Aug
21

නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමවේදය තුළ අපි කිසිම රෝගියෙක් අ ත හැරලා නැ හැ – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

 
650 Views
   
 

නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආ සා දි තයින් සංඛ්‍යාව 5,000 සීමාවට පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ඔවුන් ලියාපදිංචි කිරීමෙන් අ න තු රු ව මේ නිවෙස්ගතව ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවය.
නිවෙස්වල නිරෝධායනයේ සිටින කොරෝනා ආ සා දි ත යි න් ට, රෝගය උත්සන්න වුවහොත්, ඔවුන් රෝහල් කරා රැගෙන එන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. දකුණු පළාත, උතුරු පළාත, සබරගමුව යන පළාත්වල ද නිවෙස් නිරෝධායනය සඳහා කොරෝනා රෝගීන් ලියාපදිංචි කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.
මේ අතර කො විඩ් -19 ආසාදිතව නිවෙස් නිරෝධායනයේ යෙදෙන ඇතැම් පිරිස් නිසි වෛද්‍ය අධීක්ෂණයෙන් තොරව කටයුතු කරන බවට තොරතුරු වාර්තා වී තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ප්‍රකාශ කළේ, කිසිදු පුද්ගලයෙකු සෞඛ්‍ය අංශ දැනුම්වත් කිරීමකින් තොරව නිවෙස් නිරෝධායනය සඳහා යොමු නො විය යුතු බවය.

“නිවෙස් තුළ තබා ප්‍රතිකාර කරන ක්‍රමවේදය තුළ අපි කිසිම රෝගියෙක් ව අ ත හැරලා දාන්න කටයුතු කළේ නෑ. ඔවුන්ව වෛද්‍ය අධීක්ෂණයක් යටතේ තමයි දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වෙමින් තමයි රඳවා ගන්න කටයුතු කළේ. නමුත් මේ අවස්ථාවේ දී සමහර රෝගීන් මේක වරදවා තේරුම් අරගෙන මේ ක්‍රමවේදය සමඟ සම්බන්ධ නොවී නිවෙස් තුළ රැඳෙන්න ගත්තා. ඒ වගේම සමහර රෝගීන් ඇත්තටම රෝගීන් බව දන්නේ නැ ති හඳුනාගෙන නැ ති රෝග ලක්ෂණ නො පෙන්වන රෝගීන් පිරිසක් අපේ සමාජයේ ඉන්නවා. අද දවසේ අපි රෝහල්වල විශේෂයෙන් ම බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල්වල අපිට දකින්න ලැබෙනවා ඉන්න අයගෙන් සියයට 50ක් විතර ඔක්සිජන් සැපයුමක් අවශ්‍ය විශාල සංකූලතා සහිත රෝගීන්.”
මේ අතර මෙරට තුළ කො විඩ් -19 වෛරසයේ ඝනත්වය ඉහළ යාම හේතුවෙන් විකෘති වෛරස් ප්‍රභේද ඇතිවීමේ අ ව දා න මක් පවතින බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගීතාල් පෙරේරා මහතා පැවසුවේය.

“සමාජය තුළ තියෙන වෛරස් ප්‍රමාණය එක ලෙඩෙක් ගාව 1‍,000ක් තියෙනවා කියලා. ලෙඩ්ඩු 10,000ක් ඉන්නවා නම් එතැන විකෘතියක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා වෛරස් ඝනත්වය අඩුවෙන් තියෙනවා නම් අපේ සමාජයේ එතැන විකෘති ඇතිවීමේ හැකියාව අඩුයි. නමුත් වෛරස් ඝනත්වය වැඩිවෙන කොට ඒ කියන්නේ හැමෝම ළඟ වෛරසය තියෙද්දි කොහේ හෝ තැනක වෛරස් විකෘතියක් ඇති වීම වළක්වන්න අමාරුයි.” යනුවෙන් සදහන් කර තිබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්