Nov
19

ක්‍රිකට් ආයතන සේවිකාවක් සමඟ සෙක්ස් චැට් කළ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයා ගත් තීරණය

 
3030 Views
   
 

2017 වර්ෂයේ දී ක්රිකට් ආයතන සේවිකාවකට යවන ලද අසභ්ය කෙටි පණිවිඩ සම්බන්ධ පලහිලව්වක් හේතුවෙන් ප්රබල ක්රිකට් ක්රීඩකයකු ජාතික කණ්ඩායම් නායකත්වයට සමු දීමක් පිළිබඳව වාර්තා වනවා.

මෙම ක්රීඩකයා සිය නායකත්වයෙන් සමුගැනීමේ තීරණය ප්රකාශයට පත් කරමින් කියා සිටියේ ඔහු මෙම තීරණය ගනු ලැබුවේ ජාතික කණ්ඩායමේ සුභ සිද්ධිය සලකා බවයි.

එමෙන්ම මෙම අර්බුදය හේතුවෙන් සිත්තැවුලට පත් සිය පවුලේ සාමාජිකයින් ගෙන් ද ඔහු සමාව අයැද සිටියා. මෙම බරපතල අර්බුදයකට මුහුණ දී ඇති ක්රීඩකයා වන්නේ ඔස්ට්රේලියානු ක්රිකට් කණ්ඩායමේ නායක ටිම් පේන්.

නිවේදනයක් නිකුත් කරමින් ටිම් පේන් ඕස්ට්රේලියානු ක්රිකට් ආයතනයට පවසා ඇත්තේ තමන් වහාම ක්රියාත්මක වන පරිදි නායකත්වයෙන් ඉවත් වන බවයි.

36 හැවිරිදි ටිම් පේන් ඔස්ට්රේලියානු කණ්ඩායමේ නායකයා ලෙස පත් කෙරුනේ 2018 වසරේ දකුණු අප්රිකාවේ දී පන්දුව පළුදු කිරීමේ සිද්ධියට හිටපු ඔස්ට්රේලියානු නායක ග්රහෑම් ස්මිත් වැරදිකරු වීමෙන් පසුව වන අතර මෙම සිද්ධිය හරහා ඔහු ඔස්ට්රේලියානු ක්රිකට් අවුල් කළ නවතම අපකීර්තිමත් සිදුවීමේ කතුවරයා බවට පත් වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඕස්ට්රේලියානු ක්රිකට් සභාපති රිචඩ් ෆ්රොඩෙන්ස්ටයින් පැවසුවේ, ටිම් නායකත්වයෙන් ඉවත් වීමට ගත් මෙම තීරණය, ඔහුගේ පවුලේ සහ ඕස්ට්රේලියානු ක්රිකට්වල යහපතට හේතු වන බවයි. ඔස්ට්රේලියානු ක්රිකට් පාලක මණ්ඩලය ටිම්ගේ ඉල්ලා අස්වීම පිළිගෙන ඇති අතර දැන් ජාතික තේරීම් කමිටුව නව නායකයෙකු හඳුනාගෙන පත් කිරීමේ ක්රියාවලිය සිදු කරනු ඇති බවටත් ඔහු පවසා සිටියා. 

මාධ්යය හමුවේ කඳුළු සලමින් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වන බව සනාථ කළ පේන් කියා සිටියේ තවදුරටත් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස රැඳී සිටින බවයි.

අද මම ඕස්ට්රේලියානු ක්රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමේ මගේ තීරණය ප්රකාශ කරනවා. එය දුෂ්කර තීරණයක්, නමුත් මට, මගේ පවුලට සහ ක්රිකට් සඳහා නිවැරදි තීරණයක් ළබා දිය යුතුයි ටිම් බොහෝම හැඟීම්බරව කියා සිටියා. 

මේ සිද්ධිය මීට වසර හතරකට පමණ පෙර සිදු වූවක්, එවකට මේ සිද්ධිය ක්රිකට් ඔස්ට්රේලියා විනය ඒකකයේ විමර්ශනවලයට ලක් වූ අතර තස්මේනියා ක්රිකට් පාලක මන්ඩලයේ විනය ඒකකය විසිනුත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළා. ඒවාට මම මගේ සම්පූර්ණ සහයෝගය ලබා දුන්නා.

සෑම පරීක්ෂණයකටමත් මම ඉදිරිපත් වුණා. එම පරීක්ෂණවල අවසාන නිගමනය වූයේ මම සිදුකළ යම් යම් දේවල් හරහා කිසිදු විනය උල්ලංඝනය වීමක් සිදුවී නොමැති බවයි, කෙසේ වෙතත් මම දැනගෙන හිටියා මේ සිද්ධිය මා පසුපස පැමිණෙන බව.

