Jun
10

පිටින් ගිය අයට එන්නත් දුන්නැයි, ගාල්ලේ සෞඛ්‍ය ප්‍රධානින් දෙදෙනෙකුට ස්ථාන මාරු

 
1567 Views
   
 

නිරෝධායන නීති කඩකරමින් ගාලු‍ ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබා දුන් සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාතේ ප්‍රධාන සෞඛ්‍ය සේවා නිලධාරීන් දෙදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදී තිබෙනවා. ඒ, ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්නට සහ ගාල්ල ප්‍රාදේශීය වසංගත රෝග අංශ ප්‍රධානී වෙනුර කුමාර සිංගාරච්චිටයි. ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ගාල්ල ප්‍රාදේශීය වසංගත රෝග අංශ ප්‍රධානී වෙනුර කුමාර සිංහාරච්චි ,දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙනත් අංශයකට ස්ථාන මාරු කර ඇති බවයි ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මූලික විමර්ශන පැවැත්වීමෙන් පසු ඉදිරිපත් කළ නිර්දේශ අනුවයි මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ. මොවුන් දෙදෙනාට එරෙහිව ඉදිරියේදී විනය පරීක්ෂණයක් ද පවත්වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. නිරෝධාන නීති කඩකරමින් ගාල්ල ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට අස්ට්‍රාසෙනිකා එන්නත් හොර රහසේ ලබා දිමේ සිද්ධීය මාධ්‍ය මගින් වාර්තා කළේ පසුගිය සඳුදා දිනයි.

පසුව ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි වැටලීම් අංශයේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් ගාල්ල ප්‍රදේශයට පිටත්ව ගියා. ඔවුන් එම ප්‍රදේශයේ රැඳී සිටිමින් පරීක්ෂණ සිදු කරමින් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා. මෙම විමර්ශන මගින් අනාවරණය වන තොරතුරු අනුව සිද්ධියට වගකිවයුතු සියලු‍ නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

 

hirunews
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්