Mar
10

” සමහර පිරිමි ලමයි ඉන්නවා මට කැමැත්තෙන්, හැබැයි කවදාවත් එයාලා මගින් ආදරෙයිද කියලා අහන්නේ නැහැ ” යුරේනි නොෂිකා

 
2161 Views
   
 

ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න කැපී පෙනෙන චරිතයක් තමයි යුරේනි නොෂිකා කියලා කියන්නේ. ඇත්තෙන්ම ඇය මෙරට දක්ෂ නිරූපිකාවක් ලෙස වගේම රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනු ලබනවා. කොහොම නමුත් යුරේනි කියල කියන්නේ සිය විලාසිතාවන් නිසාවෙන්ම කාලයෙන් කාලයට මෙරට ජනයා අතර නිරන්තරයෙන් කතාබහට ළක්වන චරිතයක්. ඉතින් එලෙස නිරන්තරයෙන් කතා බහට ලක්වෙන මේ ජනප්‍රිය චරිතය සමගින් තමයි අද අපි මේ විදිහට කතා කරන්න යන්නේ

යුරේනි කියල කියන්නේ නිරන්තරයෙන්ම කට කතා හැදෙන ජනප්‍රිය චරිතයක්. ඉතින් ඒ ගැන ඔබට හිතෙන්නේ මොකක්ද ?

ඇත්තටම ඒ දේවල් වලට මට හිනා යනවා. මම සමාජය කියන දේවල් එක කනකින් අහලා අනෙක් කනින් පිට කරන කෙනෙක්. මම ඒ දේවල් ගණන් ගන්න කෙනෙක් නෙවෙයි. අනික මම හිතන්නේ මේ ජීවිතයේ නින්දා ප්‍රශංසා දෙකම අපිට ලැබෙන්න ඕනේ. ඒ නිසාම මම ඔය දෙකටම මගේ මනස හදාගෙන ඉවරයි. මිනිස්සු අපිව අගය කරන කොට අපි සතුටු වෙනවා වගේම අපි ප්‍රතික්ෂේප කරන කොටත් අපි සතුටු වෙන්න ඕන

ඇත්තටම යුරේනි කියල කියන්නේ බොහෝම සුන්දර තරුණියක්. ඉතින් ඔබට පිරිමි ළමයින්ගේ ආදර ප්‍රකාශ එහෙම ලැබෙන්නේ නැද්ද ?

ඇත්තටම මට පිරිමි ළමයින් ගෙන් ආදර ප්‍රකාශ එනවා හරිම අඩුයි. සමහර පිරිමි ලමයි ඉන්නවා මට කැමැත්තෙන්. මම ඒ ගැන දන්නවා. හැබැයි කවදාවත් එයාලා මගින් ආදරෙයිද කියලා අහන්නේ නැහැ. මම අහන්නෙත් නෑ ඉතින්

කෙසේවෙතත් මේ විදිහට අදහස් දක්වන ඇය ඇත්තටම නිරහංකාර චරිතයක්. ඒ වගේම ඇය ලෝකෙට බම්බු ගහගන්න කියා තමන්ගේ ජීවිතය රිසිසේ විදින කෙනෙක් වගේම කියන්න තියෙන දෙයක් මුහුණටම කියන කෙනෙක්. ඉතින් මේවෙද්දී ඉතාමත් සුන්දර ජීවිතයක් ගතකරන යුරේනිට ඇගේ සියලු බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්