Dec
31

කිලෝව රු.150 කින් ග‍්‍රෑම් 400 රු.60 කින් කිරිපිටි මිල නගී

 
964 Views
   
 

ආනයනික කිරිපිටි මිල අද (31දා) සිට ඉහළ දැමීමට කටයුතු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්ය පරකාශක අසෝක බණ්ඩාර මහතා පැවසීය.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ 01 පැකට් එකක මිල රුපියල් 150 කින්ද, ගරෑම් 400 පැකට් එකක මිල රුපියල් 60කින්ද ඉහළ යන බව ඒ මහතා පරකාශ කළේය.

මිල ඉහළ යෑමත් සමග කිලෝවක කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1345ක්ද, ගරෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 540ක් ද වේ.

ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල පසුගිය සති කිහිපය පුරාම ඉහළ යෑම නිසා මෙලෙස ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට සිදුවූ බවත් යම් හෙයකින් ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල පහළ යෑමක් සිදුවුවහොත් එහි වාසිය අනිවාර්යයෙන්ම පාරිභෝගිකයාට ලබාදෙන බවත් අසෝක බණ්ඩාර මහතා සඳහන් කළේය.

 

රභාත් විතාන

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්