“මා නිදොස් කොට නිදහස් කරනු ලැබුවද, මේ සිදුවීම ගැන එකල දැඩි කනගාටුව පළ කළා එය අදටත් එක ලෙස වලංගුයි, මා නැවතත් ඒ සම්බන්ධයෙන් කනනගාටුව පළ කරන්නට පැකිලෙන්නේ නැහැ. මේ සිද්ධිය සම්බන්ධයෙන් මම මගේ බිරිඳ සහ පවුලේ අය සමගත් දීර්ඝව සාකච්ඡා කළා. මම මගේ බිරිඳටත් මගේ පවුලේ සාමාජිකයන්ටත් මේ මොහොතේ ස්තුති කරන්න කැමතියි මගේ මානසික තත්ත්වය තේරුම් අරගෙන මට දුන් සහය සහයෝගයට. කෙසේ වෙතත් මා තවදුරටත් නායකත්වයේ රැඳී සිටීමට සුදුසු යැයි මම විශ්වාස කරන්නේ නැහැ, එමෙන් ම අළු බඳුන තරඟාවලිය එළිපත්තේ තියෙද්දි මේ වගේ අතිරේක පීඩනයක් කණ්ඩායමට එල්ල කරන්නට මම කිසිසේත් සූදානම් නැහැ. මෙතනින් පහළට බැස්සට පස්සේ මට නැවතත් මගේ ක්රීඩාව සහ කණ්ඩායම කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කරන්න පුළුවන්.”

“කෙසේ වෙතත්, මෙම පුද්ගලික පණිවිඩ හුවමාරුව ප්රසිද්ධියට පත් වන බව මම මෑතකදී දැන ගෙන සිටියා. 2017 දී සිදුවූ මගේ ක්රියාවන් ඕස්ට්රේලියානු ක්රිකට් නායකයෙකුගේ ප්රමිතියට ගැලපෙන්නේ නැහැ. මගේ බිරිඳට, මගේ පවුලේ අයට සහ අනෙක් පාර්ශ්වයට මා විසින් සිදු කරන ලද වේදනාව ගැනත් මම දැඩි ලෙස කණගාටු වෙනවා.”

“මේ හරහා අපගේ ක්රීඩාවේ කීර්ති නාමයට සිදුවූ හානිය ගැන මට කණගාටුයි. ඔස්ට්රේලියානු ක්රිකට් කණ්ඩායමේ නායකයා ලෙස මම මගේ භූමිකාවට බෙහෙවින්ම ආදරය කළා. එය ඕනෑම ඔස්ට්රේලියානු ක්රිකට් ක්රීඩකයකුගේ සිහිනයක්, ඕස්ට්රේලියානු ටෙස්ට් කණ්ඩායමට නායකත්වය දීමට ලැබීම මගේ ක්රීඩා ජීවිතයේ මා ලද ලොකුම වරප්රසාදයයි.

“මගේ කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහයෝගයටත් මම කෘතඥ වෙනවා, අපි එකට ලබා ගත් ජයග්රහණ ගැන ආඩම්බර වෙනවා. ක්රීඩා ලෝලීන්ට සහ සමස්ත ක්රිකට් ක්රීඩවට මා විසින් සිදු කළ වැරැද්ද සම්බන්ධයෙන් මම නැවත නැවතත් සමාව අයදිනවා.”

හෙරල්ඩ් සන් පුවත්පතට අනුව, මෙම පණිවිඩ 2017 වසරේ දී ගැබා හි පැවති පළමු අළු බඳුන ටෙස්ට් තරග ආරම්භයට පෙර හුවමාරු වීම ආරම්භ වී තිබෙනවා, එම වාර්තාවේ දැක්වෙන්නේ මෙලෙස ටිම් පේන් විසින් යවන ලද ඇතැම් පණිවිඩ ප්රකාශයට පත් කිරීමට නොහැකි තරම් අසභ්ය මට්ටමේ ඒවා බවයි

 “ඔබට මගේ * රස බැලීමට අවශ්යද ?? “

F*** මට, මම ඔබ නිසා බරපතළ පීඩනයක ඉන්නේ, එහි හුවමාරු වූ ඇතැම් පණිවිඩ වල සටහන් වී තිබුණා. 

2018 ජූනි මාසයේදී ඕස්ට්රේලියානු ක්රිකට් බලධාරීන් සමඟ කරන ලද ලිපි හුවමාරුවකදී, අදාල කාන්තාව කියා සිටියේ “පේන් මහතාගේ ලිංගික ප්රකාශයන්ට අමතරව ඔහුගේ ලිංගික අවයවවල ඡායාරූප,” ආදිය නිසා තමන් බෙහෙවින් කම්පනයට පත් වූ බවයි. 

නිවේදනයක් නිකුත් කරමින් ක්රිකට් තස්මේනියා පැවසුවේ, “ක්රිකට් තස්මේනියා දැනුවත් කළ විගස, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ බවත් එහිදී අදාළ පණිවිඩ හුවමාරුව එක් අවස්ථාවකදී පමණක් සිදු වූ බවත්, එය පරිණත වැඩි වැඩිහිටියන් අතර ඇති වූ සිදුවීමක් සහ එය නැවත නැවත සිදු නොවූ බවට කරුණු තහවුරු වූ බවත් පවසා සිටිනවා. 

අදාළ කාරණය සම්බන්ධයෙන් ක්රිකට් තස්මේනියා පැහැදිලිවම ටිම් පේන් සමග සාකච්ඡා කළ අතර එහිදී අදාල ක්රියාවන් නැවත ඇති නොවන බවට තහවුරු කෙරුණු විශ්වාසය මත එය තවදුරටත් පවත්වාගෙන යාමට තීරණය කළ බවටත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්. 

කෙසේ වෙතත් සම්බන්ධයෙන් ඔස්ට්රේලියානු මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි ඉදිරිපත් වූ බවද වාර්තා වෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්