Nov
22

රටක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජය ගත හැක්කේ කෙසේද ?

 
1235 Views
   
 

ලංකාවේ ‍‍විදේශ සංචිත ශක්තිමත් කිරීම වෙනුවෙන් ‌ඉන්දියාවෙන්‌ ‌අමෙරිකන්‌ ‌ඩොලර්‌ ‌මිලියන‌ 400‌ක්‌ ‌ද,‌ ‌බංග්ලාදේශයෙන්‌ ‌අමෙරිකන්‌ ‌ඩොලර්‌ ‌මිලියන‌ 250‌‌ක්‌ සහ ‌චීන‌ ‌මහජන‌ බැංකුවෙන්‌ ‌අමෙරිකන්‌ ‌ඩොලර්‌ ‌බිලියන‌ ‌‌1.5‌ක්‌ ‌ද‌, ‌‌‌ජාත්යන්තර‌ ‌මූල්ය‌ ‌අරමුදලෙන්‌ අමෙරිකන්‌ ‌ඩොලර්‌ ‌මිලියන‌ 785ක‌ ‌විනිමය‌ ‌වෙළෙඳපොළ‌ ‌තුළින්‌ අමෙරිකන්‌ ‌ඩොලර්‌ ‌මිලියන‌ ‌‌700‌ක්‌ ‌ද‌ ‌වශයෙන්‌ ‌අමෙරිකන්‌ ‌ඩොලර්‌ ‌බිලියන‌ ‌‌3.6‌ ‌‌ක‌ ‌මුදලක්‌ ‌උපයා‌ ‌ගැනීමට‌ ආණ්ඩුව ක්රියා කළේය. ‌

ඒ‌ ‌‌අනුව‌ ‌බලන‌ ‌කල‌ ‌මේ‌ ‌කෙටි‌ ‌කාල පරිච්ඡේදය,‌ ‌ඉතා‌ ‌අසීරු‌ ‌කාලයක්‌ ‌වන‌ ‌බව‌ ‌පෙනේ. මේ‌ ‌අරමුදල්‌ ‌ලැබුණු‌ ‌පසුව ‌ආර්ථිකය‌ ‌යථා‌ ‌තත්ත්වයට‌ ‌පත්‌‌විය‌ ‌හැකි‌ ‌යැයි‌ ‌උපකල්පනය‌ ‌කළ‌‌ හැකිය‌.‌ ‌එසේ‌ ‌විය‌ ‌හැක්කේ, ‌තවදුරටත්‌ ‌පැතිර ‌යන‌ ‌වයිරසය‌ ‌මැඬපවත්වා‌ ‌ගනිමින්,‌ ‌රටේ‌ ‌ආර්ථිකය‌ ‌පණ‌ ‌ගැන්වීමේ‌ ‌හැකියාව‌ ‌මත ය‌.‌ ‌තවදුරටත්‌ ‌රටේ‌ ආර්ථිකය‌ ‌‌වසා‌ ‌දැමීමෙන්‌, ආර්ථිකය‌ ‌කඩා‌ ‌වැටීම‌ ‌වළක්වා‌ ‌ගත‌ ‌නොහැකි‌ ‌ය.

ඉදිරියේ‌ ‌දී‌ ‌මේ‌ ‌අරමුදල්‌ ‌ලැබීමෙන්‌ ‌රුපියල‌ ‌ස්ථාවර‌ ‌වන‌ ‌බව‌ ‌පෙනේ. ඒ‌ ‌සඳහා‌ ‌තවදුරටත්‌ ‌ආනයන‌ ‌‌හැකි‌ ‌පමණින්‌ ‌සීමා‌කර‌ ‌ගනිමින්,‌ ‌අනවශ්ය‌ ‌වියදම්‌ ‌කපා‌ ‌හැරීම‌ ‌හා‌ ‌රජය‌ ‌තුළ‌ ‌පුළුල්‌ ‌මූල්ය‌ ‌විනයක්‌ ‌තවදුරටත්‌ ‌ඇති‌‌කර‌ ‌ගැනීම‌ ‌අත්යවශ්ය‌ ‌වේ‌. වත්මන් මුදල් ඇමැතිවරයාගේ උත්සාහය වී තිබෙන්‍‍නේ එයයි.‌ ‌ ශ්රී ලංකා‌ ‌රජයට‌ ‌මේ ‌විදේශ‌ ‌සංචිත‌ ‌තර‌ ‌‌කර ගැනීමත්‌, ‌ආර්ථිකය‌ ‌ශක්තිමත්ව‌ ‌ඉදිරියට‌ ‌පවත්වා ගෙන‌ ‌ගැනීම‌ ‌සඳහා‌ ‌දීර්ඝකාලීන‌ ‌‌වැඩපිළිවෙළක‌ ‌අවශ්යතාව‌ ‌පැන‌ ‌නැඟී‌ ‌තිබේ‌.‌ ‌අප‌ ‌අතීතය‌ ‌විවේචනය‌ කරනවාට‌ ‌වඩා‌, ‌අනාගතය පැහැබර‌ ‌කර‌ ‌ගැනීම‌ ‌සඳහා‌ ‌සාකච්ඡා‌ ‌ඇති ‌‌කළ‌ ‌යුතු ය‌.‌ ‌මේ වනවිට ලෝකයේ‌ ‌බොහෝ‌ ‌රටවල් ‌ආර්ථික‌ ‌වශයෙන්‌ ‌විවිධ‌ ‌අංශවල‌ ‌පසුබැස්මක්‌ ඇත.‌ එය,‌ ‌ඔවුන්ට‌ ‌විශාල‌ ‌බලපෑමක්ව නැත. ඒ, ‌ඔවුන්‌ ‌සතුව‌ ‌පවතින‌ ‌සංචිත‌ ‌නිසාවෙනි‌.

