Jun
25

රජයේ ලොකු පුටු 6ක් පිරවීමට අනුමැතිය

 
1615 Views
   
 

රජයේ ඉහළ තනතුරු හයක පුරප්පාඩු පිරවීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වී ඇත. මේ අනුව මෙසේ අනුමැතිය හිමි වී ඇත්තේ නව තනාපතිවරුන් දෙදෙනෙකු, අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනකු සහ සංස්ථා සභාපතිවරයකු පත් කිරීම සඳහාය.

බ්‍රසීලයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස බී එම් සුමිත් දසනායක සහ ඉරානය නව ශ්‍රී ලංකා තානාපති ලෙස ජී එම් විශ්වනාත් අපොන්සු යන මහත්වරුන් පත් කිරීමටද වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එස් විදාණපතිරන, පොහොර නිෂ්පාදන සහ සැපයුම් ර සායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එම් එන් රණසිංහ, වාහන නියාමනය බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර්රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ලෙස එස්.එම් අල්විස් යන මහත්වරුන් පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලැබී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය .

මෙයට අමතරව සංවර්ධන ලොතරැයි මණ්ඩල සභාපතිවරයා ලෙස අනුෂ පැල්පිට මහතා පත් කිරීමටද එම කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව ඔහු සඳහන් කළේය.

උසස් නිල තල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉකුත් 23 වැනිදා රැස්විය .

මෙම රැස්වීමට සභානායක විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරුන්වන නිමල් සිරිපාල ද සිල්වා රමේෂ් පතිරණ රාජ්‍ය අමාත්‍යවරුන්වන, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්