Nov
27

බිම්බෝම්බ වලින් මුදාගත් ප්‍රදේශ වල ජනතාව නැවත පදිංචියට

 
1261 Views
   
 

තාස්තවාදීන් හිතේ හැටියට බිම් බෝම්බ වලදාලා හමුදාවට බියෙන් අත ඇරලා දාපු උතුරේ ගම්මාන වල තවමත් ඒ බිම්බෝම්බ ඉවත් කිරීම් සිදුවේ. බිම්බෝම්බ ඉවත් කරන කාර්යෙන් පමණක් රජය නතර වූයේ නැත. එලෙස පිරිසිදු කල මුහමාලේ ප්රදේශයේ පමණක් අක්කර 2,186 ක් ඉඩම් වල හිමිකරුවන් වෙත භාර දීමත් සිදු කළා.

ත්රස්තවාදී ම්ලේච්ඡත්වය මනාවට ප්රදර්ශනය කරමින් උතුරේ බිම් වල වලදමා මෙම ප්රදේශ වල ජීවත් වුන ජනතාව ඉවත් කිරීමේ ක්රියාවලිය පහුගිය වසර ගණනාවක් පුරා සිදු විය. ඒ අනුව රජය නැවතත් මේ ප්රදේශ වල ජීවත් වන ජනතාවගේ ජන ජීවිත යතාවත් කිරීම සඳහා , එම බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩ පිළිවෙල සහ ඔවුන් නැවත මෙම බිම් වල පදිංචි කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇත. කිලිනොච්චි දිස්ත්රික්කයට අයත් මුහමාලෛ, ඉත්තාවිල්, වෙම්බට්කර්නි , කිලාලි , අල්ලිප්පිලෛ යන ග්රාමනිළධාරි වසම් වල මෙසේ බිම්බෝම්බ හා පුපුරන ද්රව්ය ඉවත් කෙරිණි.

එම ප්රදේශයේම පුද්ගල නාශක බෝම්බ 87,290 ක් වලදමා තිබිය දී හමු විය. පුපුරා නොගිය බෝම්බ සහ පතරොම් හා අනිකුත් අවිකොටස් 196,985 ක් සොයාගෙන ඇත. මෙසේ පුපුරන ද්රව්ය ඉවත් කළ ප්රදේශයේ පවුල් 270 කට අයත් ඉඩම් යලි එම ජනතාවටම ලබාදීම සිදුවිය.

භූමිය පිරිසිදු කර දීම පමණක් නොව නිවාස 197 ක් යළි ඉදිකර ජනතාවට ලබාදීමද මෙහිදී සිදුවේ. අනෙකුත් පොදු පහසුකම් ද එම ප්රදේශ වල ඇතිකර ඇත. 2009 සිට විදේශ රටවල් වල නියෝජිතයන් සම්භන්ධ කිරීමෙන්, ශ්රී ලංකා යුධ හමුදාව සම්භන්ධ කරගෙන අක්කට 50,000 කට වැඩි ප්රමාණයක් නිදහස් කර දුන් රට පිළිබඳ තවමත් අසන්නට ඇත්තේ අන්තවාදීව කටයුතු කරන දේශපාලන පක්ෂ ගණනාවක් , තවමත් මෙම ප්රදේශ වල බිම්බෝම්බ අයින් නොකර හමුදාව භාරයේ තවමත් තබාගෙන සිටින් බවය.

රජයේ වගා කළහැකි සෑම බිම් අඟලක්ම උතුරේ ජනතාවටත් නැගෙනහිර ජනතාවටත් දෙන බවට ප්රතිඥාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබාදී අවසන්. ඉතිරි වූ අක්කර 3,000 කට ආසන්න 2022 වසරේ නිමකිරීමට තීරණය කර ඇත.

ආරක්ෂා සහිතව තම ගම්බිම් වල නැවතත් පදිංචි වීමට ලැබීම සිහිනයක් සැබෑවීමක් වැනි හැඟීමක් බවත් , මේ තරම් කාලයක් ගොස් හෝ තම උපන් ගම් බිම් වල පදිංචි වීමට ලැබීම පිළිබඳව රජයට හදවතින්ම ස්තූති වන බව පදිංචි වූ ද්රවිඩ ජනතාව පවසයි.

අඩියක් තබා අඩියක් එසවීමට පෙර පුපුරා ගොස් ජීවිත අහිමි වූ ඒ අඳුරු අතීතය ජනතාවට හොඳින් මතකය. මර බියෙන් ගෙවී ගිය ඒ රුදුරු ත්රස්තවාදය හකුලා දමා යලි වසන්තය උදා කර දුන් වත්මන් නායකත්ව දෙපලට මෙහි ගෞරවය නිරායාසයෙන්ම හිමිවිය යුතුය.

රට ජාතිය වෙනුවෙන් ජීවිත කැපකරමින් මේ උදාරතර සේවයට උරදුන් වීරෝධාර රණවිරුවන්ගේ අභීත සේවය වචන වලට පෙරළිය නොහැක.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්