Oct
30

“කෑම පාලනය කලත් නැතත් මගේ ඇඟ නම් වතුර බිබී හිටියත් මහත් වෙනවා”

 
1943 Views
   
 

ප්රතිභාපූර්ණ රංගධරයකු ලෙසින් ප්රේක්ෂක ආදරණීය ගෞරවයට නිරතුරුවම භාජනය වන අතළොස්සක් තරම් කලා ශිල්පීන් අතර ඔහු ද ඉදිරියෙන්ම සිටින බව නොඅනුමානය. එකකට එකක් නොදෙවෙනි රංගන කෞෂල්යයන්ගෙන් පරිපූර්ණ ගිහාන් ප්රනාන්දු සතිඅන්ත පුවත්පතකට මේ විදිහට අදහස් දක්වලා තිබුණා. 

මේ දිනවල මොකද කෙරෙන්නේ?

ටෙලිනාට්ය කීපයකම වැඩ කරගෙන යනවා. ඊට අමතරව ඉතිං ඉස්සරහට වේදිකා නාට්ය වල වැඩ පටන් ගන්නත් හිතාගෙන ඉන්නවා ..

ඇඟ එහෙම අඩු කරගන්න අදහසක් නැද්ද ?

තාම නං එහෙම අදහසක් නෑ. ඇත්තම කියනවනං ඇඟ තාම මට වදයක් විදිහට දැනිලා නැහැ.

නළුවෙක් නිසාවත් ඇඟ කෙට්ටුවට තියාගන්න හිතෙන්නැද්ද?

ඇත්තටම නළුවෙක් ලස්සනට ඉන්නවට වඩා වෙන්න ඕනේ ඔලුව හදාගන්න එක. දැනුමෙන් සන්නද්ධ වෙන එක . නළුවෙක් ලස්සනට, කඩවසම් ව සිටිය යුතුයි , කියලා රාමුවක් කොහෙවත් නැහැ.ලස්සන කඩවසම් පිරිමි කෙනෙක් දැක්කහම අපි හැමෝටම ඉබේම කියන වචනයක්නේ” නළුවෙක්” වගේ කියලා .ඇත්තම කියනවා නම් රංගන ශිල්පියා කියන රාමුව ඇතුළෙ ඇඟේ හැඩය වත් හමේ පාට වත් නොවෙයි විශේෂ වන්නේ ඔහුගේ ” රංගන” හැකියාව .,හැදෑරීම, දක්ෂතාවයන්,දැක්ම, කියන කරුණු. ලෝක ප්රසිද්ධ නළුවෙක් ගත්තත් ඔවුන් වඩාත් ප්රසිද්ධ පුද්ගලයන් බවට පත් වෙලා තියෙන්නේ කඩවසම් බව නිසා නොවේ. ඒ නිසා මට මගේ පෙනුම වත්, ශරීරයෙ බර ප්රමාණය වත් වෘත්තියට බලපෑමක් වෙලා නැහැ. ඇත්තම කියනවා නම් තරබාරු ඇඟ නිසාම චරිතත් වෙනදට වැඩ ලැබෙන පටන් අරන් තියෙනවා.

01.

චරිත වැඩිපුර ලැබෙනවා ?

ඔව්. ඇතැම් අධ්යක්ෂවරු මගේ ශරීරයම හිතේ තියාගෙන ඒ වෙනුවෙන්ම චරිත පවා අලුතෙන් නිර්මාණය කළ අවස්ථා තියෙනවා. ඇත්තටම කලාවට සම්බන්ධ වන කාලයේදී කෙට්ටුවට ඉද්දි චරිත ලැබෙනවාට වඩා, ඇඟ මහත් වෙන්න මහත් වෙන්න චරිත ලැබෙන එකත් වැඩි වුණා. එක්තරා ආකාරයකට තරබාරු සිරුර මට ආශිර්වාදයක් වුණා කියලයි මට නම් හිතෙන්නේ …කොහොම නමුත් යම් අධ්යක්ෂකවරයෙක් ඉල්ලීමක් කලොත් යම් චරිතයකට ඇඟ ටිකක් කෙට්ටු කර ගත යුතුයි කියලා එයත් කිසිදු පැකිලීමක් නැතුව මාස තුනක් වැනි කෙටි කාලයකදී මට කරගන්න පුළුවන් .

