Sep
16

වැටුණු තැනින් නැගිටිමු ශ්‍රීලංකා

 
628 Views
   
 

සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමේ වැඩපිළිවෙළ යටතේ කටුනායක ගුවන්තොටුපොළ ආශ්‍රිතව පිහිටුවන ලද PCR පරීක්ෂණාගාරය සැප්තැම්බර් 20 දා විවෘත කිරීමට නියමිතයි. පැයකට PCR පරීක්ෂණ 500ක් බැගින් දිනකට PCR පරීක්ෂණ 7,000 ක් මෙහි සිදුකිරීමට නියමිතයි. ඒ අනුව පැය තුනක් ඇතුලත ප්‍රථිඵලය නිකුත් කල හැකි අතර සාම්පල් ලබා දුන් විදේශිකයන් හට මෙම ස්ථානයේ රැදී සිටිමින් PCR වාර්තාව රැගෙන, සම්පූර්ණ එන්නත්කරණයට යොමු වූ අයෙකු නම් සමාජ ගත වීමට හැකියාව ඇත.

මෙම ක්‍රමය විශේෂයෙන්ම සංචාරකයන් සඳහා පමණක් ක්‍රියාත්මක වන අතර මේ සඳහා මුදල් අය කිරීමක් සිදුකරනු ලබයි. මෙය සිදුකිරීමත් සමග සංචාරකයන් මෙරටට ඇතුල්වීම පිලිබඳ සමාජය තුළ පැතිර යන බොරු ප්‍රචාර ශුන්‍ය වන අතර ඔවුන්ගේ පැමිණීම පිලිබඳ අනියත බියක් ඇති කර ගත යුතු නැ ත. වසර දෙකකට ආසන්න කාලයක් සංචාරක කර්මාන්තය විශාල පසුබෑමකට ලක් වූ අතර කොරෝනා වසංගතය ලොව පුරා පැතිරීමත් සමග සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධ සියලු අංශ කඩාවැටීමට ලක්විය.විශාල ප්‍රමාණයකට රැකියා අහිමි විය.මෙය දැඩි ලෙස ආර්ථිකයට බලපෑමක් ඇති කරන ලදී. කොරෝනා හමුවේ එන්නත්කරණය වේගවත් ලෙස සිදුවීමත් සමග රටේ ජනතාවගෙන් අඩකට එන්නත් ලබාදී අවසන් වන මේ මොහොතේ නැවතත් ජාතියක් ලෙස හිස එසවීමට හැකිවීම පිලිබඳ සිතට දැනෙන්නේ නිහතමානී සතුටකි.

මේ අනුව රටේ සංචාරක ක්ෂේත්‍රය මෙන්ම ඒ හා සම්බන්ධ අනිකුත් ක්ෂේත්‍රයන්ද වැටුණු තැනින් ගොඩ ගැනීමට රජය ගන්නා වූ සියලු වැඩපිළිවෙළ සාර්ථක වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු…!!! (රෂිකා සඳමාලි හෙන්නායක)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්