ශ්රී ‌ලංකාව‌ ‌වැනි‌ ‌‌බොහෝ‌ ‌දියුණු‌ ‌වෙමින්‌ ‌පවතින‌ රටවල්‌ ‌කර‌ ‌ඇත්තේ‌ ‌ඉතිරිකිරීම්‌ ‌නොව,‌ ඉතිරිකිරීම්‌වලින්‌ ‌එදිනෙදා‌ ‌වියදම්‌ ‌හෝ‌ ‌ණය‌ පියවීම‌ ‌පමණක්‌ ‌බව‌ ‌පෙනී‌ ‌යයි‌.‌ ‌ලෝකයේ‌ ‌‌බොහෝ‌ ‌රටවල්‌ ‌ව්යසනයට‌ ‌ශක්තිමත් අන්දමින් ‌මුහුණ‌ ‌දෙමින්‌ ‌සිටින්නේ‌, ඔවුන්‌ ‌සතුව‌ ‌ඇති‌ ‌සංචිත‌ ‌හේතුවෙනි.‌ රටක කෙතරම් ප්රමාණයක් විදේශ සංචිත පවත්වාගෙන යා යුතුද යන්න පිළිබඳ ශාස්ත්රීය සාකච්ඡාවේ නිගමනයක් තවම දක්නට නොමැත. කෙසේ වුවත් විදේශ විනිමය සංචිත නඩත්තු කිරීම වියදම් අධික කටයුත්තකි.

එනමුත් ඒවා අර්බුද වැළැක්වීමේ දී හෝ අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණදීමේ දී හෝ වැදගත් වන අතර ජාතික ආර්ථිකයට ඇතිවන අර්බුදකාරී බලපෑම් අවම කිරීමට ද උපකාරී වෙයි. රටේ මාස තුනක ආනයන අවශ්යතා සඳහා ගෙවීමට හෝ කෙටිකාලීන ණය ගෙවීම් සඳහා හෝ ප්රමාණවත් විදේශ සංචිත පවතීනම් සම්ප්රදායිකව එම තත්ත්වය සතුටුදායක යැයි මතයක් පවතී. මෙම තත්ත්වය කෙසේ වුවත් පවත්වාගත යුතු විදේශ විනිමය සංචිත ප්රමාණය කොපමණ ද යන්න තීරණය කිරීමේ දී රටක් විසින් සැළකිය යුතු සාධක කවරේ ද යන්න අතිශය සංකීර්ණ ගැටලුවකි. ලෝකයේ විවිධ කලාප අතර විදේශ විනිමය සංචිතවල විශාල වෙනස්කම් තිබේ.

මූලික වශයෙන් විනිමය උපයන ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තයෙන් ලැබෙන විදේශ විනිමය ගලා ඒම මුළුමනින්ම පහත වැටීම හේතුවෙන් 2020 වසරේ මුල් කාර්තුවෙන් පසු ශ්රී ලංකාවේ විදේශ විනිමය සංචිත මට්ටම් සැලකිය යුතු ප්රමාණයකට පහත වැටී තිබේ. එබැවින් විදේශ ණය ආපසු ගෙවීම් සපුරාලීම ප්රධාන කොටම සිදුවූයේ රට සන්තකයේ තිබූ විදේශ විනිමය සංචිතවලිනි. ඊට අමතරව, සෞඛ්ය අංශය වෙනුවෙන් දරන්නට සිදු වූ ආනයන වියදම් ප්රමාණය ඉහළ යාම ද පසුගිය මාස කිහිපය තුළ විදේශ සංක්රාම ගලා ඒම මන්දගාමී වීම ද රටේ විදේශ විනිමය සංචිත අඩුවීමට බලපා ඇත.

2008 ගෝලීය මූල්ය අර්බුදයෙන් පසුව විදේශ විනිමය සංචිත කළමනාකරණය කිරීම හා ස්ථාවරභාවය ගොඩනැගීම සඳහා වන ශ්රී ලාංකා රජයේ ප්රතිපත්තිය අඛණ්ඩව නොවෙනස්ව පවත්වාගෙන ගොස් තිබේ. කෙසේ වෙතත්, කොවිඩ් -19 හේතුවෙන් විදේශ විනිමය සංචිත කළමනාකරණය මෑත කාලයේ දී අභියෝගාත්මක දෙයක් බවට පත්ව තිබෙන නමුත් වත්මන් මුදල් ඇමැතිවරයාගේ මූල්ය කළමනාකරණය තුළ මෙම සියලු අභියෝගයන්ට සාර්ථක විසඳුම් ලැබෙනු ඇතැයි විශ්වාස කළහැකිය.

මෙන්න බලන්න තවත් ගොසිප්