Dec
31

දුෂ්කර වසරක නිමාව – Good Bye 2021

 
1562 Views
   
 

අපි 2021 වසර දෙසට එබී බලමු. එය දැන් සැලකිය හැක්කේ ගෙවී ගිය වසරක් හෙවත් අතීත කාලපරිච්ඡේදයක් හැටියටය. කවුරුත් දන්නා පරිදි එම කාලය අතිදුෂ්කර හා අභියෝගාත්මක මාස දොළහකි. මාසයෙන් මාසයට, එකපිට එක අර්බුද නිර්මාණය විය.

පොහොර ප්රශ්නය නිසා ගොවි උද්ඝෝෂණ ඇති විය. විවිධ විරෝධතා හා වර්ජන නිසා ආණ්ඩුවේ පාඩුව අධික විය. තෙල් මිල ඉහළ ගිය අතර, ගෑස් පුපුරන්නට පටන් ගත්තේය. බඩු මිල ශීඝ්රයෙන් ඉහළ ගියේය. විදේශ විනිමය සංචිත පහළ යෑම නිසා ආනයන සීමා විය. ආණ්ඩුව දිගට හරහට විවේචනයට හසු වූ අතර ඇතැම් දේශපාලන පක්ෂ බොර දියේ මාළු බාන්නට පටන් ගත්තේය.

විදේශ විනිමය සංචිත පහළ යෑම ආර්ථික අර්බුදයට ප්රධාන හේතුවකි. විනිමය සංචිත පහළ ගියේ ප්රධාන හේතු කිහිපයක් නිසාය. විදේශ ණය හා පොලී ගෙවීමට විශාල මුදලක් වැය විය. අපනයන ක්ෂේත්රය දුර්වල විය. සංචාරක කර්මාන්තය කඩා වැටී තිබිණි. විදේශ විනිමය උපයන ප්රධාන මාර්ගයක් වූ විදේශ රැකියා ප්රමාණය අහිමි වී තිබිණි.

කොවිඩ් වසංගතය නිසා විදේශගත ශ්රමිකයන් ආපසු ගෙන්වා ගැනීමට සිදු විය. මේ තත්ත්වය මත ආර්ථිකයේ සලිත වීමක් දක්නට ලැබිණි. එක අතකින් බලන විට එය ලෝකයට පොදු තත්ත්වයකි. වසංගතය නිසා ලොව දුප්පත් රටවල ආර්ථිකය කම්පනයකට ලක් වී ඇත. එයින් ගොඩයන මාර්ගය එම රටවල්ම සොයාගත යුතුව තිබේ. අපේ රට කොවිඩ් නිසා වසා දමන විට විවෘත කරන්නැ’යි විරෝධතා මතුවිය.

රට විවෘත කරන විට වසා දමන්නැ’යි විරෝධතා මතුවිය. ආණ්ඩුව මුලදී මේවාට සවන් දුන්න ද පසුව ප්රතිපත්තියකට හා සැලසුමකට අනුව දිගටම ක්රියා කරන්නට පටන් ගත්තේය. එහි ප්රතිඵලයක් ලෙස කොවිඩ් පාලනය කර ගැනීමට හැකි විය. එන්නත්කරණ වැඩසටහන ඉතා සාර්ථක බව ලෝක සෞඛ්ය සංවිධානය පවා පිළිගනී. ජනගහනයෙන් 85%කට එන්නත් මාත්රා දෙකම දීමට ශ්රී ලංකාව සමත් වී ඇත.

දැනට ක්රියාත්මක වන්නේ තුන්වන එන්නත් මාත්රාව දීමය. කොවිඩ් පාලනය අතින් ලෝකයේ දියුණුම රාජ්යයන් සමඟ සමපාත වන්නට අපට හැකියාව ලැබී ඇත. බඩු මිල ඉහළ ගියත් කොවිඩ් පාලනය අතින් අප අත්කරගෙන ඇත්තේ සුවිශේෂී ජයග්රහණයකි. කළු වලා මැදින් රිදී රේඛා දුවන කතාවක් අපි අසා ඇත්තෙමු. සියල්ල අවාසනාවන්ත ලෙස නිමාවට පත්වන්නේ නැත. සයිනොෆාම් එන්නත් සඳහා ශ්රී ලංකාව මෙතෙක් වැය කර ඇති මුදල බිලියන අසූපහකි. එය නැවත ශ්රී ලංකාවට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර ඇත.

මේ අතර සෞදි සංවර්ධන අරමුදල ශ්රී ලංකාවේ ග්රාමීය සංවර්ධනය සඳහා සහයෝගය දැක්වීමට පොරොන්දු වී තිබේ. චීන මහ බැංකුව මේ සතිය තුළ ශ්රී ලංකාවට හුවමාරු ණයක් දීමට නියමිතය. අපේ අපනයන ආදායම් කෙමෙන් වර්ධනය වන අතර සංචාරක කර්මාන්තය හිස ඔසවන්නට පටන්ගෙන තිබේ. දුෂ්කර කාලපරිච්ඡේදයක නිමාව සටහන් කරන්නට පුළුවන් පරිසරයක් ගොඩ නැඟෙමින් පවතී.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්