Sep
20

ගෝඨාභය ගෝඨාභයම විය යුතුය

 
732 Views
   
 

2021 දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 12.3% කින් වර්ධනය වී ඇත. මේ සඳහා වැඩිම දායකත්වයක් ලැබී ඇත්තේ කෘෂිකාර්මික (8.1%), නිෂ්පාදන (22.1%) සහ සේවා (7.5%) යන ත්‍රිත්වයෙනි. 2020 වසරේ අදාළ කාලයට වඩා වැඩි ආදායමක් 2021 දෙවැනි කාර්තුවේදී ලැබෙමින් පවතින බව මෙහි දළ අදහසයි. දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කළ ඉහත දත්ත දෙස බැලූ විට අපට පෙනී යන්නේ ශ්‍රී ලංකාව නමැති දුම්රිය තවමත් පණ ගැන්විය හැකි ප්‍රධානම ඉන්ධන වර්ගය නම් ‘නිෂ්පාදන ආර්ථිකය’ යන්නයි. කො විඩ් ව්‍යාප්තිය මගින් දණ ගැස්සූ ආර්ථිකය කෙමෙන් කෙමෙන් මෙසේ හිස එසවීම සතුටු විය හැකි කාරණාවකි. නමුත් ව්‍යාපාරික ලාභ ඉපයීම් සමස්ථයක් ලෙස ඉහළ යනු ඇත්තේ කල් මරමිනි.

රට තුළ සියල්ල නිෂ්පාදනය කළ නො හැකි යැයි මොර දෙන ආර්ථික ඔස්තාර්ලා සහ බාහිර බලපෑම් කණකට නොගෙන, රටට ගැළපෙන ආකාරයට ‘හිතුවක්කාර’ ගමනක යෙදුණොත් ඇතැම් විට මහින්ද රාජපක්ෂ රජය විසින් යහ පාලන ආණ්ඩුවට භාර දුන්නාටත් වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් කරා ශ්‍රී ලංකාව ගෙන යාමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට හැකි වනු ඇත. නමුත් ඒ සඳහා ඔහුගේ ‘සියල්ලන්ටම සවන් දීම’ සහ ‘ප්‍රජාතන්ත්‍රවාදය’ යම් තාක් දුරකට අඩු කරගත යුතුව ඇත.

ශ්‍රී ලංකාව දියුණු කිරීමට අවශ්‍ය ලී ක්වාන් යූ මොඩලයක් බව මම තවමත් විශ්වාස කරමි. ගෝඨාභය රාජපක්ෂ එයට ගැළපෙනම පුද්ගලයායි. නමුත් ආරක්ශක ලේකම් සිට ජනාධිපති දක්වා ආ ගමන ඔහුව පෙර සිටියාට වඩා තැම්පත් සහ නම්‍යශීලී ස්වභාවයකට ගෙනවිත් ඇත්දැයි බි යක් නිරන්තරයෙන් ඇතිවන්නේ ඔහු විසින් විපක්ෂයේ මැටි වැඩ කෙරෙහි දක්වන මටසිළුටු ප්‍රතිචාර නිසායි. ආර්ථික වර්ධන වේගය කෙමෙන් කෙමෙන් ඉහළ නගින විට, පාස්කුවේ චුදිතයන්ට, කිසිම ආණ්ඩුවකින් අත නො තැබූ ප්‍රබල පෙළේ හාල් ජාවාරම්කරුවන්ට සහ ආණ්ඩුවේ පෙරහැරට කොටන් ඇද්ද අලින්ට පවා නීතිය ක්‍රියාත්මක කරන විට, අධිකරණයට ඇඟිලි නො ගසන විට, අමාත්‍ය මණ්ඩලයට තමන්ගේ පුටුව මත හරි බරි ගැහීම්වලට ඉඩ නොදෙන විට ඇතිවන සිහින් ප්‍රීතිය ඉරි තලා යන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ඔන්න ඔය ගතිය මතක් වී ය. නමුත් ගත වූ මාස 22 තුළ රටට අහිතකර දෙයක් ඔහුගෙන් වී නැ ති නිසා ඒ හැඟීම වැඩි දුර දුවන්නේ නැ ත.

මාස කිහිපයක් ඔඩු දිවූ වර්ජන වසංගතය මැද බොහෝ දෙනෙකුගේ අදහස වුණේ ගෝඨාභය විසින් රණසිංහ ප්‍රේමදාස ගේ මොඩලය අනුකරණය කර ජෝසෆ් ස්ටාලින්ට සහ රවී කුමුදේශ්ට (එය ඔහුගේ සැබෑ නම නො වේ) නිසි ප්‍රවාහන පහසුකම් සපයා දී මෙම වර්ජනය මැඩලිය යුතු බවය. නමුත් එසේ කළානම් මේ මොහොතේ පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට පහර දීම සඳහා අප විසින්ම ඔවුන්ට ආයුද ලබා දීමකි. වර්ජන පසුපස සිටි දේශපාලන හස්තයන්ගේ උවමනාවත් එයම බව මම කලිනුත් සඳහන් කර ඇත. ආණ්ඩුවේ වතුර බවුසර් තබා අහසින් වැස්සක්වත් නොවැටුණු ඒ වර්ජනවලට සහභාගී වූ ගුරු සංගම් දැන් සාකච්ඡාවලට එඟතාවය පළ කර ඇත. මානවහිමිකම් සැසිවාරය ආරම්භවන තෙක්ම ඒ සඳහා ගැටළුවක් නිර්මාණය කිරීමට ගත් උත්සාහය ව්‍යවර්ථ වීමෙන් පසු ඔවුන් මෙසේ කරන්නේ පය ගසා සිටින අත්ත හෝ රැකගැනීමටය.දැන් කො විඩ් ම ර ණ අනුපාතය අඩුය. ආර්ථිකයද වර්ධනය වෙමින් පවතියි. ගෝඨාභය ප්‍රේමදාසව අනුකරණය කර නො මැති නමුත් වර්ජනකරුවන්ගේ රැස්ද ආ ගිය අතක් නො මැත. පාඨලීලාගේ හෙංචයියන් ලියුම් ලියා බොරු නො කියන්නට මානව හිමිකම් සැසිවාරයද අපට මෙතරම් පීඩා නො දෙන්නට ඉඩ තිබුණි.

ජනාධිපති ලෙස පත් වී වසර දෙකක්වත් ගත වී නො මැතිවත් ගෝඨාභය තවමත් ‘දේශපාලනඥයෙක්’ නො වීම විශාල සැනසිල්ලකි. වර්තමානයේ මිනිසුන් හුරු වී සිටින බයි-ටොයි දේශපාලනයට එය නො ගැළපුණද, තව වසර 10-20 ක් ගිය තැන මේ රට තිබිය යුතු තැනට ගෙන යාම සඳහා අවශ්‍ය විනය ගෝඨාභයව දේශපාලනීකරණය කිරීමෙන් නැති වී යා හැකි නිසා ගෝඨාභය තව දුරටත් ගෝඨාභය ලෙසම හිඳීම රටේ ඉදිරි ගමනට අත්‍යාවශ්‍යම කරුණකි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්