
පවතින තත්වය හමුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබමින් පවතින බව එහි සභාපතිවරයා ප්‍රකාශ කළා. ඒ, කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකදියි. ඊට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ද එක්ව සිටි අතර, ඔහු කියා සිටියේ යම්කිසි සහනයක් ලබාදීමට භාණ්ඩාගාරය කටයුතු නො කරන්නේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට හෝ සිදුවන බවයි. ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විශාල වශයෙන් පා ඩු ලබන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ. මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සභාපති නීතිඥ සුමිත් විජේසිංහ සදහන් කළේ ලෝක වෙළඳපොලේ මිල ඉහළ යාමත් සමඟ මෙරට ඉන්ධන මිල ද ඉහළ දැමිය යුතු බවයි.
erertreterterter