Nov
2

28 දෙදරු මවයි ඇගේ මාමයි මාට්ටු

 
7851 Views
   
 

මුහුණු පොත හරහා ව්යාපාරිකයන් හා රටේ වැදගත් නිලතල දරන පුද්ගලයින් සමග මිත්ර සම්බන්ධතා ඇතිකර පසු උපක්රමශීලීව ඔවුන්ගේ නි රු ව ත් ඡායාරූප ලබා ගැන ඒවා ප්රසිද්ධ කරන බවට කියමින් කප්පම් ලබා ගැනීමේ නිරතව සිටි 28 හැවිරිදි දෙදරු මවක් හා ඇගේ මාමා යැයි පැවසෙන පුද්ගලයකු අක්කරේපත්තුව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගත් සැකකරු දෙදරු මව සතු ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේ දී ව්යාපාරිකයන් බැංකු ක්ෂේත්රයේ පිරිස්, වෛද්යවරුන් හා මිල මුදල් යහමින් ඇති 25 දෙනෙකුට ආසන්න පුද්ගලයින්ගේ ඡායාරූප එහි තිබී පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

සැකකාර කාන්තාවට මෙලෙස කප්පම් ලබා ගැනීමට සහාය දී ඇත්තේ ඇගේ මාමා බවත්, ෆේස්බුක් ඔස්සේ කාන්තාව හා මිත්ර වන පුද්ගලයන්ට තර්ජනය කරමින් මුදල් කප්පම් ඉල්ලා ඇත්තේ ඇගේ මාමා බවත් මේ පිළිබඳව කළ විමසීමකදී අක්කරපත්තුව පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක විජේතුංග මහතා පැවසුවා.

මෙම කාන්තාවට රැවටුණු පුද්ගලයන් ඇයට ලක්ෂ ගණනින් මුදල් එවා ඇති බවත් පොලිසිය පැවසුවා පෙරේදා පොලිස් ස්ථානාධිපතිවරයාට කතා කළ එවන් අයෙකු තමා ද එම කාන්තාවට හසුවූ බවත් එලෙස රැවටී රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් ඇයගේ ගිණුමට බැර කළ බවත් ඔහු පවසා ඇත එමෙන්ම එම මුදලින් ඇය සිය නිවස අලුත්වැඩියා කොට නව ගෘහ භාණ්ඩ මිලදී ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

මෙලෙස එම කාන්තාවට රැවටී මුදල් ලබා දුන් අයගේ පැමිණිලි මේ වන විට අක්කරපත්තුව පොලිසියට ලැබෙමින් පවතින්නේ මොවුන් අත් අඩංගුවට ගත් බවට තොරතුරු ප්රචාරය වීමත් සමඟනි. පොලිසිය පවසන අන්දමට සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත්තේ මෙලෙසය. අත් අඩංගුවට ගෙන ඇති සැකකරු ගේ බිරියගේ නැගණිය මෙම ජාවාරමේ සුරූපිනිය බව පොලිසිය කියයි.

ඇගේ මාමා විසින් මුහුණු පොත හා සමාජ මාධ්ය ජාලා ඔස්සේ සොයා ගන්නා ව්යාපාරිකයන් ඇතුළු මිල මුදල් යහමින් ඇති අය හා රටේ නම ගිය අයගේ තොරතුරු හා දුරකතන අංක ඇතුළත් facebook post සිය දියණියට ලබාදීමෙන් පසු ඇය මුහුණු පොත තුල පෙනී සිටින එවන් අයට කෙටි පණිවිඩ හා මිස් කෝල් දෙමින් ඔවුන් සමඟ සම්බන්ධතා ඇති කරගෙන තිබේ. මෙලෙස දිගින් දිගටම සම්බන්ධකම් පවත්වාගෙන යමින් ඔවුන් හා මිත්ර වන ඇය ක්රමයෙන් පින්තූර හුවමාරු කර ගැනීම ද සිදු කරන බව පොලීසිය පැවසුවා.

ඇයගේ ඡායාරූප ලෙස පැහැදිලි ඡායාරූප ඔවුනට යැව්වද ඇය එම පුද්ගලයන්ගෙන් පරහැදිලි නිරුවත් ඡායාරූප මෙන්ම නිරුවත් වීඩියෝ පටද ලබා ගැනීම මුලින්ම සිදු කර ඇත. නිරුවත් ඡායාරූප ලබාගැනීමෙන් පසුව ඇය එම සම්බන්ධතා නතර කරන බවත් ඉන් පසු එම පුද්ගලයා අමතන්නේ ඇගේ මාමා බවත් පොලිසිය සඳහන් කරයි.

