Nov
15

“ඉන්ධන හිඟයක් බලාපොරොත්තු වන්න”

 
2011 Views
   
 

සපුගස්කන්ද පිරිපහදුවේ වැඩ නවතින ලකුණු ඇති බවත්, ඒ අනුව මෙරට ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවත්, ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ප්රකාශ කරයි.

ඒ සම්බන්ධව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසා සිටියේ, සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු අද (15) දිනයේ සිට නතර කරන බවය.

දිනකට මෙට්රික් ටොන් 6500ක් සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් පිරිපහදු කරන බව ත් ඒ අනුව තෙල් පිරිපහදුවෙන් එල්.පී. ගෑස් මෙට්රික් ටොන් 50ක්, පෙට්රල් මෙට්රික් ටොන් 500ක්, ඩීසල් මෙට්රික් ටොන් 1200ක්, දැවිතෙල් මෙට්රික් ටොන් 2000ක ප්රමාණයක් පිරිපහදු කරන බවද ප්රකාශ කළ ඒ මහතා එය මෙරටට අවශ්ය ඉන්ධනවලින් සියයට 30කට ආසන්න ප්රමාණයක් බවද පැවසීය.

එලෙසම, ඉතිහාසයේ පළමුවන වරට තෙල් පිරිපහදුව අද සිට නිෂ්පාදන කටයුතු නැවැත්වීමට සිදුවන බව ද එය එසේ සිදුවී ඇත්තේ, බොරතෙල් නැව් නැති නිසා නොව බලශක්ති ඇමතිවරයා තමන්ගේ කාර්යය නිසි ලෙස ඉටු නොකළ නිසා බව ද ඒ මහතා පවසා සිටියේය.

ජුනි 11දා ඉන්ධන මිල වැඩිකරන ලෙස අමාත්යවරයා ඉල්ලා සිටි බව ද බැංකු දෙක රැක ගැනීමට බලශක්ති අමාත්යවරයා කටයුතු කළ බව ද මේ වන විට ඉන්ධනත් නැතිවී බැංකු 2ත් කඩා වැටී තිබෙන බව ද ආනන්ද පාලිත මහතා ප්රකාශ කළේ ය. බලශක්ති ඇමතිවරයා උත්සාහ දරන්නේ ඉන්ධන මිල වැඩි කිරීමට වඩා බැංකුවටත්, මුදල් ඇමතිවරයාටත් ඉඩ දීමට බව ද හෙතෙම ප්රකාශ කර සිටියේ ය.

රටේ ජනතාවට අවශ්ය භූමිතෙල් සීයයට සියයක් සපුගස්කන්ද පිරිපහදුවෙන් බදු නැතිව වරාය ගාස්තු නොමැතිව නිෂ්පාදනය කළ බව ද සපුගස්කන්ද පිරිපහදුවේ වැඩ නැවතීමත් සමග භූමිතෙල් පිළිබඳ අර්බුදයක් ඇතිවිය හැකි බව ද ඒ මහතා ප්රකාශ කළේ ය. මෙරටට ආනයනය කරන ගුවන් යානා ඉන්ධන සඳහා ඩොලර් 15ක් වන අමතර ගෙවීමක් සිදුවන බව ද ඔහු කීවේය.

නුදුරේදීම ඉන්ධන පෝලිම් මෙරට ඇතිවිය හැකි බව ද ඉන්ධන පෝලිම් යුගයකට මෙරට නැවත තල්ලු කරන බව ද ඒ මහතා පැවසීය. 100%ක විශ්වාසයෙන් අදාළ ප්රකාශයන් සිදුකරන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්රකාශ කර සිටි අතර අවශ්ය නම් නැවත CID දමන ලෙස ද ඒ මහතා වැඩිදුරටත් ප්රකාශ කර සිටියේ ය.

ඒ සම්බන්ධයෙන් ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවෙසිස් මොහොමඩ් මහතා ප්රකාශ කළේ, සපුගස්කන්ද පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු අද දිනයේ සිට නතර කළ ද ඉන්ධන අඩුවකින් තොරව බෙදාහැරීමට කටයුතු කරන බවය.

බෙදාහැරීමට අවශ්ය තරම් ඉන්ධන තොග තිබෙන බව ද ඩීසල් දින 12ක කාලයකට ද පෙට්රල් දින 18ක් සහ 20ත් අතර කාලයකට ද ඊට අමතරව ඇණවුම් කළ ඩීසල්, පෙට්රල්, භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන සඳහා ඇණවුම් කළ ඉන්ධන ලංකාවට ලැබෙමින් පවතින බව ද ඒ මහතා ප්රකාශ කළ අතර කෙසේ වෙතත් හිඟයකින් තොරව ඉන්ධන බෙදාහැරීමට කටයුතු කරන බව ද ප්රකාශ කර සිටියේය.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අධික ලෙස වැඩිවීමත් මෙරට සුළු වශයෙන් විදේශ විනිමය අර්බුදයක් පැවතීමත් යන හේතූ මත මෙවැනි වාතාවරණයක් ඇතිවී ඇති බව ද එය සාමාන්ය තත්ත්වයක් බව ද ඒ මහතා ප්රකාශ කළ අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු කොපමණ කාලයක් වසා තබනවා දැයි අවසන් තීරණයකට එළැඹ නැති බව ද ඒ මහතා වැඩිදුරටත් ප්රකාශ කර සිටියේ ය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්