Dec
20

කුණු අල – ලොකු ලූනු මිනිසුන්ට කවන හෝටල් ජාවාරමක් එළියට

 
1809 Views
   
 

මෙරට නිෂ්පාදනය වෙන Short Eats හෙවත් කෙටි අහාර සඳහා විදේශ රටවලින් ගෙන්වන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් සහ ලොකු ළූණු යොදා ගැනීම නිසා සෞඛ්ය අතින් ජනතාව දැඩි අනතුරකට මුහුණපා ඇති බව පැවසේ.

වරාය අධිකාරියෙන් මුදාහරින මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් සහ ලොකු ළූණු නිසා මේ තත්ත්වය උද්ගත වී ඇති බවත් ඒ පිළිබඳව කඩිනමින් අවධානය යොමු කළ යුතු බවත් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත ලිපියක් මගින් විෂය භාර ඇමතිවරයා සහ රේගු අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබේ.

රාජ්ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මගින් වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන වෙත ලිඛිතව මෙම ලිපිය යොමු කොට තිබේ. ව්යාපාරිකයන් පිරිසක් දිගින් දිගටම මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් සහ ලොකු ළූණු විදේශ රටවලින් ඉතා සූක්ෂම ලෙස තැරැව්කරුවන් හරහා මෙරටට ගෙනවිත් දිවයින පුරා පිහිටා ඇති අවන්හල් හා භෝජනාගාර වලට අඩු මුදලකට කෙටි ආහාර නිෂ්පාදනයට බෙදාහැරීමේ ජාවාරමක් ක්රියාත්මක වන බව එම ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වාදී ඇත.

මේවායේ තොග අලෙවිය දඹුල්ල නගරය කේන්ද්ර කර ගනිමින් රට පුරා බෙදාහැරීම සිදු වන බවද නගර සභාවක් ලෙස තමන්ට තනිව එය පාලනය කර ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇති බවද හෙතෙම පෙන්වා දී තිබේ.

වරාය තුළින් නිදහස් කරනු ලබන ආහාර ද්රව්ය නිසි අධීක්ෂණයට නතු කිරීම, පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කිරීම සඳහා වන විධිමත් වැඩපිළිවෙලක් සැකසීම නීති විරෝධී ලෙස පාරිභෝගික ද්රව්ය බෙදා හරින්නන්ට විරුද්ධව කටයුතු කිරීමේ දී පවත්නා නීති ප්රතිපාදන දැඩි කිරීම, ආදී කටයුතු සිදු විය යුතු බව ද එම ලිපියෙහි සඳහන් කර ඇත. රේගු දෙපාර්තුමේන්තුව, පාරිභෝගික සේවා අධිකාරිය, පළාත් පාලන ආයතන ඒකාබද්ධව විධිමත් විධිමත් යාන්ත්රණයක් සකසා රටේ සමස්ත ජනතාවගේ සෞඛ්ය ආරක්ෂා කර ගැනීම සඳහා අවධානය යොමු කරන්නැයි දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත සිය ලිපිය මගින් ඇමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.

වරාය තුළින් නිදහස් කරනු ලබන නුසුදුසු ආහාර විනාශ කිරීම සඳහා වන විධිමත් වැඩපිළිවෙලක් ක්රියාත්මක නොකිරීම නිසා විශාල වශයෙන් දඹුල්ල නගරයට දිනපතා ලොකු ලූනු සහ අර්තාපල් ලැබෙන බවත් ඒවාට කිසිදු ලියකියවිල්ලක් හෝ නොමැතිවීම බරපතළ ප්රශ්නයක් බවත් මේවා රේගුවෙන් නිදහස් වූයේ කෙසේ ද යන්න හෝ සොයා ගැනීමට නොහැකි තත්ත්වයක පැවතීම නිසා නගර සභාවද අපහසුතාවයකට පත්ව ඇති බවත් නගරාධිපති ජාලිය ඕපාත වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා වෙත යැවූ ලිපියේ සඳහන් කර තිබේ.

මෙම ලිපියේ පිටපත් පාරිභෝගික අධිකාරිය සහ වරාය අධිකාරියටද යොමු කර තිබේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්