Mar
28

ගසක් කපන්නට නම් ඊට සරිලන ගසක් රෝපණය කළ යුතු බවට චක්‍රලේකයක්

 
768 Views
   
 

නව දැව බලපත්ර නිකුත් කිරීමේදී ඊට සරිලන පැල රෝපණය කිරීමකින් පසුව අදාල දැව බලපත්රත නිකුත් කළ යුතු බවට නව චක්රලේඛයක් නිකුත් කොට ඇත. ඇත්තෙන්ම එය සුබදායී පියවරක් බව කිවයුතුමවේ. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග අමාත්ය ,ආරක්ෂක රාජ්ය අමාත්ය‍ සහ ස්වදේශ කටයුතු රාජ්ය් අමාත්යෙ චමල් රාජපක්ෂ මහතා මේ බව පවසා ඇත.

අමාත්යෂවරයා ඊට අදාල උපදෙස් ස්වදේශ කටයුතු රාජ්ය‍ අමාත්යාංයශයේ ලේකම් එන්.එච්.එම් චිත්රා්නන්ද මහතාට ලබා දී ඇති අතර ඒ අනුව සියලු දිස්ත්රිඅක් ලේකම්වරුන්ට, ප්රා්දේශීය ලේකම්වරුන්ට සහ ග්රාෙම නිලධාරී වරුන්ට ඊට අදාල උපදෙස් ඇතුලත් චක්රලලේඛනය නිකුත් කර ලෙස අමාත්යය චමල් රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇත එය පහත පරිදිවේ.

2022.03.31 වන දිනෙන් පසු නිකුත් කරනු ලබන සෑම දැව හෙලීමක්ම සඳහාම වලංගුවන මෙම නීතිය අනුව නව දැව හෙලීම් බලපත්රන නිකුත් කිරීමේදී පහත කරුණු අනුගමනය කළ යුතුයි.

* දැව හෙලීම් බලපත්ර්ය නිකුත් කරනු ලබන ශාක වර්ගයම රෝපණය කළ නොහැකි නම්, එම ශාකය මගින් මිහිමවට දායාද කළ ජෛවීය ගුණයන් හා ප්රයමාණයන්ට සරිලන ප්ර මාණාත්මක හා ගුණාත්මක සේවාවක් සලසන ශාක විශේෂයක් බලපත්ර ලාභියා විසින් සිටුවිය යුතුයි.

* දැව හෙලීම් බලපත්රගය හිමි ඉඩමේ අයිතිකරුවන් විසින් පැල රෝපණය කළ යුතු අතර ව්යාදපාරිකයෙකු වෙත බලපත්ර නිකුත් කරනු ලබන අවස්ථාවකදී එම ව්යාවපාරිකයා විසින් බලපත්රතයට ගෙවනු ලබන මිලට අමතරව නව රෝපණයට සුදුසු ශාක විශේෂ අදාළ ඉඩම් හිමියා ලබාදී එම ශාකය රෝපණය කළ යුතුයි.

* ව්යාාපාරික කටයුත්තක් නොවන අවස්ථාවකදී ඉඩම් හිමියා විසින් අදාළ ශාක විශේෂය තම වියදමින් සපයාගෙන බලපත්ර්ය පරීක්ෂාවට පැමිණෙන දිනයේ දී ප්රාෂදේශීය ලේකම් කාර්යාලයේ පරීක්ෂාකර නිලධාරීන් ඒ පිළිබඳව දැනුවත් කර පැළ රෝපණය කළ යුතුය.

* ශාක රෝපණය සඳහා තම ඉඩම තුළ ප්රරමාණවත් හා සුදුසු ඉඩකඩ නොමැති අවස්ථාවකදී ග්රාණම නිලධාරියා විසින් නියම කරනු ලබන ප්රපදේශයේ පොදු ස්ථානයක අදාළ නව ශාක රෝපණය කළ යුතුයි.

* දැව හෙලීම් බලපත්රයය තුළින් හෙළීම් සිදුකිරීම සඳහා අවසර ලබා දී ඇති ශාක ප්රළමාණයට සාපේක්ෂව ඊට සරිලන පැළ ප්රළමාණයක් සිටුවීම සඳහා අදාළ ඉඩම් හිමියන් හා ව්යාණපාරිකයින් යොමු කළ යුතු අතර එය හෙළීම් සිදු කරන එක් ශාකයක් සඳහා අවම වශයෙන් එක් පැලයක් සිටුවිය යුතු අතර උපරිමය සීමාවක් නොමැත.

* සිටුවනු ලබන පැළ පිළිබද විස්තර ඇතුලත් ලේඛනයක් ග්රා්ම නිලධාරී විසින් සහ ප්රා දේශීය ලේකම් විසින් වෙන වෙනම පවත්වාගෙන යා යුතු අතර තම වසම තුළ පැළ සිටුවනු ලබන සෑම අවස්ථාවකදීම ග්රා ම නිලධාරී විසින් එම විස්තර තම සටහන් ලේඛනයේ ඇතුළත් කිරීමට වග බලා ගත යුතු අතර එහි පිටපතක් සමග දැව හෙළීම් ඉල්ලුම්පත්රතය ප්රා දේශීය ලේකම් කාර්යාලය වෙත ලබාදිය යුතුයි.

*ප්රාුදේශීය ලේකම් කාර්යාලය විසින් තම බල ප්ර දේශය තුළ රෝපණය කළ පැල පිළිබඳව පවත්වාගෙන යන ලේඛනයට අනුව අදාළ පැල නඩත්තු පිළිබඳ ස්වදේශ කටයුතු අමාත්යංගශය යටතේ සිටින කාර්යාල ගත සංවර්ධන නිලධාරීන් මගින් මසකට වරක් පසුවිපරමක් සිදු කළ යුතු අතර එහි පසුවිපරම වාර්තාව මාස තුනකට වරක් ස්වදේශ කටයුතු අමාත්යාංළශය වෙත යොමු කළ යුතුය.

අද වන විට කොලඹ පමණක් නොව කොලඹින් ඈත නගරවල පවා දැඩි රශ්මියක් පවතින්නේ මෙම අවිධිමත් ගස් කැපීම නිසා බව අපගේ අදහසයි. එවන් වකවානුවක ගෙනෙනා ලද මෙම නව නීතිය වෙනුවෙන් අප සතුටට පත්විය යුතුවේ. කෙසේ වුවද නීතිය වල් වැදීමට හෝ නීතිය අවභාවිතා නොකිරීමේ වගකීම දේශපාලකයන්ටත් වඩා අදාල රාජ්‍ය නිලධාරීන් වෙත ඇති බව අවධාරනය කරමු.

එය එසේ වුවහොත් අප රට හරිත කලාපයක් වනවා නොඅනුමානය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්