Nov
23

කොටි පුෂ්පයත් ගහගෙන ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් යාපනයේ කොටි සැමරුමකට ගිහින්

 
1466 Views
   
 

යාපනය පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ පරධානී මෙරට නියෝජ්ය ඉන්දීය මහකොමසාරිස් රාකේෂ් නටරාජ් ජයබාස්කරන් මහතා ශීර ලංකාවට රාජ්යතාන්තිරක අභියෝගයක් එල්ල කරමින් එල්ටීටීඊ පුෂ්පය වන නියඟලා මලක් පැළඳ ගනිමින් උතුරේදී මියගිය කොටි තරස්තයන් සැමරීමේ උත්සවයකට සහභාගි වී තිබේ.

උපවාසයකින් දිවි නසාගත් පරබල එල්.ටී.ටී.ඊ සාමාජිකයකු වූ කිට්ටු සැමරීම සඳහා යාපනය නල්ලූර්හි පිහිටි ‘කිට්ටු’ හෙවත් සංගිලියන් උද්යානයේදී ඉකුත් 20 වැනිදා පෙරවරුවේ මෙම උත්සවය පැවැත්වී ඇත. උතුරු පළාත් හිටපු කෘෂිකර්ම ඇමැති පොන්නතුරෙයි ඓන්කරනේෂන් විසින් සංගිලියන් උද්යානයේ සංවිධානය කර තිබූ මියගිය කොටි සාමාජිකයන් සමරමින් නොවැම්බර් මාසයේදී උතුරේ පැවත්වෙන රුක් රෝපණ වැඩසටහනට අනුව ‘කිට්ටු’ උද්යානයේ පැවති පැළ බෙදා දීමේ උත්සවයකට ඉන්දීය නියෝජ්ය මහකොමසාරිස්වරයා පරධාන ආරාධිතයා ලෙස සහභාගි වී තිබේ.

එහිදී ඉන්දීය නියෝජ්ය මහ කොමසාරිස් රාකේෂ් නටරාජ් ජයබාස්කරන් ඇතුළු ආරාධියන්ට කොටි පුෂ්පය වන නියඟලා මලක් පළන්දවා සංවිධායකයන් ඔවුන් පිළිගෙන ඇති අතර මල් යොදා සකසා තිබුණු පිත්ත පටියක් කපමින් මෙම පැළ බෙදා දීමේ උත්සවය විවෘත කර ඇත්තේ ඉන්දීය නියෝජ්ය මහකොමසාරිස්වරයාය.

යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ තරස්තවාදීන් සැමරීම සඳහා නොවැම්බර් මාසයේ පැළ සිටුවීම යුද ගැටුම් අවසාන වීමත් සමඟ උතුරේ කිරයාත්මක වූ අතර ඉකුත් 2016 වසරේදී නොවැම්බර් මාසය පැළ සිටුවීමේ මාසය ලෙස නිල වශයෙන් නම් කිරීමට උතුරු පළාත් සභාව කිරයා කළේය.

ඉන්දීය නියෝජ්ය මහකොමසාරිස් රාකේෂ් නටරාජ් ජයබාස්කරන් මහතා ඉන්දියාවේ තමිල්නාඩු පරාන්තයේ වැසියෙකි.

රාජ්යතාන්තිරක නිලධාරියකු බව අමතක කරමින් හෙතෙම මේ අන්දමට කොටි සැමරුම් උත්සවයකට සහභාගි වීම පිළිබඳ ශීර ලංකා රජය හෝ විදේශ කටයුතු අමාත්යාංශය කිසිදු පියවරක් ගෙන නැත.

01.

02.

 

සමන් ගමගේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්