Feb
10

හිජාබ් තහනමට එරෙහිව ඉන්දියාව පුරා විරෝධතා

 
603 Views
   
Protests across India against hijab ban  

විරෝධතාවලට සම්බන්ධ වී සිටින අයගෙන් බහුතරය කාන්තාවන්ය.

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්ත සිසුවියන්ට ඉකුත් සතියේදී හිජාබය පැලඳීම තහනම් කර තිබුණේ එය අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝගයක් බව පවසමින්ය.

ඒ අනුව පාසල් කිහිපයක්ම හිජාබය පැලඳ සිටි සිසුවියන් ඇතුළු කරගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි.

ඒ සමග අදාළ නියෝගයට එරෙහිව කර්නාටක ප්‍රාන්තය පුරා විරෝධතා රැල්ලක් ආරම්භ වුණි.

ප්‍රාන්තයේ විරෝධතා උත්සන්න වීමත් සමග පාසල් දින 3ක් වසාදැමීමට බලධාරීන් පියවර ගත්තේය.

මේ වන විට එම විරෝධතා නවදිල්ලි අගනුවරටත් තෙලන්ගනා ඇතුළු ප්‍රාන්ත කිහිපයකටත් ව්‍යාප්ත වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

හිජාබ් තහනමට එරෙහිව නවදිල්ලි අගනුවර පැවැත්වෙන විරෝධතාව ප්‍රමුඛස්ථානයක් ගැණුනි.

2019 වසරේදි ආන්දෝලනාත්මක පුරවැසි පනතට එරෙහිව මාස ගණනක් පුරා විරෝධතා පැවැත්වූ ශහීන් බාග් නමැති ප්‍රදේශයේ මේ විරෝධතාවත් පැවැත්වේ.

මේ පිරිස රාත්‍රී කාලයේත් විරෝධතාවේ නිරත වූ බව  විදෙස් වාර්තා සඳහන් කළේය.

මේ අතර හිජාබ් තහනමට එරෙහිව හයිද්‍රාබාද් නගරයට රැස්වූ බුර්කාව පැලඳ ගත් කාන්තාවන් පිරිසක් ආගමික වතාවත්වල නිරත වුණි.

හිජාබ් තහනමට එරෙහිව කර්නාටක මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්වී තිබේ.

එය කිහිපදෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීමට නියමිත බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්