැකගන්නට ලැබුණා. කොහොම නමුත් දඩබ්බර මෙන්ම සුන්දර පෙම්වතියගේ චරිත හරි අපුරුවට නිරුපණය කිරීමට හැකියාවක් ඇති ඇයව අපට මේඩි සිනා, පැහැසර, වැනි බොහෝ ටෙලි නාට්‍යය තුළින් දැකගන්නට ලැබුණා

ඒ විතරක් නොවෙයි පියුමිව අපට වර්තමානයේ බොහෝ ජනප්‍රිය වී තිබෙන ගයාන් ගුනවර්ධනගේ අලුත්ම ගීතයේ මියුසික් වීඩියෝව තුළින්ද දැකගන්නට ලැබෙනවා. කොහොම නමුත් මෙරට කලා කෙත පෝෂණය කරන ඇය ටෙලි නිර්මාණ සදහා පමණක් නොවෙයි සිය රංගන දායකත්වය ලබා දෙන්නේ. ඇත්තෙන්ම පියුමිව අපට සිනමාව තුළත් දැකගන්නට ලැබෙනවා. තවද සිනමාවේ සුපිරි තාරකාවක් වෙන ඇයව අපට රන්ජා , සුහද කොකා , මගේ යාලු මාළු වැනි චිත්‍රපට වල වගේම තවත් චිත්‍රපට ගණනාවක් තුළින් දැකගන්නට ලැබුණා

කොහොම නමුත් පියුමි බොතේජු කියන මේ දක්ෂ රංගන ශිල්පිනියව අපට මේ දිනවල සිනමාව තුළින් දැකගන්නට ලැබෙන්නේ නැහැ. ඊට හේතුව වෙන්නේ වසංගත තත්වය නිසාවෙන් සිනමා චිත්‍රපට නිෂ්පාදන ක්‍රියාවලිය නැවතී තිබීමයි. මේ අතර පියුමි කලා ලෝකයට පිවිසෙන ආකාරය කියනවානම් ඇය 2001 ලක් හඩ ITN අවුරුදු කුමාරි තරගාවලියෙන් කිරුල හිමි කරගනිමින් තමයි කලාවට පිවිසෙන්නේ

ඇයනම් තමන් කලා ක්ෂේත්‍රයට පිවිසි අකාරය හැටියට කියන්නේ මේවගේ කතාවකුයි. ඇය ඇගේ මාමා කෙනෙකු පත්තරයක් ගත්තම ඒකේ තිබෙන දැන්වීම් පවා කියවනවාලු. පත්තරේ දැකලා තමා ඇය අයදුම්පතක් දාලා තියෙන්නේ. එහෙම නැත්තම් පියුමි සුදානම් වෙලා ඉදලා තියෙන්නේ ගුවන් සේවිකාවක් වෙන්නලු. ඒ වෙනුවෙන්ම ඇය භාෂා කිහිපයක්ම ඉගෙන ගෙනත් තිබෙනවාලු

කොහොමහරි ඉතින් මේවෙනකොට ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන පියුමි ඇගේ අලුත්ම තොරතුරු ගැන අපිට කිවුවේ මේ ආකාරයටයි.

” මේ දවස් වල ලොකුවට වැඩක් නෑ. වසංගතය නිසා වැඩිපුර ගෙදරටම වෙලා තම ඉන්නේ. මට වැඩිපුර ආරාධනා එන්නේ කොමඩි චරිතවලට අපේ ක්‍ෂේත්‍රය තුළ තියෙන වරදක් තමයි ප්‍රහසන චරිතයක් කළොත් දිගටම ගන්නේ ඒ වගේ චරිතවලට. මටත් එහෙමයි. දිගින් දිගටම ප්‍රහසන චරිත ලැබෙන කොට හොඳ චරිත ලැබෙන්න තියෙන අවස්ථාව නැතිවීම හානියක් තමයි. ඒත් සඳරුවන් ජයවික්‍රමගේ ටෙලි නාට්‍යයේ මම රඟපානෙ හාස්‍යයෙන් මිදුණු චරිතයක්. එක පැත්තකින් මම හිතනවා මට කොමඩි වගේම සිරියස් චරිතත් හැකියාව ලැබීම වාසනාවක්” කියලයි

ඉතින් මේ ආකාරයට අදහස් දක්වපු ඇය විවාහය ගැන කියන්නේ මෙන්න මේවගේ කතාවක්” මං හිතන්නේ නැහැ කිසිම කෙනෙක් විවාහ වෙන වෙන් වෙන්න බලාගෙන කියලා. ඒත් ඒ ජීවිතය තුළ සැනසීමක් නැත්නම් තියෙන්නෙම පීඩනයම විතරක් නම් වෙවෙන එක හොඳයි. එහෙම බලදී මං හිතන විවාහය කියන අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. හිඳීවි කොතැනක හෝ හිමිකාරයා කියලා හිතාගෙන ඉන්නවා. මං ආදරය නිසා බැටකාපු කෙනෙක්. ඒ හින්දා මං කණාමැදිරි එළියටත් බයයි. මං කැමැති ආදරයට මං හෙව්වෙත් ආදරය. ඒත් මට නොලැබුණත් ඒකමයි. කවද හරි මගේ පෙම්වතා මාව හොයාගෙන එයි.” කියලයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්