Nov
14

“මම මන්ත්‍රීවරයෙක් කියල බිරිඳවත් පිළිගන්නෑ” පොහොට්ටු මන්ත්‍රීගෙන් දුක් ගැනවිල්ලක්

 
2157 Views
   
 

”මම මන්ත්‍රීවරයෙක් බව මගේ බිරිඳව ත් පිළිගන්නෙ නැතිකොට, මම මහජන නියෝජිතයෙකු ලෙස මහජනතාව අතරට ගොස් ප්‍රශ්න විසදන්නේ කෙසේ දැයි?” පොල්පිතිගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රී එච්.බී. ධර්මසේන මහතා ප්‍රශ්න කරයි.

පොල්පිතිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පොදුජන පෙරමුණු මන්ත්‍රී රංජිත් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සභා ශ්‍රවණාගාරයේ නොවැ. 9 වන දා පැවති මාසික සභා රැස්වීමේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

එහිදී ධර්මසේන මන්ත්‍රීවරයා මෙසේ ද පැවසී ය.

”ජනතා වරමින් මම මන්ත්‍රීවරයෙක් වෙලා දැනට වසර එක හමාරකට වැඩිකාලයක් ගත වෙලා තිබෙනවා. ගමේ ප්‍රශ්න තියා මට මගේ ප්‍රශ්නයක්වත් විසඳා ගන්නට බැරි වෙන කොට මගේ බිරිය පමණක් නෙමෙයි දරුවෝ හා පවුලේ අය පවා මගෙන් අහනවා මම මන්ත්‍රීවරයෙක් ද? කියලා.

ඒකට හේතුව තමයි අපේ ගමේ ඉඩමකට යන්න පාරක් නෑ. පාර දෙන්න කියා අදාළ ග්‍රාම නිලධාරී හරහා ප්‍රාදේශීය ලේකම් දැනුවත් කෙරුවා. අවස්ථා කිහිපයකදී ගිහින් ඒ ගැන සිහිගැන්වුවා. නමුත් විසඳුමක් නෑ. ඒ ඉඩමට යන පාරේ තමයි මගේ ඉඩමත් තිබෙන්නේ. ඉතින් මගේ ඉඩමට යන පාරවත් විසඳා ගන්න බැරි මම මන්ත්‍රීවරයෙක් ද කියලා මගේ ගෑණි, දරුවෝ, පවුලේ අය මෙන් ම ගමේ ම අය මට චෝදනා නගන විට මම එහෙම ප්‍රශ්නයක් සභාවට කීම හරි නේ ද?

වැහි කාලයට ඒ ඉඩමට යන්න ම බෑ. ඒ නිසා වැහි කාලයට යන්න පාරක් දෙන්න බැරි නම් මට වෙලට යන්න බෝට්ටුවක් හරි ඔරුවක්වත් දෙන්න. නැතිනම් ප්‍රශ්නය විසඳලා දෙන්න.

මට විතරක් නෙමෙයි. ඒ පැත්තේ එවැනි පාරවල්වල හා පොදු සුසාන භූමිවල ගැටලු රැසක් හමුවේ ජනතාව අසරණ වෙලා ඉන්නවා. සාගිනිවත්ත, නිවාසපුරය අද වනවිට වළිපුරවත්තක් වෙලා. ඒ ගමේ ජල ගැටලුවක් තිබෙනවා. ඒවා පවා විසඳලා දෙන්න කීවාට මේ තාක් විසඳිලා නෑ. ඒවා විසඳන්නේ නෑ  කියලා පවුලේ අය බනින්නෙ ත් මට. ගම්වල අය බනින්නේ ත් මට. ගම් උදාවේ ගෙවල්වල ඉන්න ජනතාව බනින්නෙ ත් මට. ඔක්කෝ ම එකතුවෙලා මට බනින මේ ගැටලුවලට විසඳුමක් ලැබෙන්නේ කවදා ද?”

මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පොල්පිතිගම ප්‍රාදේශීය සභා සභාපති රංජිත් විජේනායක මහතා මෙසේ පැවසී ය.

“ඔබතුමාගේ කුඹුරට යන පාරේ හා ප්‍රදේශයේ පවතින පොදු ගැටලු විසඳා දීම සඳහා අදාළ ග්‍රාම නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම් සම්බන්ධ කර ගන්නවා. එසේ ම සාගිනිවත්තේ ජල ගැටලුවට විසඳුම් දීමටත් පියවර ගන්නවා.”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්