Feb
15

” මට ලැබෙන චරිතයේ පිටපත අනුව ඊට උපරිම සාධාරණයක් මම කරනවා ” ජනප්‍රිය රංගන ශිල්පිනී ශිරෝමිකා ප්‍රනාන්දු

 
697 Views
   
 

ශිරෝමිකා ප්රනාන්දු කියල කියන්නේ මේවෙනකොට ලාංකීය ජනයා අතර අතිශය ජනප්‍රියත්වයට පත් සුවිශේෂ චරිතයක්. ඇත්තෙන්ම රංගනය තුළින් හාස්‍ය ඉස්මතු කරවමින් සිය ප්‍රේක්ෂක ආකර්ෂණය හිමිකරගෙන ඉන්න ඇයව අපට මෙරට කලා කෙත පෝෂණය කරන ප්‍රවීණ රංගන ශිල්පිනියක ලෙස හදුන්වන්න පුලුවනි. කොහොම නමුත් රංගන ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් ඇයට වේදිකාව, පුංචි තිරය මෙන්ම සිනමාව තුළ විවිධ චරිත නිරූපණය කරමින් ප්රේක්ෂක ආකර්ෂණය හිමිකර ගැනීමට හැකිව තිබෙනවා

කොහොමහරි ඉතින් වේදිකාව ඔස්සේ කලාවට පිවිසෙන ශිරෝමිකා මේවෙනකොට අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන කලාකාරිනියක් කිව්වොත් නිවැරදියි. කොහොම නමුත් මේ ප්‍රවීණ රංගන ශිල්පිනියගේ කලා දිවිය ගැන කතා කරනවානම් ඇගේ පළමු රංගන අත්දැකීම වෙන්නේ පානදුර යොවුන් සමාජය නියෝජනය කරමින් ඉස්කෝලේ කෙටි නාට්‍යය තරගයට සහභාගීවීමයි. කෙසේවෙතත් පසුගිය දිනක පුවත්පත් මාධ්ය සාකච්ඡාවක් හා එක්වෙමින් ඇය කියා තිබුනේ පසුගිය කාලය රටට මුහුණ දීමට සිදු වූ තත්වය හමුවේ කලා කටයුතු බොහෝ සේ කඩා වැටුණා කියලයි

ඒ වගේම පසුගිය වසරේ හරියට ටෙලිනාට්ය වල අවසන් අදියර සිදු කර ගැනීමට නොහැකි වූ බවයි ඇය කියා සිටියේ. කොහොම නමුත් ඇය හාස්ය උත්පාදක වෙන කටයුතු සිදුකිරීම ගැන පුවත්පත් සාකච්ඡාව අතරතුර අදහස් දක්වමින් කියල තිබුනේ තමන්ට ලැබෙන චරිතයේ පිටපත අනුව ඊට උපරිම සාධාරණයක් ඉටු කරමින් ප්රේක්ෂකයාව සතුටට පත් කරන්නට හැකිවන සේ උපරිමයෙන් රංගනයේ යෙදෙනවා කියලයි

ඉතින් මේ විදිහට අදහස් දක්වපු ශිරෝමිකා ප්රනාන්දු මහත්මිය කියන්නේ තමන් හාස්යමය රංගනයට නැඹුරු වුණේ තරුණ වයසේදී බවත් හාස්යමය රංගනය පැත්තෙන් පමණක් නොව එයින් ඔබ්බට වූ රංගන කටයුතුවල නිරතවීමටත් හැකියාව ලැබුණා කියලයි. මේ අතර තමන් රංගන ජීවිතය පිළිබඳ තෘප්තිමත් බව කියන ඇය කියන්නේ තමන් කලා ක්ෂේත්රය තුළ වැඩ නැහැ කියා පැත්තකට වී සිටි කලාකාරිනියක් නොවන බවත් තමන්ට ලැබුණු සෑම චරිතයක්ම මේ වන විට ඉතාමත් හොඳින් සිදුකල ඇති බවත්ය

කොහොමහරි මේ විදිහට අදහස් දක්වපු ඇය අවසාන වශයෙන් කියා සිටියේ තමන්ගේ ආදරණීය ස්වාමිපුරුෂයා පවා තමන්ට හමුවූයේ මේ රංගන ජීවිතේ නිසාවෙන් කියලයි. ඉතින් මේ නිසා රංගන ජීවිතේ ආ ගමන් මග පිළිබඳ තමා ඉතාමත් සතුටු වන බවයි ඇයනම් කියන්නේ. ඉතින් මේවෙද්දී ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන ඇයට ඇගේ ඉදිරි වැඩකටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල අපිත් හදවතින්ම සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්