Dec
5

ශ‍්‍රී.ල.නි.ප ය යැව්වොත් ආණ්ඩුවෙන් යන්න මන්ත‍්‍රීවරු 74 ක් සූදානමින්

 
2608 Views
   
 

ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස ශරී ලංකා නිදහස් පක්ෂ මන්තරීවරුන් 14 දෙනාට දැන්වුවහොත් ඕනෑම මොහොතක ඊට සූදානම් විය යුතු බව පක්ෂ මධ්යම කාරක සභාව ඒකමතිකව තීරණයකර ඇත.

පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛතරීපාල සිරිසේන මහතාගේ පරධානත්වයෙන් ඉකුත් 2 වැනිදා පක්ෂ මූලස්ථානයේ රැස් වූ මධ්යම කාරක සභාවේදී මෙම තීරණය ගත් බව ද ශරී.ල.නි.ප ජ්යෙෂ්ඨ මන්තීරවරයෙක් පැවසීය.

එසේ ඉවත්වීමේදී ශරීලනිප මන්තරීවරු 14 දෙනාට අමතරව ආණ්ඩුව නියෝජනය කරන පරධාන පක්ෂ කිහිපයක මන්තරීවරුන් සමඟ ශරී ලංකා පොදුජන පෙරමුණේ මන්තරීවරුන් 60 දෙනකු පමණ පිරිසක්ද ඉවත්වීමට කැමැත්ත පළකර ඇතැයිද එම මන්තරීවරයා සඳහන් කළේය.

මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට එක්වී පොදු න්යාය පත්රයක් අනුව කටයුතු කිරීමට සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කළ ඉල්ලීම ශ්රී ලංකා නිදහස් පක්ෂ ඉවත දමා තිබේ.

වත්මන් දේශපාලනයේදී සමගි ඩනබලවේගය කටයුතු කරන හාස්ය ජනක ආකාරය සැලකිල්ලට ගනිමින් ශ්රී ලංකා නිදහස් පක්ෂය ඒ සම්බන්ධයෙන් කිසිඳු සැලකිල්ලක් නොදක්වා ඇති බවයි වාර්තා වන්නේ. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජ්යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ ශ්රී ලංකා නිදහස් පක්ෂයට සමගි ජන බලවේගය සමඟ එක්වී විපක්ෂයේ පොදු න්යාය පත්රයක් අනුව කටයුතු කිරීමට කිසිඳු අවශ්යතාවයක් නොමැති බවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්