Dec
26

“ජනවාරි ඉඳලා ගෙවත්තේ මොනවා හරි හිටවා ගන්න” – ඇමති බන්දුල

 
885 Views
   
 

ජනවාරි මාසයේ සිට තම තමන්ගේ ගෙවත්තේ කුමන හෝ බෝග වර්ගයක් වගා කරන ලෙස වෙළෙඳ අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මාධ්ය වෙත අදහස් දක්වමින් අමාත්යවරයා ඊයේ (25) මේ බව පැවසීය. අමාත්යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, ඒ සඳහා කඩිනම් වගා සංග්රාම වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට යෝජනා කර ඇති බවය.

“සෑම නිවසකම වගේ මිරිස් පැල කිහිපයක්, බටු පැලයක්, නිවිති වැලක් මේ වගේ කෙටි කලකින් ඵල ලබා ගන්න පුළුවන් දේ ලබා දීම සඳහා අපි යෝජනා කරලා තියෙනවා කඩිනම් වගා සංග්රාම වැඩපිළිවෙළක් ආරම්භ කරන්න කියලා. මේ ජනවාරි ඉඳන්වත් තම තමන්ගේ ගෙවත්තේ පවා මොනවා හරි සිටවා ගන්න. මොකද දෙවන ලෝක යුද්ධ කාලෙදීත් මේ තරම්ම විශාල අර්බුදයක් තිබුණේ නැතත් ඉතා විශාල ආහාර හිඟයක් ඇති වුණා.”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්