සාමාන්යෙන් ඔබ කෑම පාලනය කරනවා ද ?

නැහැ .කන්න කැමති හැමදේම කනවා .කාල බීල සතුටින් ඉන්නවා. අපි මේ ලෝකෙට හැමදාම ඉන්න ඇවිත් නෑනෙ. කෑම පාලනය කලත් නැතත් මගේ ඇඟ නම් වතුර බිබී හිටියත් මහත් වෙනවා. මොකද ඒක මගෙ අම්මගේ ආරෙනුත් මට එන දෙයක් .

ව්යායාම කරනවා ද ?

තියෙන වැඩ රාජකාරි එක්ක ව්යායාම කරන්න නම් වෙලාවක් නැති තරම්. ඉස්සර නම් සතියකට දින තුනක්, පැය පහක් හයක් වේදිකා නාට්ය කරනකොට ඇඟට හොඳ ව්යායාමයක් ලැබුණා . අද ඉතිං ඒ අවස්ථාව ත් නැති වෙලා ගිහිල්ලා .

02.

පුංචි කාලේ කවුරුන් වෙන්නද ආසාවෙන් හිටියේ ?

උසස්පෙළ ගණිත අංශයෙන් හැදෑරුවත් රඟ පෑමෙන් හෝ ගායනයෙන් ඉදිරියට යන්න ඕනේ කියන ලොකු හීනයක් මගේ හිතේ තිබුණා. ඇත්තටම ඉස්සර පාසල තුලත් මම ගායකයෙක් විදිහට හරිම ප්රසිද්ධයි .කොහොම නමුත් පුංචි කාලයේදී හිතපු විදිහටම ඒ හින අද වෙනකොට සැබෑ වෙලා.

වඩාත් ජනප්රියත්වයට පත්වෙන්නේ?

වේදිකා නාට්යයෙන් කලා ලෝකයට ආවත් ගිහාන් ප්රනාන්දු කියන්නේ කවුද කියලා මිනිස්සු දැනගත්තේ ටෙලි නාට්ය අධ්යක්ෂක නාලන් මෙන්ඩිස් මහත්තයාගේ නාට්යවලින්. කොහොම නමුත් එදා මෙදා තුර මට රඟපාන්න ලැබුණු චරිත බැලුවහම ඒ බොහෝ චරිත ‘‘සුදු” ‘‘ආදරණීය” චරිත වුණේ නැහැ. සැර පරුෂ ,දුෂ්ට ,දාමරික, වංචනික, චරිත” චරිත ‘‘නිසා නම් මට ආදරේ කරපු ප්රේක්ෂකයන් හරිම අඩුයි. නමුත් දක්ෂ රංගන ශිල්පියෙක් විදිහට එදා මෙදා තුර දෙස් විදෙස් බොහෝ පිරිසක් මට සැබෑවටම ආදරය කරනවා ගරු කරනවා ….ආදරයෙන් පිළිගන්නවා .

ප්රේක්ෂක ආදරය ගැන මොකද හිතෙන්නේ ?

ලෝකයක් වටින දෙයක් .මාව අගය කරන හැම කෙනෙකුටම මමත් හරිම ආදරේයි. සම්මාන,ගරු නම්බු නාම දීලා අගය කරන කෙනෙකුට වගේම සිනහවකින් ,බැල්මකින් පවා ආදරේ කරන ප්රේක්ෂකයන්ට ඇත්තටම මම හරිම ආදරෙයි .ප්රේක්ෂක ආදරය කවදාවත් වදයක් විදිහට දැනෙන්නේ නැහැ .එය රංගන දිවියට උත්තේජනයක්.

