Sep
30

ඩඩ්ලිටත් ආසයි ! කල්පනා කරලා බලන්න ! ඊයා

 
371 Views
   
 

නූතන බත් දුන් පියා ලෙස විරුදාවලිය ලබා සිටින හාල් මෝල් හිමි පොලොන්නරුවේ ඩඩ්ලි , ආණ්ඩුවේ ඇඳිවත සභාව මධ්‍යයේ ගැලවීම නිසා තෘප්තියට පත්ව සිටින අටෝරාශියක් හුදී ජනයා අතර මා ද සිටිනා බව දන්වා සිටින්නේ හද පිරි ප්‍රමෝදයකිනි. බයියෙකු, කුලී ලියන්නෙකු, අපුල්ලන්නෙකු, මැදමුලනේ වහලෙකු ලෙස ස්වාධීන මධ්‍යස්ථ මතධාරී ජෙප්පන් හා ටොයියන් අතර ඉමහත් ගෞරවාදරයට පාත්‍රවන මා මෙවන් මතයක් දැරීම ඔවුන් ගේ අප්‍රමාණ විස්මිතයට හේතු වන බව නො අනුමාන ය.

ගොවියාවත්, පාරිභෝගිකයාවත්, මෝල් හිමියාවත්, අතරමැදියාවත් එකවිට සංතෘප්ත කරන්නට ගිය ආණ්ඩුව මුදලත්, සුරතාන්තයත් අහිමි කර ගත්තේ පැමිණි කාර්යය පසෙක දමා චොකලට් පරිභෝජනයේ හා ගුද සංසර්ගයේ අන්තර් සහසම්බන්දය සොයන්නට ගිය ජංගම ගණිකාවක් මෙනි. මා ගේ අප්‍රමාණ සොම්නසට හේතු වුයේ ඉහත සඳහන් කිසිවක් නො වේ. පොළොන්නරුවේ ඩඩ්ලි සිරිසේන විසින් සමාජවාදයේ පියා ලෙස සැලකෙන කාල් මාක්ස් ගේ සිට වන්නි හත්පත්තුවේ කුහඃක ජෙප්පා දක්වා සමාජවාදීන් ගේ රෙදි ගලවා දැමීම නිසා ය.

නිර්ධන පන්තිය, පංති පීඩනය, ප්‍රාග්ධනය බෙදී යාමේ විෂමතාවය, සූරාකෑම, අධිපතීත්වය, කොමියුනිස්ට් ක්‍රමය, ධනේශ්වරයේ තුන්වෙනි කාර්තුව, ප්‍රතිවිප්ලවය වැනි දාර්ශනික කාරණා ගැන පුනරුච්චාරණය කරමින් පරමාදර්ශි මනෝරාජික කොමියුනිස්ට් රාජ්‍ය තනන්ට වෙහෙසෙන සුහුඹුල් ජෙප්පා පවා ඩඩ්ලි සිරිසේන ගේ වැඩි මිල සහල් වෙනුවෙන් ඊයේ පෙරේදා හුරේ දැම්මේ ඔවුන්ට සමාජවාදී ලබ්බක් නොතේරෙන බවත්, ආණ්ඩුවට කෙළවෙනවා නං වැඩි මිලට වුවත් හාල් ගන්නට සුදානම් බවත්, ඔවුන් ගේ එකම දේශපාලන න්‍යාය රාජපක්ෂලා සිටින ආණ්ඩුවකට කෙළවෙනු දැකීම පමණක් බවත් පසක් කරමින් ය.

“ධනපතීන් රන් බන්දේසියක තබා රාජ්‍ය බලය අපට ලබා නො දෙනු ඇත. එය අප ලබා ගත යුත්තේ සමාජ විප්ලවයක් මඟිනි” මෙසේ පැවසූ කාල් මාක්ස් අද ජීවත්ව සිටියේ නම් ජෙප්පන් ගේ මේ බහුරූ කෝළම් දැක මහත් විස්සෝපයට හා ඉච්ඡාභංගත්වය ට පත්ව කෘන්තක, රදනක, පුරශ්චාර්වක හා චාර්වක යන දන්තයන්ගෙන් මාරුවෙන් මාරුවට තම පශ්චාත්භාගය හපාගෙන කා මි ය යනු නො අනුමානය. හෙට දිනයේ දී ආණ්ඩුව සහල් ආනයනය කර හෝ යන්තම් ජාමේ බේරා ගනු ඇත. නමුත් ධනපති පන්තියේ ප්‍රතිමූර්තිය වූ පොලොන්නරුවේ ඩඩ්ලි සිරිසේන ට හුරේ දැමූ කසඩ සමාජවාදී ජෙප්පන් දැන් ” සා දුකින් පෙළෙන වුන් දැන් ඉතිං නැගිටියවු ! – අන්තිම සටනට සැරසියවු ! ” යැයි කියමින් මැයි පළවෙනිදා ට පෙළපාලි යන්නේ කෙසේ ද? කල්පනා කරලා බලන්න ! ඊයා…
සොනාල ගුණවර්ධන

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්