Mar
14

” මට කරාටේ කරලා පෙන්නන්න කියල සමහරු කියනවා, මම පොඩි වැඩක් දෙකක් දාලා පෙන්නනවා” පාරදිගේ ආන්‍යා දේශානී නෙහාරා

 
940 Views
   
 

මේ දිනවල මෙරට විකාශය කෙරෙන ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකරගෙන තිබෙන ටෙලි නිර්මාණයක් තමයි ” පාර දිගේ ” කියල කියන්නේ. ඇත්තෙන්ම මෙම ටෙලි නිර්මාණයට අපි හැමෝම වගේ ආදරය කරන ප්‍රවීණ කලා කරුවන් රැසක් වගේම නවක ශිල්පීන් රැසක් සිය රංගන දායකත්වය ලබා දෙනවා. ඉතින් මේ දිනවල මෙරට ජනයාගේ සුවිශේෂ අවධානයක් හිමිකරගෙන ඉන්න පාර දිගේ ටෙලි නාට්‍යයේ අතිශය ජනප්‍රියත්වයට පත් චරිතයක් තමයි ආන්‍යා කියල කියන්නේ

කොහොමහරි ඉතින් මේ ආන්‍යා කියන චරිතයට සිය රංගන දායකත්වය ලබා දෙන්නේ මෙරට නවක රංගන ශිල්පිනියක්. ඇය තමයි දේශානි නෙහාරා. ඇත්තෙන්ම දේශානී සතු රංගන හැකියාව නිසාවෙන්ම මේවෙද්දී ආන්‍යා කියන චරිතය හරහා ඇයට ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් අද අපි සූදානම් වෙන්නේ මේ දිනවල හැමෝගෙම වගේ ආදරය දිනාගෙන ඉන්න ඇයත් සමගින් කතා කරන්න

පාර දිගේ ටෙලි නාට්‍යයේ ආන්‍යා කියන චරිතය ඔස්සේ දැකගන්නට ලැබෙන ඔබ නිලියක් වෙන්න හිතුවේ ඇයි ?

ඇත්තටම කියනවනම් මට යමක් කමක් තේරෙන කාලේ ඉඳලම කැමතියි රංගන ශිල්පිනියක් වෙන්න. ඒ වගේම මම ගුවන් සේවිකාවක් වෙන්නත් ගොඩක් ආසා කළා. හැබැයි වැඩියෙන්ම ආසා කලේ රංගන ශිල්පිනියක් වෙන්න. ඒ වගේම මම නර්ථනයත් ඉගන ගත්තා

ඔබ කරාටේ ක්‍රීඩාවට ගොඩාක් දක්ෂයි කියල කියනවා. ඒක ඇත්තක්ද ?

ඔව් ඔව්. මගේ වැඩ පෙන්නලා සමහර අය බය කරලත් තියෙනවා. සහමර අය කරාටේ කරලා පෙන්නන්න කියනවා, ඒ වෙලාවට මම පොඩි වැඩක් දෙකක් දාලා පෙන්නනවා. ඒවා දැක්කම කට්ටිය කියනවා අම්මෝ මෙයාගෙන් නම් පරිස්සම් වෙලා ඉන්න ඕන කියලා

දේශානී නෙහාරා කියන ඔබ ආන්‍යා වෙන්නේ කොහොමද කියල කිව්වොත් ?

ඒක ඇත්තටම අහම්බයක්. මම නිරූපන ක්‍ෂේත්‍රයේ ඉන්න කාලේ රඟපාන්න අවස්ථාවක් ලැබේවි කියලා බලාගෙන හිටියා. එහෙම ඉද්දි තමයි ජාන්වි අප්සා නංගිගෙ අම්මයි තාත්තයි මීට් වුනේ. ඒ දෙන්නා තමයි මාව චාමර සමරවික්‍රම අයියට මුණගස්සලා මේ චාන්ස් එක අරන් දුන්නේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්