Nov
20

ජනපති ගෝඨාභය රාජපක්ෂ ගත් සාර්ථක තීරණ

 
1531 Views
   
 

අපේ රටේ වර්තමාන හා අනාගත පරම්පරාව නීරෝගීමත් පිරිසක් ලෙස ගොඩනැංවීමේ අරමුණින් කාබනික ගොවිතැනට ජනතාව යොමු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කළ අතර, එහි ඇති සාර්ථක බව දිවයින පුරා ගොවි ජනතාවගේ වගා කටයුතු නිරීක්ෂණයේදී දකිනට ලැබේ.

කුරුණෑගල දිස්ත්රික්කයේ කුලියාපිටිය ප්රදේශයේ ජනතාව කාබනික ගොවිතැන සාර්ථක ලෙස සිදු කරමින් ත ජීවිකාව සරු කරගෙන ඇති ආකාරය ඉතාමත් සතුටුදායකයි.

කුරුණෑගල දිස්ත්රික්කයේ කුඹුරු හෙක්ටයාර 8,2000 ක ආසන්න සංඛ්යාවකට අවශ්ය කරන කාබනික පොහොර වර්ග ගොවිජන සේවා මධ්යස්ථාන 56ක් ඔස්සේ බෙදා හැරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.මේ අලුත් වැඩ පිළිවෙළට මේ අලුත් ගමනට එක් වුණු ගොවි ජනතාවට බොහොම වීර්ය්වන්තව බොහොම මහන්සි වී කාබනික ගොවිතැනට එකතු වී ඇති ආකාරය පිළිබඳ දක්නට ලැබේ.

කොළඹට වී ශීත කාමර වලට වී අපට කිසි දෙයක් පිළිබඳ හරි තීරණයක් ගත නොහැක. මේ මහපොළොව සමග හැප්පෙන්නෙ, ඔට්ටු වෙන්නෙ ගොවි ජනතාවයි. ගොවියා පවසන්නේ වී ගොවිතැන හෝ ගොඩ ගොවිතැන මේ සියල්ලෙහි අවසන් ප්රථිඵලය ආහාර ලෙස මිනිස් ශරීරය වෙත ඇතුල් වන බැවින් වස විස නැති ආහාර නිශ්පාදනය පිළිබඳ හදවතින්ම සතුටක් ලබන බවයි.

අවශ්ය ප්රමාණයට කාබනික පොහොර එම ගොවීන් විසින්ම සාදා ගන්නා අතර ජනාධිපතිවරයා ගත් මෙම තීරණය ඉතාමත් වැදගත් බව ගොවීන් පවසයි . ග්රාමීය ප්රදේශ වල ගොවියා ඉල්ලනු ලබන්නේ ඔවුන්ගේ ජීවිතයයි. මෙම ග්රාමීය ප්රදේශ වල මිය යෑම් පිළිබඳ සමීක්ෂණය කළහොත් වැඩිම ප්රතිශතය වකුගඩු රෝගය හෝ පිළිකා රෝගයට ගොඳුරු වී මියගිය අයයි. අද ලෝක සෞඛ්ය සංවිධානය පවසා ඇත්තේද ලංකාව කෘෂි රසායන පාවිච්චි ඉතාමත් ඉහළ ස්ථානයක සිටින බවයි.

මෙයින් මිදීමට ජනාධිපතිවරයා ගත් තීරණය ඉතාමත් වටිනා බව සැමගේම අදහසයි. හැම දිගු ගමනක්ම ආරම්භ කිරීමට නම් මේ මොහොතේදීම පුංචි පියවරක් හෝ ඉදිරියට තැබිය යුතුමය. කාබනික ගොවිතැනට අපේ රට මේ යන ගමනත් ඒ වගේ..

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්