03.

සමහරු සම්මාන ලැබීම පවා අවතක්සේරුවෙන් කතා කරනවා. ඔබත් එහෙමද ?

අනේ මම නං එහෙම නෑ .සම්මාන උළෙලකදී මට සම්මානයක් තියෙනවා කියලා දැනුම් දුන්නොත් මට තියෙන හොදම ඇඳුම ඇඳගෙන ගිහින් ඒ සම්මානය හරිම සතුටින් බාරගන්නවා . සම්මානයක් ලැබෙන්නත් කලින් සම්මානයක් ලැබෙනවා කියන පණිවිඩය දැනුනාත් මං අප්රමාණ විදිහට සතුටු වෙනවා .දැනටත් මට සම්මාන දහයක් පහළොවක් විතර ලැබිලා තියෙනවා .ඇත්තටම ඒවායේ ලොකු වටිනාකමක් තියෙනවා. ඒවා අගය කළ යුතුයි ….

වාසනාව ලැබීම ගැන ඔබ විශ්වාස කරනවාද ?

වාසනාවක් කියලා එකක් නම් මිනිස්සුන්ට තියෙනවා කියලා මම හිතෙනවා .නමුත් වාසනාව වත් ලැබීමවත් ග්රහ තාරකාවන්ගේ බලපෑමක් නිසා ඇති වෙනවා කියලා නම් මම විශ්වාස කරන්නේ නැහැ. බයිබලයෙ තියෙනවා ඕකට හරි කදිම උපමාවක්.” තලෙන්තු ‘‘උපමාව කියලා .අපිට ලැබෙන කාසි මල්ලක් ආරක්ෂා කරගන්න කියලා හිතලා පොළොවේ යට වලලා තිබ්බත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ප්රයෝජනයට ගන්නවා කියලා ඒක නිස්කාරනේ වියදම් කෙරුවත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ හැමදේම ක්රමානුකූලව ප්රයෝජනවත් විදිහට කරන්න ඕනේ. වාසනාව ලැබීම කියන එකත් ඔය විදිහ දෙයක් විදිහටයි මම දකින්නේ .

04.

ආදරය නිර්වචනය කරන්න කිව්වොත්?

ආදරය …. ප්රේමය ….කියන්නේ නම් වචන දෙකක්. ආදරේ කියන හැඟීම ඇතුලේ වචන වලින් විස්තර කරන්න බැරි බොහෝ දේ අන්තර්ගතයි…කොහොම ආදරේ කරත් ආත්මාර්ථකාමීත්වය, ඊර්ෂ්යාව ,අනවබෝධය ,සැකය කියන දේවල් ආදරේ තුළ තිබෙනවා .

සොඳුරු නිළියන් සමඟ රඟපෑම් කටයුතු කරද්දී බිරිඳගෙන් තහංචි වැටිලා නැද්ද?

කවදාවත්ම නැහැ .මගේ වෘත්තිය රඟපෑම. ඇය මගේ වෘත්තියේ ස්වභාවය මනාව තේරුම් අරන් ඉන්න එක මට බොහෝ ම වටිනවා .

ජීවිතය ගැන මොකද හිතෙන්නේ?

ජීවිතයේ බොහෝ දුර ආවා. තවත් ටික දුරක් යා යුතුව තියෙනවා. ඒ කාලේ හරිම සතුටින් අර්ථාන්විතව ගත කරන්න හැම තිස්සෙම හිතනවා. මම කතෝලික ආගමක කෙනෙක්. නමුත් බෞද්ධ දර්ශනයට මම හරිම ගරු කරනවා .මැඳුම් පිළිවෙතක ජීවත් වෙනවා නම් ජීවිතය හරිම සරලයි කියලායි මට නිතරම හිතෙන්නේ . අනිත් දේ තමයි මම නිතර හිතනවා අපි වපුරන දේ තමයි අපිට ලැබෙන්නෙ කියලා.

05.

නළුවෙක් වෙන්න ලෙසිද?

