May
5

සනුක තවත් කඩඉමක් පසු කරයි

 
833 Views
   
Sanuka-crosses-another-threshold  

සනුක වික්‍රමසිංහ කියන්නේ තාරුණ්‍යයේ හදවත් ආදරයෙන් දිනාගත් ජනප්‍රිය ගායන ශිල්පියෙක්. නුදුරේදීම සනුක රූකාන්ත – චන්ද්‍රලේකා පවුලට නෑදෑකම් කියන්නට නියමිතයි. ඒ ඔහු රූකාන්ත – චන්ද්‍රලේකාගේ ආදරණීය දියණිය වින්ඩි ගුණතිලක සමග විවාහ වෙමින්. කෙසේවෙතත් පහුගිය කාලේ සනුක අළුත් නිර්මාණ නම් සිදු කළේ නැහැ. නමුත් ඔහු ඔහුගේ ජීවිතයේ තවත් කඩඉමක් පසුගිය දා නිමා කළා. ඒ ඔහුගේ උපාධිය අවසන් කිරීමයි. ඒ පිළිබඳව සටහනකුත් තබමින් සනුක ඡායාරූප කිහිපයක්ද සිය ෆේස්බුක් ගිණුමට එක්කොට තිබුණා.

“මගේ ආච්චි අම්මා, ලොකු මාමා සහ අම්මා තාත්තාගේ සිහිනයක් සැබෑ වුණා. මගේ සංගීත වැඩ කටයුතු නිසා මේ ගමන නොයෙක් අවස්ථාවලදී මඟ නැවතුණා. ඒ හැම අවස්ථාවකදීම මාව දිරිගන්වපු, ආදරණීය ගුරුවරුන් සහ මගේ batch එකේ සහෝදර සහෝදරියන් සියලුදෙනාටත් සහ අනිත් batches වල මට උදව් කරපු අයියලා අක්කලා නංගිලා මල්ලිලා මිතුරන් සියලුමදෙනාට මගේ හදපිරි ස්තූතිය..  ඒ අවුරුදු කිහිපය තුළ මාව රැක බලාගත්ත මල්ලිමාමා සහ චන්දිමා නැන්දාටත් ස්තූතියි..  නම් වශයෙන් සඳහන් කරන්න බැරි තරම් යාලුවෝ පිරිසක් මාත් එක්ක හිටියා, තාමත් ඉන්නවා. ඉතින් මේ ගමනේදී වචනයකින් හෝ නන් අයුරින් මට උදව් කළ හැමෝටම බොහොම ස්තුතියි ආදරෙයි”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්