Feb
3

ඇඳුමක් නිසා බාලිකා පාසලක් උණුසුම් වෙයි

 
1441 Views
   
A girls' school gets hot because of a dress  

සම්පූර්ණයෙන් ශරීරය වැසෙන ආකාරයේ ඇඳුමකින් සැරසී බාලිකා පාසලකට පැමිණි ගුරුවරියක් නිසා (02) එම පාසලේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණි.

ස්ථාන මාරුවක් ලබා රාජකාරියට වාර්තා කිරීම සඳහා අදාළ ගුරුවරිය පැමිණ තිබූ අවස්ථාවේ මෙම සිද්ධිය ඇතිවී තිබේ.

සිද්ධිය ඇතිවී තිබුණේ ත්‍රිකුණාමලය ශන්මුගා හින්දු බාලිකා විද්‍යාලයේය.

එම අවස්ථාවේදී ගුරුවරියගේ ඇඳුම සම්බන්ධයෙන් විදුහලේ කාර්යමණ්ඩලය ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබුණි.

එහිදී බහින්බස්වීමෙන් පසු අදාළ ගුරුවරිය තමාට පහරදුන් බව පවසමින් පාසලේ විදුහල්පතිවරිය රෝහල්ගත විය.

පසුව මෙම සිද්ධියට විරෝධය පළ කරමින් එම පාසලේ සිසුවියන් සහ ඔවුන්ගේ මව්පියන් උද්ඝෝෂණයක් ආරම්භ කළ අතර අදාළ ගුරුවරිය පසුව කලාප අධ්‍යාපන කාර්යාලය වෙත මාරුකිරීමට පියවර ගැනුණි.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්