ලේසිත් නෑ … අමාරුත් නැහැ.. පෞද්ගලිකව රංගන ශිල්පියෙක් විදියට මම සියට සීයක්ම ඒ කරන චරිතයට නාභිගත වීම කරනවා. ඊට අමතරව හැදෑරීම ,අධ්යයනය, පුහුණුව කියන දේත් රංගධරයා කියන චරිතය ඇතුළේ තිබිය යුතුයි. මේ හැමදේම අතරේ නළුවෙක් වෙනවා නම් තිබිය යුතු ප්රධානම ගුණාංගය තමයි ” විනය”.විනයක් නැති කෙනෙකුට රඟපෑම වැනි විෂයයක් කරන්න අමාරුයි කියලයි මට හිතෙන්නේ.

විලාසිතා කරන්න කැමතිද?

වෘත්තීය අනුව විවිධ විලාසිතා කළත් ,මම සාමාන්ය ජීවිතයේදී හරිම ආසයි සරලව අඳින්න .ඉස්සර ඔෆිස් යන කාලේ නම් ඉතින් කමිසෙ යට කරලා කලිසම ඇන්දා . දැන් ඩෙනිම ඇඳලා ටී ෂර්ට් එකක් හරි ෂර්ට් එකක් හරි උඩින් දාන්න තමයි වැඩිපුරම කැමැත්ත….

06.

ආසාවෙන් ම එකතු කරන දේවල් මොනවාද ?

වයසත් එක්ක ඔය වගේ ආසාවල් වෙනස් වෙනවා. දැන් මම ආසාවෙන්ම එකතු කරන්නේ ෆිල්ම්,පොත්පත් වගේ දේවල් .

ආභරණ පලඳින්න කැමති ද?

නැහැ. ඔරලෝසුවත් පළඳින මම කැමති නැහැ .

විදේශ සංචාරයක දී මොනවගේ දේවල්ද ආසාවෙන්ම ගෙන්නෙ?

මම ආසයි මම සංචාරය කරන රට සංකේතවත් කරන සැමරුම් ඵලකයක් අරන් එන්න .එහෙම එකතු න් බොහොමයක් ආදරණීය මතකයන් විදිහට නිවසේ තියෙනවා ….

07.

විනෝදාංශ විදිහට මොනවද කරන්නේ ?

අන්තර් ජාලය හරහා මම කැමතිම විෂයයන් යටතේ දේශීය විදේශීය තොරතුරු සොයා යන්න ගොඩක් ආසයි .ඊට අමතරව ඉතිං නිවාඩුවක් ලැබෙන බොහෝ වෙලාවල් වල දී බිරිඳයි ,දරුවනුයි ,නෑදෑ හිත මිතුරන් වටකරගෙන ගිටාර් එක ගහලා සින්දුවක් කියලා සතුටින් ඉන්න තමයි ලොකු ම විනොදය.

ජීවිතයේ සතුටුම දවස ?

1991වසරේදී ” රඟහල නමැති වේදිකා නාට්යයට මට සම්මානයක් ලැබීම ., ජීවිතයේ වඩාත් සතුටු වුණු දවස දවසක් .මොකද මාව කවුරුත් දන්නැති කාලයේ රඟපෑමෙන් සම්මානයකට පාත්ර වීම රටක් රාජ්යයක් ලැබුණා වගේ තමයි එදා මට දැනුනේ …

ජීවිතේ සංවේදී වුණ දවස ?

මාගේ මෑණියන්ගේ වියොව හදවත කම්පා කළ අනුවේදනීය ම මතකයක් වුණා . ඊට අමතරව මාත් එක්ක ළඟින්ම හිටපු රංගන ශිල්පියෙකු වූ අසේල ජයකොඩිගේ හදිසි වියෝවත් හදවතට ලොකු වේදනාවක් ගෙන දුන්නා.

08.

09.

10.

11.

12.

13.

14.

15.

අසුන්තා එදිරිසූරිය

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්