තම දියණියට නි රු ව ත් පිංතූර හා නි රු ව ත් වීඩියෝ එවා ඇත්තේ ඇයිදැයි ප්රශ්න කරමින් එම පුද්ගලයන්ට දුරකථන ඇමතුම් දෙන සැකකරු, ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන බවත් නැතහොත් එම නිරුවත් පින්තූර හා වීඩියෝ පට අන්තර්ජාලයට දමන බවත් අදාල පුද්ගලයන්ට තර්ජනය කර ඇත. ඉන් බයවෙන ඡායාරූපය වූ පුද්ගලයන් පොලිසියට පැමිණිලි නොකරන ලෙසත් තම පින්තූර අන්තර්ජාලයට නොදමන ලෙසත් බැගෑපත් වන බවත් ඒ වන විට සැකකරු එසේ නොකිරීමට නම් මුදල් ලබාදෙන ලෙසට තර්ජනය කරන බවත් ඉන් අනතුරුව ඔවුන් මුදල් ලබාදෙන බවත් අනාවරණය කරගෙන තිබෙනවා.

පොලිසිය මේ බව අනාවරණය කරගෙන තිබුණේ එලෙස සැකකාර කාන්තාව ට රැවටී රුපියල් ලක්ෂ හයක කප්පම් මුදලක් ගෙවූ තැනැත්තෙකුගෙනි.

එම රුපියල් ලක්ෂ හය ලබාදීමෙන් පසු සැකකාර මාමා ඔහුගෙන් තවත් රුපියල් ලක්ෂයක් ඉල්ලා ඇති අතර පසුව මේ බව මෙම පුද්ගලයා අක්කරේපත්තු පොලිස් ස්ථානාධිපතිවරයාට පැමිණිලි කර තිබේ. ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත සැකකාරිය සමඟ දිගටම දුරකථන සංවාද දෙමින් සම්බන්ධකම් පවත්වාගෙන ගොස් ඇති පැමිණිලිකරු ඉතිරි රුපියල් ලක්ෂය ලබා දීමට සූදානම්ව සිටියදී ඒ ගැනීමට පැමිණි මාමා හා දියණිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට ඇයට විශාල පිරිසක් නිරුවත් හා අඩ නිරුවත් ඡායාරූප ඒවා මුදල් ද කප්පම් ද ලබාදී ඇති අතර එලෙස හසුවන පුද්ගලයන් ඇතොත් අක්කරේපත්තු පොලිසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ. සැකකරු හා සැකකාරිය බිරිඳ හා සැමියා ලෙස කලක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති අතර සැකකාර මාමා නමැති අයගේ වයස අවුරුදු 40ක් වන බවත් පොලිසිය අනාවරණය තිබෙනවා.

සැකකාරිය කලින් විවාහ වී දරුවන් දෙදෙනකු සිටින මවක් බවත් ඇය මේ වන විට දික්කසාද වී සිටින බවත් පොලිසිය සඳහන් කළේය සැකකරුවා සැකකාරිය අක්කරේපත්තු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය පැවසුවේ. සමාජ මාධ්ය ජාලා හා මුහුණු පොත ඔස්සේ මෙම කාන්තාව හඳුනාගත් රටේ ව්යාපාරිකයන් ඇතුළු පිරිසගේ බට හසුවී ඇගේ ජංගම දුරකථනය ඉදිරියේ නිරුවත් වී ඇති බවද අක්කරේපත්තු පොලිසිය සඳහන් කළේය.

නියෝජ්ය පොලිස්පති එස්.එම්. සෙනෙවිරත්න අම්පාර කොට්ඨාස භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක, සහකාර පොලිස් අධිකාරී දේශප්රිය යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත අක්කරේපත්තුව පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.එස්.ඩී විජේතුංග මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ගුණරත්න ඇතුළු සැරයන් අසාත්, සිසිල හා කොස්තාපල්වරුන් වන රිස්වාන්, සංජීව, සශී හා අනෝජන් යන නිලධාරීහු මේ පිළිබඳව විමර්ශන වලට එක්වී සිටී.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්