Mar
13

” අද රෑ නිව්ස් එක කියවලා ආපහු එනකොට මගේ වස්තූන් ටික මාව පිලිගත්තු විදිහ” ජනප්‍රිය නිවේදක නදීක කරුණානායකට උපන්දිනයට ලැබුණු සප්‍රයිස් එක

 
4324 Views
   
 

නදීක කරුණානායක කියල කියන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති අංශයෙන් ශේස්ත්‍රයට පිවිසි අති දක්ෂ වගේම ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදන ශිල්පියෙක්. ඇත්තෙන්ම ඔහු පිළිබඳ මේවෙනකොට මෙරට නොදන්න කෙනෙකු නැති තරම්. එතරම් නදීක කරුණානායක කියන චරිතය මෙරට ජනප්‍රියයි. කොහොම නමුත් පැහැදිලි වචන උච්චාරණය ,හඬ පෞරුෂය අතින් ඉදිරියෙන් පසුවුණු ඔහු මෑතකදී ස්වර්ණවාහිනී නාලිකාවට සමුදීමටයි තිරණය කරන්නේ

කොහොම නමුත් විවිධ හේතූන් මත එවැනි තීරණයක් ගන්නා නදීකගේ ඉවත්වීම හමුවේ ඔහුගේ නිවේදනයට ප්‍රිය කළ සුවහසක් ප්‍රේක්ෂකයින් අතිශයින් ශෝකයට පත්වුනා. ඔවුන් සියලුදෙනාගේම බලාපොරොත්තුව බවට පත්ව තිබුනේ වෙනත් නාළිකාවකින් හෝ ඔහුව දැක ගැනීමයි. කෙසේවෙතත් නිහතමානී සොඳුරු හදවතක් හිමි නිවේදන ශිල්පියෙකු වන නදීක කරුණානායක එක්තරා අවස්ථාවකදී කියා සිටියේ ඉදිරියේදී ත්‍රිවිධ ටීවී නම් නාලිකාව ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට නැවත එන බවයි

කොහොම නමුත් තරුණ වියේ පසුවන ඔහු තවමත් අවිවාහක තැනැත්තකු වන අතර තම සහෝදරයන් හා මව සමඟ ජීවත් වන බවයි අපට දැනගන්නට ලැබුණේ. ඒ කොහොම උවත් කලකට ඉහතදී යූටියුබ් සාකච්ඡාවක් සමගින් එක්වන ඔහු කියල තිබුනේ තමන් එම දිවියට ප්‍රිය කරන බවත් ඔහුගේ ලොවේ රැජිණිය තම මව බවත්ය. ඒ වගේම ඔහු එහිදී කියල තිබුනේ තමන් කෙදිනක හෝ මහණ දම් පිරීමට කැමැත්තෙන් පසුවන බවයි

කෙසේවෙතත් මේවෙනකොට නිවේදන ශිල්පියෙකු ලෙස මෙරට ජනප්‍රියත්වයට පත් ඒ මහතාට ඊයේ දිනය සුවිශේෂ දිනයක් බවට පත්ව තිබුණා. ඊට හේතුව වෙන්නේ ඔහුගේ උපන්දිනය පහුගිය දවසක යෙදී තිබීමයි. ඉතින් ඒ වෙනුවෙන් ඔහුට හරි අපුරු සප්‍රයිස් එකක් ලැබිල තිබෙනවා. ඒ ගැන ඔහු සටහනක් යොදමින් කියල තිබුනේ ” අද රෑ නිව්ස් එක කියවලා ආපහු නිව්ස් රූම් එකට එනකොට මගේ වස්තූන් ටික මාව පිලිගත්තු විදිහ. Thriwidha24 මගේ දරුවෝ ටික. ආදරෙයි හැමෝටම” කියලයි

ඉතින් මේ විදිහට උපන්දිනය සමරන නදීක කරුණානායක කියන මේ නිහතමානී නිවේදන ශිල්පියාගේ උපන්දිනයට අපිත් සුභපැතුම් එකතු කරන අතරේම මේ සුන්දර අවස්ථාවේ ලබාගත් ජායාරූප පෙළකුත් අරගෙන එනවා. ඒ වගේම ඔහුගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්න වාසනාව ධෛර්යය ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්