Jun
6

විවහා වී කලාවෙන් ඈත් වුනු අනර්කලී ආකාර්ෂා සැමියා සමඟ ඇමරිකාවේ ගෙවන සුපිරි ජිවිතේ

 
2277 Views
   
 

අනර්කලී ආකර්ෂා කියන්නේ අපේ රටේ සිටින දක්ෂ නිලියක්, නිරූපිකාවක්, මෙන්ම ප්‍රේක්ෂක ආදරය දිනාගත් නිවෙදිකාවක්ද වෙනවා. සුරූපී තරුණියන් අතර ඉදිරියෙන්ම සිටින ඇය මේ වන විට නොදන්නා කෙනෙක් නොමැති තරම්ම ප්‍රසිද්ධයි. ඇය උපත ලැබුවේ 1987 ජූලි දොළොස් වන දිනයි. ඇය සන්නාම තානාපතිනියක ලෙසද කටයුතු කර අතර ශ්‍රී ලංකා රූ රැජින ලෙසින් ද කිරුළු පැලදුවා. ඇය මුලින්ම රංගන දිවියට පා තබන්නේ 1995 වසරේදී සෝමරත්න මහතා සහ රේණුකා බාලසූරිය මහත්මිය විසින් නිපදවූ, ඉටි පහන් ටෙලි නාට්‍යයත් සමගයි. එහි සුසෑන් නමින් ළමා චරිතයකට පන පොවන්නට ඇයට හැකි වුනා. පසුව වසර 7 කට පසුව, 2003 වසරේදී ඇය පිස්සු ට්‍රිබල් චිත්‍රපටයේ පෙනී සිටිමින් රංගන ක්ෂේත්‍රයට නැවතත් පිවිසුනා. ශ්‍රී ලංකා සිනමා ක්ෂේත්‍රය තුළ ලාබාලතම ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගැනීමට අනර්කලීට හැකි වුනා. විවිධ මියුසික් වීඩියෝ මගින් ද අනර්කලී බොහෝ ජනප්‍රිය වුන අතර කාගේත් සිත් ගත තරුණියක් බවට පත් වුනා. ඒ වගේම ඇය රූපවාහිනි නාලිකා කිහිපයකම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසද කටයුතු කරනු ලැබුවා. ඇයගේ මෙම දක්ෂතා ඇගයීමට ලක් කර 2004 වර්ෂයේ සහ 2012 වර්ෂයේ ජනප්‍රියතම නිළිය ලෙසද සම්මානයට පාත්‍ර වුනා. මේ වන විට ඇය විවාහයෙන් පසු ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙ ජීවත් වන බවට අපට දැනගන්නට ලැබුනා. ඉතින් ඇයට ආදරය කරන බොහෝ රසික පිරිසක් තවමත් අපේ රටේ සිටිනවා. ඉතින් ඇයට ආදරය කරන ඔබට ඇය සැමියා සමඟ ඇමරිකාවේ ගෙවන සුපිරි ජීවිතේ ඡායාරූප පෙලකුත් අපි අද ඔබට ගෙන ආවා.

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්