Jan
25

විදුලි කප්පාදුව ගැන අලුත්ම තීරණය

 
574 Views
   
The latest decision on power cuts  

ප්‍රමාණවත් තරම් ඉන්ධන ලැබී ඇති බැවින් ජනවාරි මස 27 වනදා තෙක් විදුලිය කප්පාදුවක් සිදුනොකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

මේ පිළිබද වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා,

“පවත්නා ඉංධන තොග හා ඒ්වා බලාගාරවලට ලබාදීය හැකි දිනයන් පිළිබඳ තොරතුරු ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉල්ලා තිබෙන අතර ලබන 27 වැනිදා නැවතත් විදුලි කප්පාදු යෝජනාව පිළිබඳ සමාලෝචනයක් කෙරෙනු ඇත. මේ මස අග වන විටදී බොර තෙල් තොගයක් මෙරටට ලැබීමට නියමිත අතර පිරිපහදු කටයුතු ඇරඹීමෙන් අනතුරුව දැවි තෙල් හා නැෆ්තා ඉන්ධන මඟින් ජනන කටයුතු කරන බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලැබෙනු ඇති. එසේම දැනට අලුත්වැඩියා කෙරෙමින් පවතින නොරෝච්චෝලේ බලාගාර 3 වන ඒකකය මේ මස නිමාවීමට ප්‍රථම නැවත විදුලි ජනනය ආරම්භ කිරීමටද නියමිතයි. ඒ අනුව අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විශ්වාසය පළ කරනවා. මීට අමතරව ගල් අගුරු හා අනෙකුත් ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය විදේශ විනිමය සොයාගැනීම සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිතුමා සමගත් සාකච්ඡා කළා. ඉදිරියේදී මේ විදේශ විනිමය ගැටලුවත් විසදෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”

“මේ අතර විදුලි අර්බුදයට කෙටිකාලීන හා මැද කාලීන විසදුම් ගණනාවක් ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිර්දේශ කර තිබේ. විදුලි පාරිභෝගික ජනතාවගේ සහාය ඇතිව කඩිනම් විදුලි සංරක්ෂණ වැඩපිලිවෙලක් හරහා විදුලි ඉල්ලුම අඩුකිරීම කෙටිකාලින යෝජනා අතර වනවා. මීට අමතරව මැදකාලීන විසඳුමක් ලෙස රාජ්‍ය ආයතන හා පුද්ගලික අංශය සතු ජනන යන්ත්‍ර ඵලදායී ලෙස භාවිතයට ගැනීම සඳහා ද දැනටමත් පියවර ගෙන තිබේ. විවිධ ආයතන සතුව මෙගා වොට් 3,000කට වැඩි ධාරිතාවයක් සහිත විදුලි ජනක යන්ත්‍ර භාවිතා වන අතර මෙවැනි විදුලි හිඟ අවස්ථාවලදී එම විදුලි ජනන යන්ත්‍රවලින් කාර්යක්ෂම ලෙස විදුලිය සපයා ගැනීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වාදීමට නියමිතයි. එසේම ඉදිරීයේදී මෙවැනි ජනන යන්ත්‍ර ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳව ද අධ්‍යනය කෙරෙමින් පවතී. සුර්යබල පද්ධති හා සුළං බල පද්ධති කඩිනමින් සවිකල යුතු බවටද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්