Mar
21

වෙළෙඳ දැන්වීම් 67කට ඉදලා තියෙන සරාගී පුංචි කෙල්ල

 
2693 Views
   
 

පොඩි වයසෙන්ම රංගන ශේෂ්ත්‍රයට පැමිණ අද ඉතා ජනප්‍රිය නවක නිලියක් වන ඇය නමින්. ඇය යෙහානි හෙට්ටිආරච්චි. දැනට රුපවාහිනී නාලිකාවක යන සිහින ගෙන කුමාරි නාට්‍යයෙන් ගොඩක් ජනප්‍රිය උන යෙහනිගෙන් පතිචාර ගැන විමසුවා.

යොහානි මේ දවස්වල මොකද කරන්නෙ, ගොඩක් ජනප්‍රිය වෙලා නේද?

ඔව් ඇත්තටම ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් සතුටුයි. මම මේ දවස් වල සාමාන්‍ය පෙළ විභාගයට පාඩම් කරන ගමන් ඉන්නෙ. ටෙලි නිර්මාණ දෙකක රූගත කිරීම්වලටත් සහභාගි වෙනවා. ඒ අතරේ සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නිර්මාණයේ සකුණිගේ චරිතයට පන් පොවමින් සිටිනවා ඒ චරිතයට ආදරය කරන බොහෝ පිරිසක් ඉන්නවා.

යොහානි ඔබ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියල අපි දැනගන්න කැමති?

මම මුලින්ම වෙළද දැන්වීම් සදහා තමා අවේ. ඒ අවුරුදු තුනේදී.ඊට පස්සේ තමා ආපහු මට අවුරුදු පහේදී සිරස නාළිකාවේ විකාශනය වන පුංචි පැංචි වැඩසටහනේ නිවේදන කටයුතු කරන්න අවස්ථාවක් ලැබෙනවා. එතැනින් පටන් ගත්ත ගමන තමයි තාමත් කරගෙන යන්නෙ. දැනට ටෙලි නිර්මාණ 13කට, චිත්‍රපට 12කට සහ වෙළෙඳ දැන්වීම් 67කට රංගනයෙන් දායක වෙලා තියෙනවා.

පවුලේ විස්තර ගැනත් ටිකක් කියමුද?

මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියලා දෙන්නයි, මමයි. අම්මා මංගලිකා. තාත්තා ධම්මික හෙට්ටිආරච්චි. ලොකු අයියා ගයාන් දර්ශන, පොඩි අයියා තුෂාර ප්‍රියදර්ශන. අයියලා දෙන්නම විවාහකයි.

සැබෑ ජීවිතයත් සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නිර්මාණයේ සකුණිගේ චරිතේ වගේද?

ඔව් ඇත්තටම ඒ මගේම චරිතේ කියල මට හිතෙනවා. ගෙදරින් ලැබෙන ප්‍රතිචාර කොහොමද. ගොඩක් ලොකු ප්‍රතිචාර ලැබෙනව. ගෙදර පොඩිම කෙනා මම. නිසා හැමෝම මට ගොඩක් ආදරෙයි. පොඩි අයියට වඩා අවුරුදු 15කින් බාලයි. ඒ නිසා ඉතින් පොඩ්ඩ ඇත්නන් කෑගහගෙන, පොඩ්ඩ ඇත්නන් අඬාගෙන එහෙම තමයි ඉන්නෙ. යොහානි අධ්‍යාපන කටයුතු කොහොමද කරගෙන යන්නේ කරගන්නෙ. මට උගන්වන ගුරුවරුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මම රූගත කිරීම්වලට ගියත් පාඩම් වැඩ කටයුතු අතපසු කරන්නෙ නැහැ. රූගත කිරීම් සඳහා දින වෙන් කරගන්නෙත් අධ්‍යාපන කටයුතු අතපසු නොවෙන විධියට. ඒ නිසා වැඩ සේරම කළමනාකරණය කරගන්න පුළුවන්.අනාගතේ මොනවද කරන්න හිතාන ඉන්නේ.

බැංකු කළමනාකරණය පිළිබඳව හදාරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒවගේම රංගන ශේෂ්ත්‍රයේත් ගොඩක් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රංගන ශේෂ්ත්‍රය ගැන ඉගෙන ගැනීමට ලොකු ආසාවක් තියනවා. නමුත් රංගනය වෘත්තියක් විධියට කරන්න බලාපොරොත්තුවක් නැහැ. නිවේදන කටයුතු වලත් නිරත වෙනවා. ඒ වගේම චන්ද්‍රසේකරම් මහතා විසින් අධ්‍යක්ෂණය කළ පාංශු චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.ඔහුගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න මම ගොඩක් ආසාවෙන් හිටියේ. මගේ දෙමාපියන්ගේ සහයෝගයත් සමඟ සතුටින් මගේ වැඩකටයුතු වල නිරත වෙනවා.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්