Feb
21

” අවංකවම සුබ පැතුම් එකතු කළ අයටත් හැමදාමත් අහේතුව මාව විවේචනය කරන සර්වසම්පූර්ණ අයටත් ස්තූතියි” දනුක සමගින් විවාහවු පියුමි කියන කතාව

 
33655 Views
   
 

මේවෙද්දී ලංකාවේ හැමෝම වගේ ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි පියුමි බොතේජු කියන්නේ. විවිධාකාර නිර්මාණ තුළින් මෙරට රංගන ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් චරිතයක් හැටියට අපට පියුමිව හදුන්වන්න පුලුවන්. කොහොම නමුත් පබා කතා මාලාවෙන් අතිශය ජනප්‍රියත්වයට පත් ඇය සතුව දඩබ්බර මෙන්ම සුන්දර පෙම්වතියගේ චරිත හරි අපුරුවට නිරුපණය කිරිමේ හැකියාවක් තිබෙනවා. ඒ විතරක් නොවෙයි මේවෙද්දී ඇයව අපට හාස්‍ය දනවන චරිත ඔස්සේද දැකගන්නට ලැබෙනවා

කොහොමහරි ඉතින් සුවිශේෂ වු රංගන හැකියාවකින් සමන්විත ඇයව අපට මේඩි සිනා, පැහැසර, වැනි බොහෝ ටෙලි නාට්‍ය හරහා දැකගන්නට ලැබුණා. මේ අතර ඇයව වර්තමානයේ දැකගන්නට ලැබෙනුයේ ගයාන් ගුණවර්ධනගේ අලුත්ම මියුසික් වීඩියෝව හරහායි. කෙසේවෙතත් ටෙලි නාට්‍යය සදහා පමණක් නොවෙයි ඇය සිනමා චිත්‍රපට රැසක් සදහාද සිය රංගන දායකත්වය ලබදී තිබෙනවා. එලෙස පියුමි සිය රංගන දායකත්වය ලබාදුන්නු සිනමා චිත්‍රපට කිහිපයක් හැටියට රන්ජා, සුහදකොකා ,මගේ යාලු මාළු වගේ චිත්‍රපට හදුන්වන්න පුලුවනි

කෙසේවෙතත් එලෙස කලාව තුළින් නිරන්තරයෙන් අපට දැකගන්නට ලැබුණු ඇයව අපට වර්තමානයේදීනම් වැඩිය නිර්මාණ තුළින් දැකගන්නට ලැබෙන්නේ නැහැ. ඊට හේතුව වෙන්නේ වර්තමානයේ ලොව පවතින වසංගත තත්වය හේතුවෙන් චිත්‍රපට නිෂ්පාදනය තරමක් අඩුවීමයි. කොහොම නමුත් 2001 ලක් හඩ ITN අවුරුදු කුමාරි තරගයෙන් කිරුල හිමි කරගනිමින් කලා ක්ෂේත්‍රයට පිවිසි පියුමි බොතේජු මේවෙනකොට කලාව තුළ ඉතාමත් සුවිශේෂ ගමනක් ගමන් කරනවා. ඒ බව නොරහසක්

කොහොමහරි ඉතින් මේවෙනකොට තනිකඩ දිවියක් ගත කරන පියුමි ගැන කතා කරනවානම් ඇය මීට පෙර විවාහවෙලා හිටපු කෙනෙක්. නමුත් සිය විවාහ ජීවිතයේ ඇතිවූ යම් කිසි අවුල් සහගත තත්ත්වයන් නිසා විවාහ වලට සමුදීලා ඇයබ්මේ වෙද්දි ආදරණීය අම්මයි තාත්තයි එක්ක ජීවිතය ගත කරනවා. කෙසේවෙතත් ජනප්‍රිය රංගන ශිල්පිනියක වන පියුමි ගැන පසුගිය කාලයේ මෙරට ජනයා අතර විශාල කතාබහක් ඇතිව තිබුණා. ඊට හේතුව වෙන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන ධනුක දිල්ශාන් සමග එක්ව ඇය මනාලියක ලෙස සැරසී කළ ලස්සන ෆොටෝශූට් එකක්

කොහොම නමුත් ඔවුන් දෙදෙනා එලෙස ලබාගත් සුන්දර ජායාරූප කිහිපයක් ඔවුන් ඔවුන්ගේ සමාජ ජාලා මාධ්‍ය ගිනුම්වලටත් එක්කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. ඉතින් මේ පින්තූර තමන්ගෙ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කරද්දී හැමෝටම කියන්න බැරි උනාට සොරි අපි බැන්දා ලෙස හැඟෙන අදහසක් ද ඊට එකතු කර තිබුණා. ඇත්තෙන්ම එලෙස එක්කළ ජායාරූප දැකපු ප්‍රේක්ෂකයන් පිරිසක් මේ දෙදෙනාටම හදවතින්ම සුබ පැතුම් එක්කර තිබුණා

ඒ විතරක් නොවෙයි ඔවුන්ගේ මේ ජායාරූප දැකපු තවත් පිරිසක් ඔවුන්ව විවේචනය කරලත් තිබුණා. ඉතින් මේ සියලු දෙනාටම දන ගැනීම පිණිස පියුමි අපුරු සටහනක්ද මේ විදිහට පල කිරීමටයි කටයුතු කර තිබුනේ. එලෙස සටහනක් පළ කරමින් ඇය කියා සිටියේ මෙහෙම කතාවකුයි. ” මේ පින්තූර දැකපු බොහෝ දෙනෙක් හිතුවේ මම විවාහ වුණා කියලා. ඉතින් ඒ සඳහා අවංකවම සුබ පැතුම් එක් කළ හෝ මට හැමදාමත් අහේතුව මාව විවේචනය කරන අනිකුත් සර්වසම්පූර්ණ අයටත් ස්තුතියි.” කියලයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්