Sep
21

මත්තල නව ගමනක

 
522 Views
   
 

මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළේ කාලසටහන් ගත ගුවන් මෙහෙයුම් ආරම්භ කරන ගුවන් සමාගම් සඳහා විශේෂ සහන පැකේජයක් ක්‍රියාත්මක කරන බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටියි. එහි අරමුණ වන්නේ එම ගුවන්තොටුපල සඳහා අන්තර් ජාතික ගුවන් සමාගම් මෙරටට ආකර්ෂණය කර ගැනීමයි. මෙතෙක් මත්තල ගුවන් තොටුපලේ ගුවන් මෙහෙයුම් සිදු නො කළ අන්තර්ජාතික ගුවන් සමාගම්වලට එම සහන පැකේජය ක්‍රියාත්මකවේ. මෙහෙයුම් ආරම්භ කළ දින සිට වසර දෙකක කාලයක් සඳහා ඩොලර් 60කට ගුවන් තොටුපල විගමන බද්ධ අය නො කර සිටීමට ද යෝජනා වී ඇත.

ගුවන් යානා ගොඩ බැස්සවීම හා නැවතුම් ගාස්තු සඳහාද සහන ලබාදීමට නියමිතය. ගුවන්තොටුපලේ මෙහෙයුම් ආරම්භ කරන දිනයේ සිට වසර හතරක් දක්වා එම ගාස්තුවලට වට්ටම් ලබා දීමට ද සැලසුම් කර ඇත. පළමු වසරේ ගුවන් යානා ගොඩ බැස්වීමේ හා නැවතුම් ගාස්තු සම්පූර්ණයෙන් ම නිදහස් කෙරේ. දෙවන වසර සඳහා එම සහනය 75%කි. දෙවැනි වර්ෂය සඳහා 50% සහනයක් හිමි වන අතර සිව්වන වසරේ දී එම ගාස්තුවලින් 25% ක් නිදහස් කිරීමට රජය තීරණය කර ඇත.

මේ අනුව ඉදිරියේ දී සංචාරකයන්ගේ පැමිණීමත් සමඟ අන්තර් ජාතික ගුවන් සමාගම්වලට මේ පිළිබඳව ආකර්ෂණයක් ඇතිවේ යැයි මෙහි ඇති අපේක්ෂාව වේ. රටක සංවර්ධනය යනු එක් දෙයකට සීමා නො වී සිට මෙලෙස විවිධ ක්‍රමෝපායන් ඔස්සේ දියුණුව කරා ගමන් කිරීමයි. (රෂිකා සඳමාලි හෙන්නායක)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්