Sep
9

අනියම් පෙමක් නිසා අවසන් ගමන් ගිය සූරියවැව කාන්තාවගේ කතාව

 
2150 Views
   
 

සූරියවැව මහපැලැස්ස ප්‍රදේශයේ කාන්තාවක් ඝා තනය කිරීම සම්බන්ධයෙන් සහෝදරයන් දෙදෙනෙකු සහ තවත් අයෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අ න තු රු ව ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

සූරියවැව මහපැලැස්ස උණුදිය පොකුණ අසල නිවසක සිටි 34 හැවිරිදි කාන්තාවක් තියුණු ආ යු ධ යකින් පහරදී නිදි යහනේම ඝා තනය කර තිබියදී සොයා ගැණුනේ පසුගිය පළමුවනදායි. සිද්ධියට අදාළව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ එකම පවුලේ අවුරුදු 20 සහ 22 වයස්වල පසුවන සහෝදරයන් දෙදෙනෙක් සහ ඔවුන්ගේ මිතුරෙක් වන 22 හැවිරිදි තරුණයෙක්.

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් මි ය ගි ය කාන්තාවගේ අනියම් සැමියාගේ දරුවන් දෙදෙනා සහ මිතුරෙක් බව ද සඳහන්. අත් අඩංගුවට පත් සැකකරුවන් අතර සිටින සහෝදරයන් දෙදෙනාගේ පියා කාලයක සිට මෙම කාන්තාව සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර මේ හේතුවෙන් ඔහු තම බිරිඳ සමග ද නිතර පවුල් ආරවුල් ඇතිකරගෙන ඇති බවටයි හෙළිවී ඇත්තේ. මෙය ඉවසාගෙන සිටීමට නො හැකිවීම හේතුවෙන් ඔහුගේ දරුවන් දෙදෙනා මිතුරෙකු සමග එක්ව අදාළ කාන්තාව ඝා තනය කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ කරගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්