ගිනි ගත් එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා, ප්‍රධාන ඉංජිනේරුවරයා සහ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයා රටින් පිටවීම වළක්වාලමින් කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මේ අතර, අදාළ නෞකාවට එය මුදා ගැනීම සඳහා පැමිණි සමාගමේ කිමිදුම්කරුවන් 3 දෙනෙකු ගොඩ වී නිරීක්ෂණයක නිරත වූ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සදහන් කළේ.
එමෙන්ම ජලය කිඳා බැසීම හේතුවෙන් නෞකාවේ පසුපස කොටසේ සුළු පහළ යාමක් දක්නට ලැබෙන බව ද නාවික හමුදාව කියා සිටියා.